වෙඩි බෙහෙත් සොයාගත් ඇල්ප්‍රඩ් නොබෙල් | සිළුමිණ

වෙඩි බෙහෙත් සොයාගත් ඇල්ප්‍රඩ් නොබෙල්

ස්වීඩනයේ ඉංජිනේරුවකුගේ පවුලට අමුත්තෙක් එකතු වුණා. එයා තමයි ඇල්ප්‍රඩ් ‍ෙනාබෙල්. නොබෙල් කුඩා කාලයේ ඉඳලම පුපුරණ ද්‍රව්‍ය ගැන සෙව්වා. අවුරුදු 30 දී පුපුරණ ද්‍රව්‍ය කම්හලක් ආරම්භ කළා. පුපුරණ ද්‍රව්‍ය ලෝහ කොපුවක් තුළ බහා භාවිතා කරන්න නිර්මාණය කළා. බය නැතිව එහා මෙහා ගෙනයා හැකි එය ඩයිනමයිට් නම් වුවා.

ඩයිනමයිට්වලට කපුරු කලවම් කර වෙඩි බෙහෙත් නිර්මාණය කළා. එයින් ඔහු කෝටිපතියෙක් වුණා. එම වෙඩි බෙහෙත් යුද ගිනි අවුළුවන්න හේතු වූ නිසා තම ධනය මහජන යහපතට යෙදවුවා.

ඔහු මිය ගිය දෙසැම්බර් 10 වැනිදා ඔහු නමින් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය හා සාමය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබනවා.

දුලනි චිරත්මි නවරත්මි.

4 ශ්‍රේණිය ‘සී’ ,

නාරංගොඩපාළුව ප්‍රාථමික විදුහල,

බටුවත්ත,

රාගම.

 

Comments