කියවීම විනෝදාංශයක් කර ගනිමු | සිළුමිණ

කියවීම විනෝදාංශයක් කර ගනිමු

කියවීම පිරිපුන් මිනිසකු වන්නට මඟ සලසන වි‍නෝදාංශයකි. කියවීමෙන් මනස දියුණු වන අතරම මිනිසා පරිණත ද කරයි. අද ලෝකයේ බොහෝ පොත් පත් වෙයි. ළමා අපට විවිධ වූ ළමා කතා, පුවත් පත්, ලේඛන කියවා රසවිඳ අපේ දැනුම දියුණු කර ගත හැකිය. අපට හමුවන ලේඛන, විවිධ ශෛලීන් අනුව රචනා කර ඇත. පැරැණි බණ කතා රචනා කර ඇත්තේ අසා රස විඳීම අරමුණු කර ගෙනය. එවැනි පැරැණි බණ කතාවල විරාම ලක්ෂණ, වචන කෝෂය, වාක්‍ය රටා, භාෂා ශෛලිය, කියවීමෙන් ලේඛනයේ අරමුණ , අර්ථය පහසුවෙන් ග්‍රහණය කර ගත හැකිය. මාර්ටින් වික්‍රමසිංහ ශූරින් ලියා ඇති ‘මඩොල් දුව’ පොත ළමයින් අතර ඉතා ප්‍රසිද්ධ ළමා කතා පොතකි. කියවීමෙන් නිසි ඵල ලැබීමට නම් එය නිවැරැදිව කියවා අව‍බෝධ කර ගත යුතුය. ශාස්ත්‍රීය ලේඛන ද නිර්මාණාත්මක ලේඛන ද ගොඩ නැගෙන්නේ රසවත්ව නිවැරැදි ලෙස ලේඛනයේ විදහා දැක්වීමෙනි.

උච්චාරණයක් දැනගැනීමට හා නිශ්චිත අර්ථය දැන ගැනීමට ශබ්දකෝෂය භාවිත කළ හැකිය. එකම භාෂවෙහි ආර්ථ දක්වන ශබ්දකෝෂ මෙන්ම වෙනත් බසක වචනවල අර්ථය පවසමින් සම්පාදිත ශබ්දකෝෂ ද වේ. ඒවා භාෂාන්තර ශබ්දකෝෂ ලෙස හැඳින්විය හැකිය. සිංහල භාෂාවෙහි යෙදෙන වචනවල අරුත් දැන ගැනීම‍ට ඉවහල් වන ප්‍රධාන කෘතිය සිංහල ශබ්දකෝෂයයි. එය කාණ්ඩ 26 කින් සමන්විත වෙයි. අප පුවත් පත් හෝ කතන්දර පොත් ලිවීමේදී අපට නිවැරදි උච්චාරණය දැනගැනීමට ශබ්දකෝෂය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.“කියවීම මිනිසා සම්පුර්ණ කරයි” යනු ඉතාමත්ම නිවැරැදි වැකියකි.අපට විනෝදයෙන් කියවීමට හැකි තැන වන්නේ පුස්තකාලයයි. පුස්තක + ආලය යනුවෙන් හඳුන්වන්නේ පොත් විනෝද‍වීමෙන් කියවීමයි. මගේ විනෝදාංශය කියවීමයි. කියවීම විනෝදයක් පමණක් නොව ජීවිතය පිළිබඳ අවබෝධයක් සහ දැනුම් සම්භාරයක් ලැබිය හැකි ක්‍රියාකාරකමක් වන්නේ එවිටය.

තරුනෙත්මි අපුර්වා එදිරිමාන්න

8 ශ්‍රේණිය ‘බී’,

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ. 

Comments