ලොව ප්‍රථම මගී ඩ්‍රෝන් යානාව (Passenger Drone) | සිළුමිණ

ලොව ප්‍රථම මගී ඩ්‍රෝන් යානාව (Passenger Drone)

 ඩ්‍රෝන් එකක් කියන්නේ මොකක්ද කියල දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න උවමනාවක් නැහැ. ඕන කෙනෙක් මේ ගැන දන්නවා. ලෝක ප්‍රසිද්ධ ඇමසන් (Amazon) වැනි සමාගම් තම භාණ්ඩ බෙදාහැරීම සඳහාත් දැන් ඩ්‍රෝන් යානාවන් යොදා ගන්නා බව සඳහන් වනවා. ඊට අමතරව දැන් බොහෝ රටවල් ඩ්‍රෝන් ලියාපදිංචි කිරීමට පටන් අරන්. ඒ රට රටවල ආරක්ෂක හේතූන් සඳහායි. ඒ වගේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන ලෙස යොදාගන්නා ඩ්‍රෝන් යානාවන් බිම හෙළීමට “වී. එච්. එෆ්. ජෑමින් (VHF jamming)” යනුවෙන් හඳුන්වන උපකරණ පවා නිපදවා තිබෙනවා.

මේ පුවත නම් තරමක් වෙනස් එකක්. ඒ තමයි ලොව ප්‍රථම මගී ඩ්‍රෝන් යානාවේ හඳුන්වාදීම. ඔවුන් මෙය නම්කර තිබෙන්නේ “EHANG 184 AAV” ලෙසයි. තවද මෙය පුර්ණ ස්වයංක්‍රීය යානාවක්. මෙය පැදවීමට නියමුවකු අවශ්‍ය වන්නේ නැහැ. මෙහි 184 යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ එක් මගියෙක්. ඉතා කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ වන මෙය සම්පූර්ණයෙන්ම බැටරියකින් ක්‍රියාත්මකයි. එක් පූර්ණ අාරෝපණයකින් පසු කිලෝ ග්‍රෑම් 115කට අඩු බරින් යුතු මගියකු මිනිත්තු 23ක කාලයක් ගුවනේ තබාගැනීමේ හැකියාවෙන් යුක්ත වනවා. එහි වේගය පැයට කිලෝමීටර 100ක් පමණ වනවා. මීටර 3,500ක් පමණ ඉහළ යෑමටද සමත්.

සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ධාවනයකින් යුත් මේ ඩ්‍රෝන්එක ඔබට අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීමට අඟල් 12ක ටච් ඩිස්ප්ලේඑකක් ( touch display) සපයා දී තිබෙනවා. පැය දෙකකින් ආරෝපණය කිරීමට හැකි බැටරියකින් යුතු මේ ඩ්‍රෝන් යානාව මේ වසර අගදී අමෙරිකානු ඩොලර් 200,000කට පමණ වෙළෙඳපොලට නිකුත්කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. 

 

Comments