සැබවින්ම ළමා විය එතරම්ම අවිහිංසකය. | සිළුමිණ

සැබවින්ම ළමා විය එතරම්ම අවිහිංසකය.

යුද්ධය ප්‍රථමයෙන් පීඩාවට පත් කරන්නේ දරුවන්ය. එය මිනිත්තු කිහිපයකින් ඔවුන්ට ඔවුන්ගේ ළමා විය අහිමි කරන අතර තවත් මිනිත්තු කිහිපයකින් මුළු ජීවියතම වුවද අහිමි කිරීමට වුවද බැරි නැත. එහෙත් හිරිමල් ළමා විය කොරතම් අවිහිංසකද යත් මරණය අතින්ගෙන සිටින යුද්ධ බිමක වුවද ළමාවියේ සුන්දර බව සැනෙන් මතු වීමට පුළුවන.

මේ මතුපිට ගින්දර නිවී ගියද තවමත් ඇතුළත ගිනි පුපුරු පවතින පැරණි යුධ බිමකි. ස්ථානය ඇෆ්ගන් කාබුල් නගරයේ කඳුකර ප්‍රද‍ේශයකි. තම අරමුණ අවසන් වීමෙන් පසු අත්හැර දමනු ලැබූ‍ මේ සෝවියට් යුධ ටැංකිය මතින් බිමට පනිමින් කළ හැකි ක්‍රීඩාවක් මේ කුඩා ඇෆ්ගන් දරුවා විසින් සොයා ගනු ලැබ තිබේ.

සැබවින්ම ළමා විය එතරම්ම අවිහිංසකය.

Comments