නව අවුරුදු උදාවේ 2018 වසරේ HNB අවුරුදු කාඩ්පත් ප්‍රවර්ධන හඳුන්වාදෙයි | සිළුමිණ

නව අවුරුදු උදාවේ 2018 වසරේ HNB අවුරුදු කාඩ්පත් ප්‍රවර්ධන හඳුන්වාදෙයි

ඩිජිටල් බැංකුකරණයේ පෙරගමන්කරු බවට පත්වෙමින් සිය සේවා තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා සිය අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික බැංකුව වන HNB සිය පාරිභෝගිකයින්ගේ නව අවුරුදු ප්‍රීතිය දෙගුණ කරවමින් 2018 HNB කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි ආරම්භ කර තිබේ.

උදාවන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද නිමිති කරගෙන දියත් කෙරෙන HNB කාඩ්පත් පරාව වර්ධන වැඩසටහන ඔස්සේ HNB කාඩ්පත් හිමියන්ට අසමසම වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් අත්විදීමට HNB කටයුතු යොදා ඇත. තෝරාගත් අලෙවි සැල් තුළදී විශිෂ්ටතම සන්නාමයන් සහිත පාරිභෝගික භාණ්ඩ සඳහා 50%ක් දක්වා වට්ටම් මෙන්ම දිවයිනේ ජනප්‍රිය හෝටල් සහ අවන්හල් තුළදීය HNB කාඩ්පත් භාවිතා කිරීමේදී ඉහළම වට්ටම් සහ ප්‍රතිලාභ HNB කාඩ් හිමියන්ට ලැබෙනු ඇත.

2018 වසරේ HNB කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ සැලසීම සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ආයතන 150කට වැඩි අගයක් HNB සමග සම්බන්ධ වෙමින් ඉහළ විවිධත්වයකින් යුතු භාණ්ඩ හා සේවා විශාල සංඛ්‍යාවක් වෙත යොමු වීමේ අවස්ථාව මෙවර HNB කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ HNB කාඩ්පත් හිමියන්ට උදා කර ඇත.

ලොව පිළිගත් වෙළෙඳ නාම, පාරිභෝගික භාණ්ඩ, හෝටල්, සංචාරක පැකේජ, 100 කට අධික මෙරට ජනප්‍රියතම හොටල් , ආභරණ, නිමි ඇඳුම් , ඇතුළුව ගෙවන මිලට වඩා වැඩි ප්‍රතිලාභ රැසක් මෙවර HNB කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ HNB ගනුදෙනුකරුවන්ට හිමි වනු ඇත.

සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසීන්ට විශේෂ කාලසීමාවක් වන අතර පවුල්වල නෑ හිතවතුන් සමග ඔවුනොවුන්ගේ සබඳකම් ශක්තිමත් කර ගැනීමට උදාවන කාලවකවානුවක් ලෙසටත් හැඳින්විය හැකියි.

මෙම සුවිශේෂී කාලසීමාව තුළ අපගේ කාඞ්පත් හිමියන්ගේ සතුට දෙගුණ කිරීම සඳහා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන HNB මෙවර උදාවන අලූත් අවුරුද්ද සඳහා සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිත කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. වට්ටම් ලබා ගැනීමට අපහසු ජාත්‍යන්තර තත්ත්වයේ පාරිභෝගික භාණ්ඩ සඳහාත් අපගේ කාඩ්පත් හිමියන්ට වට්ටම් සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමට අපට අවස්ථාව ලැබී තිබෙන අතර මෙමගින් වඩාත් ප්‍රීතිමත් නව අවුරුදු කාලසීමාවක් සතුටින් ගත කිරීමට අපගේ පාරිභෝගිකයින්ට හැකි වනු දැකීම අපගේ ඒකායන පරමාර්ථයයි යනුවෙන් HNB කාඩ්පත් මධ්‍යස්ථානයේ කළමනාකාර රොෂාන්ත ජයගුංග මහතා පැවසීය.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන යටතේ තෝරා ගත් ඇතැම් භාණ්ඩ සඳහා පොළියකින් තොරව මාස 12 සහ 24 කාලසීමාවක් තුළ වාරික වශයෙන් ගෙවීමේ පදනම මත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වීම, රුපියල් 25,000ක් සිට රුපියල් මිලියනය දක්වා සංචාරක පැකේජයන් ආශ්‍රිත සේවාවන් සඳහා අමතර ගාස්තුවලින් තොරව ගනුදෙනු පියවීමේ හැකියාව HNB කාඩ්පත් හිමියන්ට අවස්ථාව සැලසෙයි. HNB කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන 2018 මැයි 31 දක්වා පැවැත්වෙනු ඇත.

HNB කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ HNB වීසා, ක්ලැසික්, ගෝල්ඩ්, ප්ලැටිනම්, සිග්නේචර්, සහ ඉන්ෆිනිටි යන කාඩ්පත් හිමියන් සහ මාස්ටර් කාඩ්, ගෝල්ඩ්, ප්ලැටිනම් සහ වර්ල්ඩ් යන කාඩ්පත් හිමියන්ටද මෙයින් ප්‍රතිලාභ අත්කර ගත හැක.

HNB කාඩ්පත් හිමියන්ට සෞඛ්‍ය සහ සංචාරක රක්ෂණයක් නොමිලේ හිමිවන අතර ඉන්ධන අධිභාරය යළි ගිණුමට බැරවීම, නම්‍යශීලී ගෙවීම් අවස්ථා ඇතුළුව පහසුකම් රැසක් පිරිනැමේ.

අදහස්