ආදර්ශ ගම් 650ක් නව නිවාස 275000 යි | සිළුමිණ

ආදර්ශ ගම් 650ක් නව නිවාස 275000 යි

පසුගිය වසර තුන ඇතුළත නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් ආදර්ශ ගම්මාන 650ක් ඉදි කළ බවත් නව නිවාස 275000ක් ඉදි කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීම මත මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර ඇමැතිතුමාගේ නව අදහසක් අනුව අලුත් අවුරුද්දේ සිට සෑම වසමකම නිවසක් යන සංකල්පය ඔස්සේ නව නිවාස 14000ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසයි. අලුත් වැඩපිළිවෙළ අනුව ස‍ෑම ග්‍රාම නිලධාරි වසමකම දුප්පත් පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල් අදියර යටතේ කටයුතු කෙරේ. 

Comments