ගින්නෙන් සහ විෂබීජවලින් බිත්ති සුරකින ක්‍රවුන් තීන්ත JAT වෙතින් | සිළුමිණ

ගින්නෙන් සහ විෂබීජවලින් බිත්ති සුරකින ක්‍රවුන් තීන්ත JAT වෙතින්

 අවුරුදු 25 ක් පුරා මෙරට දැව සහ ලී බඩු කර්මාන්තයට නව මානයක් එක් කළ JAT සමාගම, ‘දැව නම් Water Base’ කියන තරමට එම ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කොට තිබේ. ‘ක්‍රවුන් පේන්ට්’ හරහා තීන්ත ක්ෂේත්‍රයේ ද විප්ලවයක් ඇති කරමින් සිටින JAT සමාගමේ ප්‍රගතිය සහ උන්නතිය පිළිබඳවත් නව සේවා පිළිබඳවත් එම සමාගමේ අධ්‍යක්ෂ/ අලෙවි සහ තාක්ෂණ දකුණු ආසියා, වසන්ත ගුණරත්න මහතා සමඟ කළ කතා බහක් මේ.

ලී බඩු සහ දැව ක්ෂේත්‍රයට JAT එක් කළ විප්ලවීය වෙනස කුමක්ද...

1993 JAT දැවමය ආලේපන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ලෝකයේ අති නවීන තාක්ෂණයත් එක්ක. ඒ තාක්ෂණික දැනුම, දැව ක්ෂේත්‍රයට ලබාදීලා ලී බඩු ක්ෂේත්‍රයේ ‘ඔප් නංවන’ කලාව අපි වෙනස් කළා. දැව කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළෙන ශිල්පීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළා. ඔවුන්ගේ ඒ ආකල්ප සහ දැනුවත් භාවය, පුරුද්දක් බවට පත් කළා. අවසානයේ පරිසර හිතකාමී කර්මාන්තයක් දක්වා ඒ විප්ලවීය වෙනස ඇති වුණා.

කොහොමද ඒ පරිසර හිතකාමී බව ඇති කළේ...

අලුත් තාක්ෂණයෙන් නිපදවූ එම ආලේපනවලින් දැව සහ දැව භාණ්ඩවල කල් පැවැත්ම දීර්ඝ වුණා. අලංකාරය සුරැකුණා. ලී බඩු ඉක්මනින් විනාශ වෙලා ගියොත් නැවත නැවත එම ලී බඩු හදන්න ගස් කොච්චර කපන්න වෙනවද... ලී බඩුවක් කල් පවතිනවා කියන්නේ තව ගහක් දෙකක් හරි පරිසරයට ඉතිරි වෙන එකයි. දහස් ගණන් දැව ශිල්පීන්, පිංතාරු ශිල්පීන් JAT ආලේපන භාවිත කළා කියන්නේ, මේ අවුරුදු 25 ට අපේ රටේ ගස් සිය දහස් ගණනක් ඉතිරි කරන්න දායක වුණා කියන එකයි. ඉදිකිරීම් කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, තරු හෝටල් විතරක් නෙවෙයි, තමන්ගෙ නිවහනට JAT ආලේප කළ ඔබ සෑම සියලු දෙනාත් මේ සද්කාර්යයේ කොටස්කරුවන්.

දැව ආලේපනවලින් ඔබ්බට ගොස් ‘ඔප් නංවන’ කලාවට JAT එක් කළ වෙනස ගැනත් කියන්න...

JAT, පවුඩර් කෝටින්ග්ස්... ඇන්ටිකො‍රෝසිව්... ඉනැමල්... කියන ඔප් නංවන ආලේපන ගණනාවක් හඳුන්වා දුන්නේ, දැව ආලේපන මතම රැඳී නොසිට අලුත් මානයක් කරා විහිඳුණු නිසයි. ඒ ගමනේ තවත් ඉදිරි පියවරක් ලෙසයි, පර්මොග්ලේස් සහ ක්‍රවුන් වෙළෙඳනාමය JAT අත්පත් කර ගත්තේ. ඒ අත්පත් කර ගැනීම අපි නිකම්ම කළේ නැහැ. අපි තීන්ත වෙළෙඳපොළ හොඳින් අධ්‍යයනය කළා. පාරිභෝගික ගැටලු හඳුනාගත්තා. ඒවාට විසඳුම් සෙව්වා.

‘බිත්තියේ තීන්ත ආලේප කිරීම...’ කියන සාමාන්‍ය ආ‍කල්පයෙන් බැහැර වෙලා අලුත් විදියකට කොහොමද බිත්ති ඔප් නංවන්නේ සහ ආරක්ෂා කරන්නේ කියන තැනට අපි ආවා. ඔප් නංවන බිත්තිය කොහොමද හරියට තියා ගන්නේ... නඩත්තු කරන්නේ කියන දේටත් ලොකු අවධානයක් දුන්නා. ක්‍රවුන් කියන්නේ මේ සියලු ප්‍රශ්නවලට අපි සොයා ගත් සාර්ථකම විසඳුම.

‘ක්‍රවුන්’ කියන්නේ දේශීය නිෂ්පාදනයක්ද...

‘ක්‍රවුන්’ වෙළෙඳ නාමයේ අයිතිය එංගලන්තයේ ක්‍රවුන් කියන දැවැන්ත සමාගමටයි. අපි එම සමාගමේ එකම ශ්‍රී ලාංකේය ඒජන්ත. වෙළෙඳ නාමය ඔවුන්ගේ‍. තාක්ෂණය ඔවුන්ගේ. ප්‍රධාන අමුද්‍රව්‍ය ගේන්නෙත් එංගලන්තයෙන්. හැබැයි ක්‍රවුන් කියන්නේ සියයට සියයක් අපේ රටේ අපේ කර්මාන්ත ශාලාවල, අපේම මිනිසුන් නිපදවන දේශීය තීන්ත වර්ගයක්.

මොකක්ද ක්‍රවුන් විශේෂත්වය...

සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ තිබෙන මැට් ඉමල්ෂන් තීන්ත බිත්තියේ ගෑවම එළිය අඩුයි. ඒ නිසා නිතර ලයිට් දාන්න වෙනවා. කුණු බැඳුණම අල්ලා හිටිනවා. නමුත් ක්‍රවුන් කියන්නේ සිල්ක් ඉමල්ෂන් එකක්. ඒ නිසා ඇල් වතුරෙන් වුණත් බිත්ති හෝදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තද කුණු පැල්ලම් අරින්න ග්ලාස් ක්ලීනර් වගේ කෙමිකල් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේක රටේ කාලීන අවශ්‍යතාවක්. මොකද පොඩි ළමයි ඉන්න ගෙවල්වල බිත්ති කිළිටි වෙනවා. නත්තල් අවුරුදු පාටි, මඟුල් ගෙවල් එන ගානේ ගෙදරට තීන්ත ගාන එක වියදම් සහගතයි. අවුරුදු පහක් විතර ගෙදර බිත්ති අලුත් පාටට තියාගන්න පුළුවන් නම් කවුද අකැමැති. ක්‍රවුන් කියන්නේ ඇත්තටම මේ සියල්ලට තියෙන හොඳම විසඳුම. ක්‍රවුන් තීන්ත ගාපු බිත්තියකට හිරු එළිය වැටුණාම ලයිට් එකක් පත්තු කළා වගේ මුළු ගෙදරම එළියයි. වර්ණ අසීමිතයි. දවල් කාලේ ගෙවල් ඇතුළේ ලයිට් දාන්න අවශ්‍යම නැහැ. මේ බිත්තිවලට හිරු එළිය වැටුණාම පාට පිච්චෙන්නෙ නැහැ. දුර්වර්ණ වීමක් නැහැ. කුණු සුද්ධ කරන්න හරිම ලේසියි. මේ සියලු කාරණා සසඳද්දී වෙළෙඳපොළේ තිබෙන ලාභ තීන්ත වර්ගවලට වඩා ක්‍රවුන් තීන්ත මොන තරම් වටිනවද? එය ඔබ, ගෙදරට කරන ආයෝජනයක්.

‘ක්‍රවුන්’ නමින් වෙළෙඳපොළට එන අනෙක් සුවිශේෂි නිෂ්පාදන මොනවද...

ගින්නෙන් බිත්ති ආරක්ෂා වන (Flame Retardant Coatings) තීන්ත සහ ඇන්ටි බැක්ටීරියල් තීන්ත අති විශේෂයි. පොඩි ළමයි ඉන්න ගෙවල් පිරිසුදු කාරක, විෂ බීජ නාශක දාලා මොනතරම් හෝදනවද. ඒත් බිම විතරද විෂ බීජ තියෙන්නේ? ඇයි බිත්තිවල තියෙන විෂ බීජ අමතක වුණාද? හැබැයි ඉතින් බිම හෝදනවා වගේ විෂබීජ නාශක දාලා බිත්ති හෝදන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඉස්පිරිතාලවල ඔපරේෂන් තියටර්ස්වල, ලැබ්වල වගේම, පොඩි ළමයි ඉන්න ගෙවල්වල බිත්ති, විෂ බීජවලින් තොරව පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය දෙයක්. JAT ‘ඇන්ටි බැක්ටීරියල්’ තීන්ත නිපදවා තියෙන්නේ මෙවැනි තැන් වෙනුවෙන්මයි. පොඩි දරුවන් වෙනුවෙන් බිත්ති පිරිසුදුව තියාගන්න වෙර වෑයම් දරන ඔබ වෙනුවෙන්මයි. මොකද, ඇන්ටි බැක්ටීරියල් තීන්ත තියෙන බිත්තියක බැක්ටීරියා වර්ධනය වෙන්නෙ නැහැ. විෂ බීජ රැඳීමක් නැහැ.

මේ තීන්ත වර්ග දෙකම ‍දැන් වෙළෙඳ පොළේ තිබෙනවාද...

මේ තීන්ත වර්ග දෙකම අවශ්‍ය නම්, ඔබට කරන්න තියෙන්නෙ ළඟම තියෙන JAT අලෙවි නියෝජිතට දන්වන එකයි. මාස ගණන් කඩවල පල් වෙන්න අපි මේ තීන්ත වර්ග දෙක හදන්නෑ. ඕනෑම ප්‍රමාණයකින් නැවුම් තීන්ත අපි ඔබට හදා දෙනවා. ඒ හැරෙන්න අපි හාඩ්වෙයාර්වල බඩු ගොඩ ගහන්නෑ‍. අපි ජනතාව දැනුවත් කරනවා. බාස්ලා දැනුවත් කරනවා. ඩීලර්ව දැනුවත් කරනවා. ඔබට අවශ්‍ය මොහොත දැනුම් දෙන්න, නොපමාව අපි එය නැවුම් නිෂ්පාදනයක් ලෙස ඔබට ලබා දෙනවා.

රටේ පළාතෙන් පළාතට, දේශගුණයට - කාල ගුණයට මේ තීන්ත ඔරොත්තු දෙනවද...

මාතර, දෙනියාය, බදුල්ල, නුවරඑළිය, ත්‍රීකුණාමල, කොළඹ, මුහුදු කරේ... මේ හැම පළාතකම ගාලා බලලා පර්යේෂණ කරලා... බය නැතිව තමයි වෙළෙඳ පොළට මේ සියලු තීන්ත වර්ග අපි ඉදිරිපත් කළේ. දැන් මේවා ජනතාවට පුරුදු සහ සමීප තීන්ත වර්ග වෙලා. JAT සමාගම අතිසාර්ථක වෙලා තිබෙන්නේ පාරිභෝගිකයා දක්වන හදවතින් බැඳුණු ඒ ගනුදෙනුව නිසයි.

JAT බ්‍රෂ් මාස්ටර්... බ්‍රෂ් එකේ විශේෂත්වය කුමක්ද...

වෙළෙඳපොළේ බොහොමයක් තිබෙන්නේ සත්ව කෙඳි, විශේෂයෙන් ඌරු කෙඳි සහ හරක් කෙඳි වලින් හැදූ බ්‍රෂ් වර්ග. සමහර ආහාර නිෂ්පාදකයින් තැටිවල සහ පාන්, බනිස්, මාළු පාන් ඇතුළු කෙටි කෑමවලට බටර් මාගරින් වර්ග ආලේප කරන්නෙත් මෙවැනි බ්‍රෂ්වලින්. කලක් ගත වෙද්දී මේවා කැඩී කෑමවලට මුසු වෙන්න පුළුවන්. පූජනීය ස්ථානවලට තීන්ත ආලේප කරද්දීත් මේ තත්ත්වය එලෙසමයි. නමුත් උසස් ‘ඩියුපොන් ටයිනෙක්ස් පිලමන්ට්’ භාවිතයෙන් පමණයි බ්‍රෂ් මාස්ටර්, පින්සල් නිපදවන්නේ. කෙඳි නොකැඩෙන බර අඩු, පස් ගුණයක ආයු කාලයක් තිබෙන, තීන්ත අඩුවෙන් උරා ගන්නා ගුණය ඇති, කාලය අඩුවෙන් යන, හසුරුවන්න වඩා ලේසි බ්‍රෂ් මාස්ටර් සඳහා පිටරටවලින් පවා විශාල ඉල්ලුමක් පවතින්නේ මේ නිසා.

JAT අද ජාත්‍යන්තරයටත් විහිදුණු සමාගමක් නේද...

JAT ලංකාව හැරුණාම, මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය සීෂෙල්ස් ඇතුළු දකුණු ආසියාවටම විහිදුණු සමාගමක්. මේ සියලු රටවලට ‘සේයාලැක්’ (Seyerlack) සහ බ්‍රෂ් මාස්ටර් නිෂ්පාදන බෙදා හරින්නේ JAT. දකුණු ආසියාවේ ඉදිකිරීම් ශිල්පීන්ගේ එකම තෝරා ගැනීම බවට පත්වෙන්න JAT නිෂ්පාදනවලට හැකිවෙලා තිබීමම විශාල ජයග්‍රහණයක්.

JAT ජයග්‍රහණයන් පිටුපස සිටින්නේ කවුද...

සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයට විතරක් ඒ ගරුත්වය සීමා වෙන්නෑ. JAT සමස්ත සේවක මණ්ඩලයටම ඒ ගරුත්වය හිමි වෙනවා. අපගේ සේවකයන් දැනුමින් සුදුසුකම්වලින් ආකල්පවලින් බොහෝ ඉදිරියෙන් සිටින පිරිසක්. ඒ පසුබිම ඔවුන්ට ලබාදී තිබෙන්නේ JAT සමාගමමයි. සේවකයන්ට අවශ්‍ය උසස් අධ්‍යාපනයට, ලෙඩදුක් වැනි ප්‍රශ්නවලට සුබසාධනයට සැකසූ සාර්ථක වැඩපිළිවෙළ ගණනාවක් JAT සමාගමේ ක්‍රියාත්මකයි.

JAT සමාගම හැදූ ඊලියන් ගුණවර්ධන මහත්මයා සේවකයන්ට විශිෂ්ට ලෙස සලකන නායකයෙක් හැඩයි...

ඔව්. ඔහු පමණක් සැප පුටුවක වාඩිවෙලා ඉන්නෑ. අපේ සේවකයන් වාඩිවෙලා ඉන්නෙත් ලක්ෂ තුන හමාරක් පමණ මිල වන ‘හර්මන් මිලර්’ පුටුවල. සේවකයන් සතුටින් වැඩ කිරීම ඔස්සේ ආයතනික ප්‍රතිඵල යහපත් කර ගැනීමයි ඔහුගේ ක්‍රමය. ඒ නිසා පාරිභෝගිකයාට ඉහළම සේවාවක් ලබා දෙන්නටත් අපිට හැකිවෙලා තිබෙනවා. රසවත් උණුසුම් දිවා ආහාර වේලක් ලබා දෙන්න ඔහු විශේෂයෙන් කටයුතු කළා. අලුත් පරිසර හිතකාමී JAT ගොඩනැඟිල්ලේ ඒ වෙනුවෙන් විශාල මුළුතැන්ගෙයක් සහ සූපවේදීන් පවා යොදවලා තිබෙනවා. ‘Work Happy’ එතුමා නිතර කියන්නේ ඒ දේ. ඒ වෙනුවෙන් සේවකයන්ට අවශ්‍ය සෑම පසුබිමක් ම හදා දී තිබෙනවා. ඇත්තටම ඔහු සෑම ආයතනික ප්‍රධානියකුට ම පූර්වාදර්ශයක් සපයන චරිතයක්. සභාපති වගේ ම හොඳ CEO කෙ‍නෙක් සිටීමත් ආයතනයක ප්‍රගමනයට හේතු වෙනවා‍.‍ එහෙම බලද්දී නිෂාල් ෆර්ඩිනැන්ඩු කියන්නෙත් අපේ සමාගමට එවැනි චරිතයක්.

සේවකයාත් බලාගෙන, පාරිභෝගිකයාත් බලාගෙන වසරකට රුපියල් බිලියන දෙක හමාරක විදේශ විනිමයත් රටට රැගෙන එන පරිසර හිතකාමී සමාගමක් බවට පත්වන්නට JAT සමාගමට හැකිවී තිබෙන්නේ මේ සෑම සියලු දෙනා නිසයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර 

අදහස්