අභියෝග මැද ශ්‍රී ලංකාව අන්තර්ජාතික ඩොලර් වෙළෙඳපොළ ජය ගනී | සිළුමිණ

අභියෝග මැද ශ්‍රී ලංකාව අන්තර්ජාතික ඩොලර් වෙළෙඳපොළ ජය ගනී

ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට අන්තර්ජාතික වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් වෙනුවෙන් වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමට ශ්‍රී ලංකාව පසුගියදා අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී පොරොන්දු විය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයෙන් පසු එළඹුණු කාල පරිච්ජේදය නැවුම් බලාපොරොත්තු සපිරි අත මිට සරු වන කාලයක් වනු ඇතැයි ශ්‍රී ලාංකේය අප සැමගේ බලාපොරොත්තුව වනවාට කිසිදු සැකයක් නැත.

මෙම ප්‍රාර්ථනා හා බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ විමට ඇති නිර්ණායකයන් සපුරා ලිමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරිම කෙසේ වෙතත්, රට ඉදිරියේ මේ වන විට ජය ගත යුතු ආර්ථීක, දේශපාලන හා සමාජිය අභීයෝග රාශියක් ඇති බව එළිපිටම කා හටත් දකින්නට දැනෙන්නට තිබේ.

මෙයින් ප්‍රධානතම අභියෝගය වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂික ප්‍රතිඵලය හා අගමැතිවරයාට එරෙහි විශ්වාශභංග යෝජනාවෙන් පසු දිගින් දිගටම අස්ථාවරත්වයට පත් වන රටේ දේශපාලන වතාවරණය කඩිනමින් යථා තත්ත්වයට ගෙන රටේ දේශපාලන, ආර්ථීක ප්‍රතිපත්ති කෙරෙහි පැහැදිලි විශ්වාසනීියත්වයක් දෙස් විදෙස් ආයෝජක ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි ඇති කරවිමයි.

මෙම ලියුම්කරු පෞද්ගලිකව සිදු කළ විමසිම් වලදි මෙරට කෙරෙහි උනන්දුවෙන් පසුවන දෙස් විදෙස් ආයෝජක ව්‍යාපාරික දැවැන්තයන් බොහෝ දෙනෙකු සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයක හෝ ජනාධිපතිවරණයක පැහැදිලි තනි පාක්ෂික රජයක් පිළිබඳ ප්‍රතිඵලයක් ලැබෙන තුරු මෙරට නව ව්‍යාපාරික හෝ ආයෝජක තිරණ ගැනිම යම් කාලයකට ප්‍රමාද කරන බවයි. එ නයින් මෙම අසුබවාදි ව්‍යාපාරික ආයෝජක ප්‍රතිරුප කඩිනමින් වෙනස් කිරිමට ඇවැසි සාමුහික දේශපාලනික පරිසරය ඇති කිරිම පවත්නා රජයේ ප්‍රමුඛතා කාර්යය විය යුතු අතරේ එවැනි ස්ථාවර රජයකට රජය යොමු කරවාලීම මධ්‍යස්ථ පුරවැසියන්ගේද යුතුකම හා වගකිමද වනු ඇත.

ඉන්ධන මිල සුත්‍රය හා ගෑස් මිල සංශෝධන

පසුගිය සතියේ විදෙස් ගත වි සිටි මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරින් යළිත් පසුගිය සති අන්තයේ මෙරට පැමිණිමත් සමඟම මේ සතියේ ඔවුන්ගේ මුඛ්‍ය කාරණාව වි ඇත්තේ මේ වන විට විවාද සම්පන්නව ඇති ඉන්ධන මිල සුත්‍රය හා ඊට ආදාළ යෝජනා කඩිනම්න් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ගෙන එය වහා ක්‍රියාවට නැංවිමයි. මේ වන විට ඉන්ධන පිරිවැය පිළිබිඹු කරන විචල්‍ය මිළ සුත්‍රයක් හඳුන්වා දිම කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු වි ඇති අතර එහිදි මෙතෙක් පෙට්‍රල් හා ඩීසල් සඳහා ලබා දි ඇති රේගු බදු සහන එලෙසම ලබා දෙනවාද යන්නද තිරණය කළ යුතුව පවතින බව මුදල් අමාත්‍යාංශ නිළධාරියෙකු මෙම ලියුම්කරු සමඟ සදහන් කළේය. පසුගියදා ඉන්ධන සැපසුම් පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉන්දියන් තෙල් සමාගම ඉන්ධන මිළ ඉහළ දැමිමට පියවර ගත් අතරේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විශාල ලෙස අලාභ ලබමින් මහ භාණ්ඩාගාරයට බරක් වෙමින් තවමත් අලාභයට ඉන්ධන සපයමින් සිටි.

මේ අතරේ ලොක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ගෑස් සාමාන්‍ය සිලින්ඩරයක මිල රුපියල් 150-200 අතර ප්‍රමානයකින් ඉහළ දමන්නන යැයි මේ වන විට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලිම් සිදු කර ඇත.

අන්තර්ජාතික බැදුම්කර වෙ‍ෙළඳපොළ ජයග්‍රහණය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම දේශිය රුපියලේ අගය පහළ යාමෙන් ඇති ව ඇති විදේශ විනිමය වෙළඳපොළ අධික විචල්‍යතාවයන් නිසා මේ වන විට මෙරට විදේශ මුදල් හා රැඳි ආනයන වෙළෙඳ ක්‍රියාකාරිත්වයන් දැඩි ලෙස බලපෑම්වලට ලක් වෙමින් ඇති අතරේ රුපියලේ අගය පහළ යාම නිසා විදෙස් ණය බරද එම අගය පහළ යාමට සාපේක්ෂව ඉහළ යමින් ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 81 ක වටිනාකමක් ඇති ලක් ආර්ථීකය ඉදිරි මාස 12 ඇතුළතදි ඩොලර් බිලියන 6.4 ක පමණ විදෙස් ණය හා සේවා කරන ගෙවිම් පියවිම් සිදු කළ යුතුව ඇත.

මෙම තත්ත්වයන්ට යම් තරමක සහන සලසමින් විදේශ විනිමය වෙළෙඳපොළ හා දේශිය පොලි අනුපාත ද යම් තරමකට ස්ථාවරත්වයකට ගෙන ඒමේ අපේක්ෂා දල්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් පසුගිය 11 දා ඩොලර් බිලියන 2.5 ක් අන්තර්ජාතික වෙළෙඳ පොලී රැස් කර ගන්නා ලදි.

මේ අනුව වසර 5 ක පරිනත කාලයකින් යුත් ඇ.එ. ජ. ඩොලර් බිලියන 1.25ක් හා වසර 10 ක පරිනත කාලයකින් යුත් ඇ.එ. ජ. ඩොලර් බිලියන 1.25ක ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත පත්‍රිකා, අනුපිළිවෙළින් 2023 අප්‍රේල් 18 සහ 2028 අප්‍රේල් 18 යන කල් පිරීම් දින සහිතව නිකුත් කර අදාළ මුදල රැස් කර ඇත. මෙයට අදාළ මුදල් ලැබිමත් සමගින් මේ වන විට ඩොලර් බිලියන 7.9 ක් වු සංචිත අගය තාවකාලික පදනමින් ඩොලර් බිලියන 10 ක ආසන්න අගයක් දක්වා ඉහළ යනු ඇති බවද මහ බැංකුව කියයි.

මෙම නිකුතුව ශ්‍රී ලංකාවේ එදා මෙදා තුළ සිදු කළ විශාලතම අක් වෙරළ බැඳුම්කර නිකුතුව නියෝජනය කරන අතර එය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ පොත් පවත්වා ගන්නන් (Bookrunners) ලෙස සිටිගෘප් (Citygroup), ඩොයිෂ් බෑන්ක් (Deutsche Bank), එච්එස්බීසී (HSBC), ජේ පී මෝර්ගන් (J P Morgan) හා ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) කටයුතු කළේ ය. මොවුන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අභියෝගාත්මක වෙළෙඳපොළ පරිසරයක සුදුසු නිකුතු කවුළු හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් මෙම අරමුදල් රැස් කිරිමේ කටයුතු වල නිරත වු බවයි.

වසර 5 ක සහ වසර 10 ක පරිණත කාල සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙළින් 6.00%ක් සහ 7.00%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කර තිබු පසුබික ණය කාණ්ඩ දෙකෙහි ම මිල මාර්ගෝපදේශ, පදනම් අංක 25කින් පහළ දැමීමට නිකුත් කරන්නාට හැකියාව ලබා දෙමින්, ඉහළ ගුණාත්මක බවකින් යුතු ආයෝජකයන් පුළුල් පරාසයක් සහිත ව දැඩි උනන්දුවක් මෙම ගනුදෙනුව සඳහා දැක්වූ බව ඔවුන් පවසා සිටියේය. අවසානයේ දී, වසර 5 වසර 10 ණය කාණ්ඩ සඳහා පත්‍රිකා මිලකරණය පිළිවෙළින් 5.75%ක සහ 6.75% ක කූපන් අනුපාතිකය සහිත ව මූලික මිල මාර්ගෝපදේශයට වඩා අඩු අගයකින් සිදු කළේ ය. අවසාන ඇණවුම් පොතේ වසර 5 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 235කට අධික ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.0කට අධික ව ද, වසර 10 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5කට අධිකව ද ඇණවුම් ලැබි තිබු බව නිවේදනය විය. මෙයින් පැහැදිලි ව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව සහ එහි ආර්ථික දැක්ම කෙරෙහි ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසයයි.

ඇණවුම් පොතේ ණය කාණ්ඩ දෙක ම ඉතා හොඳින් විවිධාංගීකරණය වී ඇත. පස් අවුරුදු කාණ්ඩයෙන් 66%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 24%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 10% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. ආයෝජක වර්ගය අනුව 92%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල්වලට ද, 2% ක් බැංකුවලට ද සහ 1% ක් පෞද්ගලික බැංකුවලට ද බෙදී ගියේ ය. දස අවුරුදු කාණ්ඩයෙන් 65%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 29%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද සහ ඉතිරි 6% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. මෙය ආයෝජක වර්ග අනුව, බෙදා වෙන් කිරීමේ දී පස් අවුරුදු කාණ්ඩය හා සමාන වේ. එනම් 92%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල්වලට ද, 2% ක් බැංකුවලට ද සහ 1%ක් පෞද්ගලික බැංකුවලට ද බෙදී යන අයුරින් වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව

ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට අන්තර්ජාතික වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් වෙනුවෙන් වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමට ශ්‍රී ලංකාව පසුගියදා අවසන් වු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදි පොරොන්දු විය. බ්‍රිතාන්‍යයේ පැවති 25 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති හමුවක දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා ඇත.

2013 වසරේ දී කොළඹ පැවැති 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී කුඩා රටවල සංවර්ධනය සඳහා වාණිජ මූල්‍ය ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කෙරිණි. එහි දී කුඩා රටවල් සඳහා ඇ.ඩො. මිලියන 5ක මූල්‍ය පහසුකම් සැලසීමේ ක්‍රමයක් ද හඳුන්වා දෙන ලදී. මේ හරහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රටවලට ඉදිරි වසර තුන තුළ දී ඇ.ඩො. මිලියන 300ක් දක්වා වූ වෙළෙඳ මූල්‍ය ආධාර පහසුකම් සැලසිය හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මූල්‍ය ණය පහසුකම් සැලසීම සඳහා වන ගිවිසුමට 2015 වසරේ දී එවකට විදේශ අමාත්‍ය වරයාව සිටි මංගල සමරවීර මහතා අත්සන් තබා ඇති අතර මේ දක්වා ශ්‍රි ලංකාව මේ වෙනුවෙන් ඇ.ඩො. ලක්ෂ 15ක දායකත්වයක් ලබා දී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රටවල නිෂ්පාදන හා වෙළෙඳපොළ අවස්ථා සීමිත බැවින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ ය. මෙහි දී අදාළ ගිවිසුම්වලට ඉන්දියාව, මොරිෂස් සහ මෝල්ටාව යන රටවල් ද අත්සන් තැබීය.

අතථ්‍ය මුදල් (Virtual Currencies)

ශ්‍රී ලංකාව තුළ හා අන්තර්ජාතික වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලික ව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්‍රකාශිත විදුයුත් මුදල් (Cryptocurrencies) ය. මෙම අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් නො වේ.

අප්‍රකාශිත විද්‍යු මුදල් වැනි අතථ්‍ය, මුදල්, ගනුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් සෘජු ව සම්බන්ධ වී විමධ්‍ය ගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරයි. එම මුදල්වල වටිනාකම පිළිබඳ ව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති වීම හේතුවෙන් ඒවා භාවිතා කරන්නන් අතර හෝ ගනුදෙනු ආශ්‍රිකත ගැටලු ඇති වීමේ දී ඒ සඳහා මැදිහත් වන වගකිව යුතු පාර්ශ්වයක් නොමැත. අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වනුයේ සමපේක්ෂණ මත වන අතර එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපවත්වන නියාමන රාමුවක් නොමැත. මේ නිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැක. ඒ හා සමාන ව ම, නීතිවිරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාව ද ඉහළ යා හැකි ය. තව ද, අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට ද අවකාශ ඇත. එම නිසා, වර්තමානයේ දී අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද මූල්ය මය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව යන අංශවලින් සැලකිය යුතු අවදානමක් ඇති කරයි. ශ්‍රි ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs) සඳහා බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

විදුලි අර්බුදය

ගෙවී ගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි බල මණ්ඩලයේ බලගතු ඉංජිනේරු සංගමය පවසා සිටියේ යෝජිත 2018-2037 විදුලි ජනන සැලැස්ම එලෙසින්ම ක්‍රියාවට නංවන්න යැයි ඉල්ලා මැයි 08 දා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බවයි.

මුදිත ගමගේ

අදහස්