අපේ නහර පුරා ලේ | සිළුමිණ

අපේ නහර පුරා ලේ

 මාර්ග හරහා වාහන ගමන් කරනවා. අපේ ශරීරය පුරා ලේ නහර ඇතුළේ නිබදව නැවතීමක් නැතිව ලේ ගමන් කරන්නේ ද එලෙසය. පාරේ ගමන් කරන වාහනවල සෙනඟ බඩු මුට්ටු එහෙට මෙහට ගෙන යනවා. අන්න ඒ වගේ තමා ඔක්සිජන්, ආහාර මෙන්ම විස ද්‍රව්‍ය වැනි නොයෙකුත් ජාති ලේ මඟින් පරිවහනය කරන්නේ.

අපි හුස්ම ගන්නාවිට පෙණහලු ඇතුළට එන ඔක්සිජන් ඇඟ පුරා බෙදා හරින්නේ ලේවල ඇති සෛල මඟිනි. අප ගන්නා ආහාර දිරවීමෙන් පසු හැම තැනකටම ගෙන යන්නේ ලේවල දියර කොටස (ප්ලාස්මාව plasma) මඟිනි.

එසේම අපේ අක්මාවේ සෑදෙන නොයෙක් අන්දමේ අපද්‍රව්‍ය විෂ වර්ග පෙරා හරින්නට වකුගඩුවට ගෙනි යන්නේ මේ ලේ වලින්මයි. අපේ ශරීරයේ ප්‍රධානතම ප්‍රවාහනය තමයි නහර පුරා ගලන ලේ.

එනිදු සුපසන් ප්‍රේමසුන්දර

6 ශ්‍රේණිය ‘සී’,

කේරි විදුහල,

කොළඹ ‍08.

 

Comments