වසන්තය සමග වර්ණ ගළපන 'හෝලි' | සිළුමිණ

වසන්තය සමග වර්ණ ගළපන 'හෝලි'

වසන්තය. සොබා දහමේ අපූර්වතම තිළිණය. එහි උදාව රටින් රට ජනතාව ආවේනික ලෙස සැමරුවද වසන්තය සෑම රටකටම ගෙන එන්නේ එක හා සමාන සතුටකි.

වසන්තයේ උදාව ඉන්දීය ජනතාව සමරන්නේ වඩාත් සෞන්දර්යාත්මක ලෙසිනි. ඔවුහු වසන්තය සමග වර්ණ ගළපති. මෙතෙක් පැවති දුර්වර්ණ පැහැය වෙනුවට වසන්තයේදී සොබ‍ාදහම සෑම පාටකින්ම අලංකාරවූ අති සුන්දර පරිසරයක් සැමට තිලිණ කරන්නේය.

ඉන්දියානුවෝ මේ සුන්දරත්වය සමග එන වසන්ත උදාව සැමරීමට තද පැහැ වර්ණ ගෙන එකිනෙකාගේ සිරුරේ තවරා ගනිති. වසන්ත උදාව සමග ආදරය, සාමූහිකත්වය, විනෝදය, හිතවත්කම බෙදා හදා ගනිති. මේ උත්සවය ඔවුහු 'හෝලි' ලෙස නම් කරති.

මේ වසරේ වසන්ත උදාව ඔවුහු පසුගියදා මෙලෙස සැමරූහ. 

අදහස්