Visa ආයතනය ශ්‍රි ලංකාව තුළ ස්ථාපිත වී වසර 30 සමරයි | සිළුමිණ

Visa ආයතනය ශ්‍රි ලංකාව තුළ ස්ථාපිත වී වසර 30 සමරයි

ජාත්‍යාන්තර ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Visa ආයතනය 1988 වසරේදී ශ්‍රී ලංකාව තුල සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර වසර 30 ක් සපුරයි. Visa ආයතනය මේ වන විට වසර 30ක කාලයක් ශ්‍රී ලාංකිය මූල්‍ය ක්ෂේත්‍රය නියැලි සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් සේවා සපයන Visa ආයතනය සිය 30වන වසර සමරමින් 10,000 කට අධික ග්‍රාමීය ප්‍රජාවන් රැසකට ඩිජිටල් ප්‍රවේශය හා මූල්‍ය සාක්ෂරතාවය ඇතිකිරීමේ මූලික පියවරක් ලෙස සර්වෝදය ෆියුෂන් ආයතනය සමඟ එක්ව වැඩ පිළිවෙලක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව දිවයින පුරා ත්‍රී රෝද රථ 30ක් යොදා ගනිමින් සමාජ සත්කාරයක් ලෙස එදිනෙදා කටයතු වලදී ඩිජිටල් ගෙවීම් මඟින් ලබා දෙන පහසුව හා වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද කටයුත් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වසර 30ක කාලයක් තුල සිදුකල සාර්ථක ගමන පිළිබඳව අදහස් දක්වන Visa ආයතනයේ කලාපීය සභාපති - ආසියා පැසිපික් ක්‍රිස් ක්ලාක් මහතා පවසන්නේ පසුගිය වසර 30ක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කටයුතු බල ගැන්වීම හා ඒ සඳහා යටිතල පහසුකම් සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන, හවුල්කරුවන් හා වෙළඳුන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනැඟීමට හැකි වී තිබෙන බවයි. ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු සඳහා ප්‍රමුඛතම ඩිජිටල් විසඳුමක් ලෙස දිවයිනේ Visa කාර්යාලය ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳව තම ආයතනය සතුටු වන බවද ඔහු පවසීය.

නවතම Contactless තාක්ෂණය හරහා EMV පින් පදනම් කරගත් කාඩ්පත් හඳුන්වාදීම මඟින් Visa නව්‍යකරණ්‍ය තුළින් ගෝලිය වෙළඳපොළ ඉදිරියෙන්ම සිටියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සීග්‍රයෙන් වර්ධනය වන අතර වසර ගණනාවක සිට ඒ සඳහා පවතින විවෘත භාවය පිළිබඳව සතුටු වන බව දකුණු ආසියා කලාපයේ Visa ආයතනයේ සමූහ කළමණාකරු T.R. රාමචන්ද්‍ර මහාතා අවධාරණය කර සිටියේය.

මුදල් පදනම් කරගත් ආර්ථිකයක් පවතින ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා පිය නැඟීමට වේගවත් ගමනක යෙදෙමින් සිටියි. නොබෝදා කොළඹ ප්‍රදේශය සඳහා සිදු කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අධ්‍යනයකට අනුව 694,000 ජනගහනයට සමන්විත වු ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය ඩිජිටල් ආර්ථිකයකට සංක්‍රමණය වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක වාර්ෂික ශුද්ධ ප්‍රතිලාහ ලබාගත හැකි බව සඳහන් වේ. ඉදිරි වසර 15 තුල නගරයකට ඇස්තමේන්ත කල උත්පේරක බලපෑමක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය 20.4% ක් විය හැකි අතර රැකියා නියුක්තිය 2.1% කින්ද වැඩිවිය හැකි බවද සදහන් කර ඇත.

ඩිජිටල් ගෙවීම් ක්‍රමය සඳහා ශ්‍රී ලංකාව සතු දැවැන්ත හැකියාවන් බලගැන්වීමේ ක්‍රියාවලියන් ලෙස 2016දී Visa කාර්යාලයක් දිවයිනේ ස්ථාපිත කරනු ලැබිණි. එමඟින් මුල්‍ය ක්ෂේත්‍රයේ කොටස්කරුවන්ල ගනුදෙනුකරුවන් හා වෙළඳ පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව ගනුදෙනු කිරීමේ හැකියාව ආයතනයට ලැබිණි. මේ වනවිට Visa ලංකාවේ බැංකු 29ක් හා මුල්‍ය සමාගම් 9ක් සමඟ එක්වී කටයතු කරන අතර දිවයින පුරා ලාංකිකයන්ට ඩෙබිට් වාණිජ සහ පෙරගෙවුම් කාඩ්පත් ලබාදීමට කටයුතු කර ඇත.

වසර 2ක් වැනි අඩු කාලයකින් ක්ෂේත්‍රය තුල අපගේ නායකත්වයට මෙරට වෙළඳපොළ ශක්තිමත් කිරීමට හැකිවු බව ලංකාව හා මාලදිවයින සඳහා ප්‍රථම Visa කළමණාකරු ඇන්තනි වොට්සන් මහතා පවසා සිටියේය. ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ගෙවීම් ප්‍රවේශයන් මෙන්ම අප පාරිහෝගිකයන්ගේ හා ගනුදෙනුකරුවන්ගේ අඛණ්ඩ සහයෝගය මේ සඳහා ඉවහල් විය. නව්‍යතාවයෙන් යුත් විසදුම් බොහෝමයක් හඳුන්වාදීමට අප බලාපොරොත්තු වන අතර එය ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ඉක්මනින් සංක්‍රමණය වීමට උපකාරීවනු ඇතැයි විශ්වාස කරන බව වොට්සන් මහතා පැවසීය.

Visa ඉන්කෝපරේෂන් ඩ්ජිටල් ගෙවීම් සඳහා ලොව ප්‍රමුඛයා වේ. අපගේ මෙහෙවර වනුයේ වඩාත් නව්‍යකරණය හා විශ්වාසනීය මෙන්ම සුරක්ෂිත ගෙවුම් ජාලයක් හරහා ලොව පුද්ගලයින්, ව්‍යාපාරිකයින් හා ආර්ථිකයක් සවිබල ගැන්වීමයිග අපගේ සුවිශේෂ ගෝලීය සැකසුම් ජාලය වන Visanet හරහා ලොව පුරා සුරක්ෂිත හා විශ්වාසදායක ලෙස ගෙවීම් කරනු ලබන අතර එමඟින් තප්පරයකට 65,000 වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරනු ලබයි.

නවෝත්පාදන කෙරෙහි සමාගම සැමවිටම අවධානය යොමු කරන අතර වෙළඳ කටයුතු වර්ධනය කිරීම උදෙසා ඕනෑම උපකරණයක් (Device) හරහා ගෙවීම් කිරීමට හැකියාවද ලබා දෙන අතර අනාගතයේදී සෑම ස්ථානයකම, සෑම කෙනෙකූටම මුදල් නොමැතිව ගනුදෙනු කිරීමේ හැකියාව සලසා දෙනු ඇත. Analog සිට ඩිජිටල් තාක්ෂණයට මුලූ ලෝකයම ප්‍රවේශ වෙමින් පවතින බැවින් Visa අන්තර්ජාල ගතවූ වෙළඳපොලට ඇතුළත්විමේ හැකියාව සැමටම ලබාදිමට කටයුතූ කරනු ලැබේ.

අදහස්