පොල් වගාවට ශ්‍රම හමුදාවක් | සිළුමිණ

පොල් වගාවට ශ්‍රම හමුදාවක්

ලංකාවේ පොල් වගාව වැඩි දියුණු කිරීමේ අරමුණින් වැවිලි සවිය ස්වේච්ඡාවෙන් ශ්‍රම බළකායක් ඇති කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇමැතිවරයා පියවර ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( ව්‍යාප්ති හා සංවර්ධන) ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

මේ ශ්‍රම බලකාය තරුණ තරුණියන් ගෙන් සැදුම්ලත් වන අතර අනාගත පොල් පලදාව වැඩි කිරීම මෙහි අභිප්‍රාය වේ. කුරුණෑගල, හලාවත යන පොල් වගා කිරීම ප්‍රමුඛ කරගත් දිස්ත්‍රික් ඉලක්ක කරගනිමින් පළමු අදියරේදී මේ වැඩසටහන පටන් ගත් අතර දෙවන තුන්වන අදියරවලදී සෙසු ප්‍රදේශ කරා ද ව්‍යාප්ත කිරීමට අදහස් කර ඇති බවද ඒ මහතා පැවැසුවේය.

මේ මඟින් තරුණ තරුණියන් පොල් වගාව සඳහා උනන්දුවක් ඇති වන අතර ඔවුන්ගේ අවබෝධය ද පුළුල් වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා ප්‍රකාශ කළේය. වර්තමානයේ වැවිලි භෝග සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස වැඩි කිරීම මඟින් ඵලදායීත්වය වැඩි කළ හැකි බව පැවැසූ ඔහු පොල් වගාව වැඩි කිරීම සහ පොල් කර්මාන්තය නඟාසිටුවීමට මෙය හොඳ විසඳුමක් බව ද කීවේය. දිවයින පුරා සිටින පොල් සංවර්ධන නිලධාරීන් දෙසිය විසිපස් දෙනා යොදාගෙන ඒ පුහුණුව ලබාදෙන බව පැවැසූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මොවුන්ගේ සහාය ඇතිව මේ ශ්‍රම බළකාය පුහුණු කිරීමට නියමිත බව ද පැවැසුවේය. 

Comments