බඹර පැණි | සිළුමිණ

බඹර පැණි

ඈත අතීතයේ සිටම බඹර පැණි දඩයම ගැමි සමාජය තුළ සුලභ වූ බඹරුන්ගෙන් අප ලැබූ එක් ප්‍රධානතම ප්‍රයෝජනයක්. සාමාන්‍යයෙන් පැණි වාරයක් තුළදී එක් බඹර වදයකින් පැණි කිලෝග්‍රෑම් 25- 40 අතර ප්‍රමාණයක් බලාපොරොත්තුවන්න පුළුවන්.

නමුත්, බඹර කැපීම අප හැමට කළ නොහැකි කාර්යයක් වන අතර, එය මනා පුහුණුවකින් සහ මනා හික්මීමකින් යුක්තව කළයුතු කාර්යයක්. බඹර පැණිවල රසායනික සංයුතිය, මීපැණිවල රසායනික සංයුතියෙන් බොහෝ සේ වෙනස් නොවන අතර , එහි ජල ප්‍රතිශතය පමණක් තරමක් ඉහළ අගයක් ගන්නවා. එබැවින්, බඹර පැණිවල, මී පැණිවල දක්නට ලැබෙන උකු ගතිය දක්නට ලැබෙන්නේ නැහැ.

කෙසේවුවද, බඹර පැණි ආහාරයක් ලෙස මෙන්ම, ආයුර්වේද ප්‍රතිකර්ම සදහාද බහුලව යොදාගන්නවා. එසේම, බඹර වදවලින් නිස්සාරණය කරගන්නා ඉටි, ඉටිපන්දම් නිෂ්පාදනය සදහා මෙන්ම, බතික් කර්මාන්තය සදහාද යොදාගන්න පුළුවන්.

කෙසේ වුවද, බඹර වද භාවිතයෙන් පැණි නිෂ්පාදනය මෙන්ම ඉටි නිෂ්පාදනයද තිබෙන්නේ යම් සීමාකාරි මට්ටමක. නමුත් භෝග පරාගණය සදහා බඹරුන්ගෙන් වන්නේ මහත් මෙහෙයක්. මී ළඟ ලිපියෙන් අප කතා කරන්නේ, භෝග පරාගණය හා පැණි නිෂ්පාදනය සඳහා තවත් වැදගත්, තවත් එක් බිඟු විශේෂයක් වන කනෙයි බිඟුන් පිළිබඳවයි.

 

ඉසුරු ලක්මාල් හේරත්

කෘෂිකර්ම පීඨය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Comments