ඉකුත් සතිය ශ්‍රී ලංකා ආර්ථීකය සම්බන්ධයෙන් කාර්යයබහුල දින කිහිපයක් විය. මෙහිදි වැදගත්ම සිදු විම වුයේ 2017 වසරේ මෙරට ආර්ථීකයේ සම්පුර්ණ දත්ත නිරාවරණය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයයි. සාමාන්‍යයෙන් සැම වසරකම මාර්තු 15 දා වන විට ඊට කලින් වසරේ සම්පුර්ණ ආර්ථීක වෘද්ධි දත්ත හෙළිදරවි කිරිම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කාර්යය විය. මෙවරද එම සම්ප්රදාය එලෙසම පිළිපදිමින් දෙපාර්තමේන්තුව 2017 වසරේ ආර්ථීක වෘද්ධි අගයන් මෙම මාර්තු 15 දා නිකුත් කළ ද පසුව එම නිකුත් කළ දත්ත ආපසු කැදවා ගනිමින් යම් යම් සංශෝධනයන්ට යටත්ව යළිත් පසුගිය අඟහරුවාද 20 දා නිල දත්ත යළි නිකුත් කිරිමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. මෙම නිල දත්ත නිකුත් කිරිමේ පමාවට හා වරක් නිකුත් කළ දත්ත සංශෝධනයට හේතු වශයෙන් මෙම ලියුම්කරු සමඟ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ඒ.ජේ සතරසිංහ මහතා සදහන් කළේ දත්ත ලබා ගැනිමට හා ඒවා සැසදිමට දෙපාර්තමේන්තුවේ පවත්නා සම්පත් හා නවීන මෘදුකාංග වල හිඟතාවයන් හා ඒ මත 2017 අවසන් කාර්තුවේ ආර්ථීක වෘද්ධි අගයන් ගණනය කිරිම සම්බන්ධයෙන් මතු වු නිරවද්‍යතා ගැටළු මුළික වු බවයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දිගු කාලයක් තිස්සේ පවත්නා මේ සියලු සම්පත් දුබලතා මත අවසනයේ නිකුත් කළ 2017 ආර්ථීක වෘර්ධි ලේඛනය අනුව එම සමස්ත වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථීකය වර්ධනය වි ඇත්තේ යාන්තමින් සියයට 3.1 කින් පමණි. එහිදි දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව අනුව ගෙවුණු 2017 වසරේ ස්ථාවර මිල (2010) ගණන් සදහා දළ දේශිය නිෂ්පාදිතයේ අගය රුපියල් මිලියන 9,315,488 ක් විය.මෙය 2016 වසරේ වුයේ රුපියල් මිලියන 9,034,290 කි.
මෙහිදි 2017 වසරේ අවම දායකත්වය කෘෂීකාර්මික අංශයෙන් සිදු වු අතර එය සියයට 7.7 කි.කර්මාන්ත හා සේවා අංශ පිළිවෙළින් සියයට 27.2 ක හා සියයට 55.8 ක දායකත්වයක් ඉකුත් වසරේ දළ දේශිය නිෂ්පාදිතය (ද.දේ.නි) ට ලබා දි තිබු අතර භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදු (සහනාධාර අඩු කළ) ද.දේ.නි සදහා සියයට 9.3 ක දායකත්වයක් ලබා දි තිබිණි.
මෙම ආර්ථීක වෘද්ධි අගයන්ගේ පහළ වැටිමට හේතු වශයෙන් දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබුණේ ඉකුත් වසරේ කාලගුණික විපර්යාසයන් නිසා කෘෂීකාර්මික අංශය මුලිකව ආර්ථීකයේ ඇති වු පසු බැසිමයි. දෙපාර්තමේන්තුව පවසන්නේ රටේ කෘෂීකාර්මික අංශයේ ඉකුත් වසරේ අවසන් කාර්තුවේ දි හැර අනිකුත් ඉකුත් වසර දෙකක කාලයේම වාර්තා කර ඇත්තේ සෘණ වර්ධන වේගයන්ය.කෙසේ වෙතත් 2017 වසරේ කර්මාන්ත අංශය සියයට 3.9 කින්ද සේවා අංශය සියයට 3.2 කින්ද වර්ධනය වෙද්දි කෘෂීකාර්මික අංශය මේ අනුව සියයට 0.8 ක සෘණ වර්ධනයක් පමණක් අත්පත් කර ගෙන තිබිණි.
කෙසේ වෙතත්,කෘෂී කාර්මික අංශයේ වන වගා හා දැව සහ මිරිදිය ධීවර කටයුතු අංශ පිළිවෙලින් සියයට 22 ක හා 10.7 ක වර්ධනයක් අත්පත් කර ගෙන ඇත.කර්මාන්ත අංශයේ සියයට 3.1 ක වර්ධනයක් ඉදිකිරිම් අංශයද පතල් හා කැණිමි අංශය සියයට 5.9 කින්ද නිමැවුම් කර්මාන්ත සියයට 3.9 කින්ද වර්ධනය වි තිබේ.සේවා අංශයේ ගුවන් විදුලි රූපවාහිනි විකාශන,එම නිෂ්පාදන කටයුතු , විදුලි සංදේශ හා මුල්‍ය හා මුල්‍ය අතර මැදි සේවා කටයුතු අංශ පිළිවෙළින් සියයට 13.2,12 හා 9.4 කින් වර්ධනය වි ඇත.
මේ අතරේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඉකුත් වසරේ මේ රටේ සිවිවන කාර්තුවේ ආර්ථීකය සියයට 3.2 කින් වර්ධනය වි ඇත.එහිදි මුල් කාර්තු තුනෙහි පසු බා සිට් කෘෂීකාර්මික අංශය සියයට 7.1 කින්ද,සේවා සියයට 3.2 කින්ද කර්මාන්ත අංශය සියයට 2.7 කින්ද වර්ධනය වි ඇත.
නව දේශීය ආදායම් පනත 01 දා සිට
මේ අතරේ ඉකුත් සතියේ නව දේශිය ආදායම් පණත පිළිබඳව රටේ ජනතාව වගේම බදු ගෙවන පුරවැසියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට කොළඹදි එක් වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා සදහන් කළේ 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත ලබන අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක වීමත් සමගම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු විශාල වෙනස් වීමකට ලක් වීමට නියමිත බවයි.
රජයක් විදිහට පවතින්න නම් ඕනෑම රටක බදු එකතු කිරීමත් එම මහජනයා ගෙවන බදු මනා ලෙස කලමනාකරණය කර ගැනීමත් ඉතා විශාල වැදගත්කමක් හිමි වේ.
එසේ වෙන්නේ රජයක් රටේ සංවර්ධනයට, මහජනතාවගේ එදිනෙදා සුභසාදන කටයුතු සදහා - ඒ කියන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය, මං මාවත් වගේම ස්වාභාවික ආපදා කලමනාකරණය - වැනි කටයුතු සදහා විශාල මුදලක් වැය කිරිමට සිදු විම නිසයි.
මෙහිදි කතා කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා මෙසේ කීය “අපේ රටේ බදු ආදායම් දීර්ඝ කාලයක් තිස්සේ ලොකු කඩා වැටීමකට ලක් වෙලා තිබුනා.”
“උදාහරණයක් විදිහට 2014 වෙනකොට රටේ ජාතික ආදායමෙන් 10% වගේ ප්‍රමාණයකට බදු ආදායම් පහල වැටිලා තිබුණා. මේ අවුරුදු 20 ක විතර කාලයක් තිස්සේ දිගටම තිබිච්ච බදු ආදායම් අඩු වීමේ ප්රවනතාවයේ උච්ච අවස්ථාවක්.
එතනදිත් ආදායම් බදු වලින් ලැබෙන රාජ්‍ය ආදායම 2% වගේ ඉතාම පහල මට්ටමකට වැටිලා තිබුනා. එවැනි තත්වයක රටේ බදු බර ඇත්තෙන්ම විශාල වශයෙන් දුප්පත් පොදු මහජනතාවගේ උර මතට තමයි වැටිලා තියෙන්නේ.”
මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අලුත් දේශීය ආදායම් බදු පනතෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකර ගනිමින් යම්කිසි ක්‍රමවත් ආකාරයකට - සරලව කිව්වොත් බදු ගෙවිය හැකි, ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගනිමින් - රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම බවයි.
“මීලඟට ගත්තොත් රටේ බදු ගෙවීමේ ව්‍යුහය දැනට තියෙන්නේ ඍජු බදු 18%ක් හා වක්‍ර බදු 82% ලෙස. මෙහෙම තියෙන කොට ඇත්තෙන්ම 82% ක වක්‍ර බදු අපි ගන්නේ මහජනතාව එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර පාන, බඩු භාණ්ඩ මත පටවන බදු වලින්.
ඒකෙන් බඩු භාණ්ඩ මිල වැඩි වෙලා පොදු ජනතාවට විශාල බදු බරක් නොදැනිම පැටවෙනවා. ඒ වගේම ඇති හැකි බදු ගෙවිය හැකි අයත්, නැති බැරි පොදු ජනතාවත් එකම විදිහේ, සමාන බදු ගෙවන්නන් බවට පත් වෙනවා. “
“ඒ ක්‍රමය එතරම් සාධාරන නෑ. ඒක නිසා අපි අලුත් බදු පනතින් ඍජු බදු 40% දක්වා වැඩිකරලා, වක්‍ර බදු 60% දක්වා අඩුකරලා ඉතා ඉක්මනින් ව්‍යුහාත්මක වෙනස්කම් අත්කර ගන්න බලාපොරොත්තු වෙනවා.” යැයිද අමාත්‍යවරයා කීය.
ඩොලර් මිලියන 300ක ණය
මේ අතරේ රජය නිවේදනය කළේ මේ වසරේ මුල් කාර්තුවේ නිකුත් කිරිමට නියමිතව තිබු සෛවරිත්ව බැදුම්කර නිකුතුව වෙනුවට දෙස් විදෙස් බැංකු මුලිකව ඩොලර් මිලියන 300 ක ණයක් ලබා ගැනිමට රජය කටයුතු කරන බවයි.එයට අදාල රජයේ නිවේදනයේ මෙසේද සදහන් විය.
2018 අයවැය මඟින් යෝජනා කරන ලද පරිදි, 2018 වර්ෂය සඳහා රජයේ උපරිම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1,895කි. විදේශ ණය ආපසු ගෙවීම සහ ණය සේවාකරණය සඳහා වසරේ මුල් කාර්තුව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 732ක් පමණ අවශ්‍ය වන බව ඇස්තමේන්තුගත කර තිබේ. දැනට පවතින ගෝලීය තත්ත්වයන් අනුව ඉදිරියේදී අඩු පිරිවැයක් සහිත අරමුදල් සම්පාදනය කිරීමේදී ඇති විය හැකි අපහසුතා හේතුවෙන් දැනට පවතින ස්ථාවර පොලී අනුපාත යටතේ කඩිනමින් අරමුදල් සලසා ගැනීම මඟින් 2018 වසරේ කල් පිරීමට නියමිත, සාපේක්ෂව ඉහළ පිරිවැයක් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ගෙවා නිදහස් කිරීම වාසිදායක බව නිරීක්ෂණය වී තිබේ. ඒ සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුවේ විදේශ විනිමය බැංකු ඒකක හෝ අක්වෙරළ බැංකු ඒකක තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක උපරිමයක් දක්වා අරමුදල් සම්පාදනය කිරීම පිණිස වැඩබලන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මුදල් විශුද්ධිකරණය මැඬපැවැත්වීමට සමාගම් පනත සංශෝධනය
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් නොවන ක්රමෝපායන් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට 'මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යසාධක බළකාය' (Financial Action Task Force - FATF) විසින් කටයුතු කරනු ලැබ තිබේ. ඒ අනුව යමින් 2018 පෙබරවාරි මාසයේදී, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කරනු ලැබ තිබේ. මෙමඟින් මෙරට ආර්ථිකයට හා මූල්‍ය පද්ධතිය මත ඇති කරනු ලැබිය හැකි බරපතළ අහිතකර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින්, මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා තවදුරටත් සිදු කළ යුතු නීතිමය සංශෝධන කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඉන් වැදගත් සංශෝධනයක් වනුයේ, සීමාසහිත පොදු සමාගමක් හැරනු විට අනෙක් සෑම සමාගමක් විසින්ම තම සමාගමේ අයිතියෙන් 25%ක් හෝ ඊට වඩා දරනු ලබන කොටස් හිමිකම් සතු තැනැත්තන් හෝ; එවැනි සමාගමක මෙහෙයවීම සම්බන්ධයෙන් සක්‍රීය පාලනයක් හිමි අර්ථලාභී තැනැත්තන් පිළිබඳ තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව හඳුන්වා දීමයි. තවද එම තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් සහ අනෙකුත් අදාළ බලධාරින් වෙත ලබා දීම සඳහාද විධිවිධාන සැලසිය යුතු වේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතට සිදු කළ යුතු සංශෝධන සිදු කිරීමටත්, ඒ සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීමටත් වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීම
2018 යල කන්නයේ වී වගාව සඳහා, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් බෙදා හැරීමට අවශ්‍ය රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවනු ලැබ තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, යූරියා - ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 307.18 බැගින් මෙට්‍රික් ටොන් 24,000ක් M/s. Ameropa Asia (Pvt) Ltd. වෙතින්ද, ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 333.5 බැගින් මෙට්‍රික් ටොන් 18,000ක් M/s. Agri Commodities & Finance FZE වෙතින්ද මිලදී ගැනීමටත්, මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 315.85 බැගින් මෙට්‍රික් ටොන් 18,000ක් M/s. Agricultural Resources and Investment (Pte) Ltd. වෙතින් මිල දී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා තේ මෙහෙයුම නව පාලනාධිකාරියක් යටතට
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධනමහතා වැඩ භාර ගැනීම 21 දා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු විය. මෙයට සමගාමිව ඉකුත් සතියේ මාධ්‍ය හමුවක් අමතමින් රජෙය් තේ බලධාරින් පවසා සිටියේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකා තේ සන්නම් නාමය ප්‍රචලිත කිරිමේ මෙහෙයුමක් දියත් කිරිමට සියලු කටයුතු යොදා ඇති බවයි.ඉන්ධන මිළ සුත්‍රය කල් යාම හා භූමිතෙල් සහනාධාරය ඉලක්ක ගත කිරිම සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගමහතාමේ සතියේ මාධ්‍ය හමුවක් අමතමින් කීය.
මුදිත ගමගේ