මොර­ග­හ­කන්දේ නව පදිං­චි­ක­රු­වන්ට ගුරු­වෙල ආදර්ශ වගා­බිම | සිළුමිණ

මොර­ග­හ­කන්දේ නව පදිං­චි­ක­රු­වන්ට ගුරු­වෙල ආදර්ශ වගා­බිම

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාව යළි පදිංචි කිරිමේ දී ඔවුන්ට අවශ්‍ය කෘෂිකාර්මික ඥානය ලබා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ පවුල් තුන්දහසකට අධික පිරිසක් සිය වාසභූමී අතහැර කළුගග පරවැදේශයට නැවත පදිංචියට ගොස් තිබේ. ගුරුවෙල හා කළුගඟ ප්‍රදේශයේ පදිංචිය සදහා ඔවුන්ට යෑමට සිදුවුයේ පෙර පැවති ඉඩම් සියල්ල මොරගහකන්ද ජලාශයට යට වන හෙයිනි. කඩවත, ගල්පෝරුගොල්ල, තලාගොඩ, කොන්ගහවෙල, ඇලගමුව ආදී ගම්මාන වල ජනතාව නව වාසභූමි වෙත මේ වන විට ගොස් අවසන්ය.නැවත පදිංචිකිරිම් වල දී ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දි ඇති අතර සිය භූමි කළමණාකරණය කරගැනිම් මෙන්ම වගා කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සදහාද මහවැලි අධිකාරිය විවිධ වැඩසටහන් හදුන්වා දී තිබේ.

ඒ අනුව අක්කර 60 කින් යුතු මහවැලියට අයත් ගුරුවෙල ගොවිබිම තුළ රැකියා අවස්ථා රැසක් නවපදිංචිකරුවන් උදෙසා ලබා දී තිබේ.

එවැනි පරිසරයක අප ඔබව රැගෙන යන්නේ කර්කෂ පොළොව මත අඩු ඉඩක් ප්‍රයෝජනයට ගනිමින් ගෙවත්තක් කළමනාකරණය කර ගැනීම සදහා නැවත පදිංචිකරුවන් වෙත ලබා ද තිබෙන දැන්ම පරික්ෂාකර බලන්නටය. ලග්ගලට ආවේණික සාම්ප්‍රදායික ගොවිතැන් කලාවේ අපුර්වත්වයට හානි නොවන අයුරින් සකසා ඇති මෙම ගෙවත්තේ නිවසට අවශ්යො බොහෝ දේ එකම තැනකින් සපයා ගත හැකිය.

ගොවිපළ කළමණාකරු එස්.ඒ.ඒ.ඒ්.අයි. සෙනවිරත්න මහතාගේ උපදෙස් අනුව සහ මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වය මත සකසා ඇති මෙම ගෙවත්ත ආදර්ශයට ගෙන නැවත පදිංචිකරුවන්ගේ නව ගෙවතු සකස්කර ගැනීමට උපදෙස් සැපයිම මෙහි අරමුණ වී තිබේ.

වඩාත් ක්‍රමානුකුල පාංශූ සංරක්ෂණ රටාවන් භාවිත කරමින් සහ ජල කළමණාකරණයකින් මෙම ගෙවත්ත සකසා තිබීම ඉතාමත් අපූරුය.

අධික උෂ්ණත්වයක් පවතින මෙවන් සමයක වුවද පරිසරයේ සිසිලස පවත්වාගෙන යමින් මෙම ගෙවත්ත නිවසට අවශ්‍ය බොහෝ දේ සපයා දෙයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ කන්නයක් අවසානයේ අනෙක් කන්නට අවශ්‍ය බීජ ගෙවත්තේදීම සකසා ගැනීමත් ඒවා කළ් තබාගන්නා ආකාරයත්ය. ඒ සදහා ගෙවත්තේම යම් ස්ථානයක් වෙන්කර අවශ්‍ය බීජ කල්තබා ගැනීම අපේ පැරැණ්නන් සතුව තිබු ශිල්පීය ක්‍රමයකි.

නව භූමියක පදිංචි වන්නන් සදහා අවශ්‍ය පැළ වර්ග ජලය මෙන්ම තාක්ෂණික දැනුම ද මහවැලි අධිකාරිය හරහා ජනතාවට ලබාදී තිබේ.

එහි එක් පියවරක් ලෙස ගුරුවෙල ගොවි බිම ද නව පදිංචිකරුවන්ට ආදර්ශයක් සපයන ස්ථානයකි.

සහකාර ගොවිපළ කළමණාකරු යූ.වී.සරත් චන්ද්‍රරත්න, කෘෂිකර්ම සහකාර ඩබ්ලිව්.එම්.විජේවර්ධන, කළමණාකරණ සහකාර ඒ.ජි.පී.අයි.බී.සේනාරත්න යන මහත්වරුන්ගේ අධික්ෂණය හා මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක ගුරුවෙල ගොවිබිමේ වගාවන් රැසක් සිදුකරනු ලබයි. මධ්‍යම පළාතේ පැවති ගෙවතු වගා තරගවලදි ජයගර‍කරහන රැසක් අත්පත්කර ගැනීමට ද ගුරුවෙල ගොවි බිම සමත්ව තිබේ. විශේෂ ස්තුතිය මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී.දයානන්ද මහතාට.

අයි.ඒ.කුමාර

 

Comments