රෝග රැස­කට ගුණ දෙන රතු ලූනු | සිළුමිණ

රෝග රැස­කට ගුණ දෙන රතු ලූනු

රතු ලුණුවල ආහාරයට ගනු ලබන්නේ පත්‍ර සහ භූගතව වැවෙන බල්බ වැනි කොටසයි. රතු ලුණු ආහාර පිළියෙළ කිරීමේදී ප්‍රධාන වශයෙන් යොදා ගැනේ.

අනෙකුත් ලුණු වර්ග මෙන්ම රතු ලුණු ද ඉතා පෝෂ්‍යදායී වේ. ශක්තිය, ප්‍රෝටීන, මේද, ඛනිජ, කාබෝහයිඩ්‍රේට, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, සෙලනියම් වැනි පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වේ. තවද රතුලූනුවල තයමින්, රයිබොෆ්ලේවින්, නියසින්, විටමින් B විටමින් A හා C ද ස්වල්පයක් අඩංගු වේ.

රතු ලූනු අක්මා රෝගවලට ඉතාමත් හිතකරය. විෂ ද්‍රව්‍ය බැහැරණයට උදව් වේ. එසේම මේවායේ අඩංගු ‘සැපොනින’ නම් ද්‍රව්‍ය අක්මා පිළිකා වළක්වයි. රතු ලුනු රුධිරය තුනී කරයි. කැටි ගැසීම වළක්වයි. එමගින් හෘදය රෝග වළක්වයි.

තවද මේවා ගුද මාර්ගයේ බැක්ටීරියා වර්ධනයට හා ගුද පිළිකා ඇති වීම වළක්වයි. මංගනීස්, විටමින් C ආදිය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය නංවයි. රෝග නිවාරණය කරයි. එසේම රතුලූනු ආහාරයට ගැනීම මඟින් සිරුර තුළ ඇති වන alliein නම් ද්‍රව්‍ය නිසා පිළිකා ඇති වීම වළක්වයි.

 

යශෝදා

Comments