අභ්‍යන්තර විරෝධතා මැද ඩොනල්ඩ් ට්‍රම්ප් වෙළෙඳ යුද්ධයකට | සිළුමිණ

අභ්‍යන්තර විරෝධතා මැද ඩොනල්ඩ් ට්‍රම්ප් වෙළෙඳ යුද්ධයකට

 අමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යන පොදු කරුණක් නම් රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපතිවරු යුද බෙර හැඬවීමට දක්වන ලැදියාවයි. මෑත කාලීන රොනල්ඩ් රේගන් ලිබියාවට පහරදුන්නේය. ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ් පළමුවැනි ගල්ෆ් යුද්ධය ඇරඹීය. ඔහුගේ පුත් කණිෂ්ඨ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇෆ්ගන් හා ඉරාක ආක්‍රමණයන් සිදුකළේය. ඩිමොක්‍රැටික් පාක්ෂික ජනාධිපති බරක් ඔබාමා සාර්ථක ලෙස සිය ධුරකාල දෙක ගෙවාදමා විශ්‍රාම ගනිද්දි බලයට පත් රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද බෙර වැයීමේ කාලය දැන් එළඹ තිබේ. බොහෝ දෙනා අපේක්ෂා කළේ ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද තර්ජනයක් එල්ල කරනු ඇතැයි යනුවෙනි. එය මේ දක්වා එසේ නොවුනද ට්‍රම්ප් අමුතුම ලෝක යුද්ධයක් සඳහා යුදබෙර වැයීම අරඹා තිබේ. එය සෘජුවම වෙළෙඳ යුද්ධයක්ද එසේත් නැතිනම් එළැඹෙන මධ්‍යධුරකාල මැතිවරණ ඉලක්ක කරගනිමින් පවත්වන දේශපාලනික සංදර්ශනයක්ද යන්න තක්සේරු කිරීමට තවමත් කල්වේලා එළඹ නැත. එහෙත් මේ දිනවල පළවන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ට්‍රම්ප් සිය මතබේදකාරි පාලන සමයට තවත් අර්බුදයක් එක්කරගනිමින් ගෝලීය වෙළෙඳ යුද්ධයක් සඳහා සැරසෙන බවයි.

මේ විදෙස් සටහන අවසන් කරන බ්‍රහස්පතින්දා අළුයම වනවිට සියලුම අන්තර්ජාතික මාධ්‍යවල වාර්තා වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම රටට සිදුකරන වානේ ආනයන සඳහා සියයට 25ක බද්දක්ද ඇළුමිනියම් ආනයන සඳහා සියයට 10ක බද්දක්ද ඇතුලත්වන ජනාධිපති ප්‍රකාශණයක් අත්සන් තැබීමට නියමිතව සිටි බවයි. එය ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබූ කල ප්‍රධාන වශයෙන්ම චීනයෙන් අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ සහ ඇළුමිනියම් සඳහා අධික බදු මුදලක් ක්‍රියාත්මක වනු ඇතැයි සැලකේ. චීනය පමණක් නොව රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමයට හා නිරතුරුව අමෙරිකාවේ සමීප වෙළෙඳ හවුල්කරු වන කැනඩාවටද සමීප අසල්වැසියා වන මෙක්සිකෝවටද ඉතා අහිතකර වෙළෙඳමය බලපෑමක් එමගින් ඇතිවේ යැයි විශ්වාසයක් පවතී. අදාල රටවල් මේ වනවිටත් අමෙරිකාවට විරෝධය පළකර තිබේ. තම රටවලින් අමෙරිකාවට යවනු ලබන ලෝහ නිෂ්පාදන සඳහා දැඩි බදු පැනවීමට ට්‍රම්ප් පාලනය පියවර ගන්නේ නම් එකට-එක කිරීමක් ලෙස තම වෙළෙඳපොලට එන අමෙරිකානු නිෂ්පාදනවලටද දැඩි බදු පැනවීමට සිදුවන බවට යුරෝපා සංගමයේ සභාපති ෂෝන් ක්ලෝඩ් ජන්කර් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළේය. මෙය අමෙරිකාව සහ එරට වෙළෙඳ හවුල්කරුවන් අතර වෙළෙඳ යුද්ධයක මූලාරම්භය ලෙස සැලකේ.

වෙළෙඳ යුද්ධයක් යනු කුමක්ද? රටවල් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් බදු පදනම් කරගනිමින් ඇතිකරගනු ලබන අර්බුදකාරි තත්ත්වය වෙළෙඳ යුද්ධයක් ලෙස ව්‍යාපාරික ශබ්ද කෝෂය මගින් අර්ථ දක්වා තිබේ. එහි කෙටිකාලීන ප්‍රතිඵලය වන්නේ ඉතා බරපතල ලෙස ආනයනික භාණ්ඩවල මිල ඉහල යෑමයි. දිගුකාලීන වශයෙන් ආරක්ෂණවාදය ඉහළ යෑම හා ඇතැම් විට ආර්ථික අවපාතයන් දක්වා මේ තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බව අර්ථ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති. අමෙරිකා එක්සත් ජනපදය ගෝලීය නිදහස් වෙළෙඳම ප්‍රවර්ධනය කළ ප්‍රධානතම රාජ්‍යයකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 'ගැට්' හෙවත් වෙළෙදඳ හා තීරුගාස්තු පිළිබඳ පොදු ගිවිසුම බිහිකිරීමටත් එය පසුකාලීනව ලෝක වෙළෙඳ සංවිධානය දක්වා වර්ධනය කිරීමටත් මූලික වු රටකි. බටහිර වෙළෙඳ හා ආර්ථික බලවේගයේ මූලිකයා වශයෙන් ගෝලීය ආරක්ෂණවාදි වෙළෙඳ ප්‍රතිපත්ති පිටුදැකීමට මෑත කාලීන සෑම පාලනයක්ම යටතේ අමෙරිකාව උත්සුක විය. එය එරට පොදු වෙළෙඳ ප්‍රතිපත්තියයි. යම් රටක් සමග වෙළෙඳාම අවාසිදායක වන්නේද ද්විපාර්ශවික වශයෙන් සාකච්ඡා කර එම තත්ත්වය අවම කරගැනීම මෙතෙක් අනුගමනය කළ මූලික පිළිවෙතයි.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වී ගෙවීගිය වසරකට මදක් වැඩි කාලය තුල සිදුකළේ බොහෝවිට අනපේක්ෂිත හා අමෙරිකාවේ මෙතෙක් අනුගමනය කළ ගෝලීය බලවතාගේ භූමිකාවට බොහෝ සෙයින් විකල්ප ක්‍රියාමාර්ගයන්ය. වෙළෙඳාම සම්බන්ධයෙන් හා ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ අනපේක්ෂිත ක්‍රියාමාර්ග ට්‍රම්ප් පාලනය විසින් මේ දක්වා අනුගමනය කර තිබේ. ඔහු බලයට පත්වූ මුල් සතිය තුලම ශාන්තිකර කලාපීය වෙළෙඳ සහයෝගිතාව හෙවත් ටී පී පී සම්මුතියෙන් ඉවත්වෙමින් අමෙරිකානු හිතවාදි ආසියානු කලාපීය ආර්ථික බලවතුන් හුදෙකලා කර දැමීය. කැනඩාව හා මෙක්සිකෝව සමග පවත්වන උතුරු අත්ලාන්තික නිදහස් වෙළෙඳ සම්මුතිය යලි සාකච්ඡාවට ලක්කළ යුතු ය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ නිර්දේශයයි. එමෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120කට බදු සහන සැළසූ අමෙරිකානු ජී එස් පී බදු සහන ක්‍රමය වහා අහෝසි කළේය. දැන් ඔහු සැරසෙන්නේ අමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට එරෙහිව දැඩි බදු පැනවීමටයි.

ට්‍රම්ප් මෙසේ කරන්නේ ඇයි? මූලික වශයෙන්ම ව්‍යාපාරිකයෙකු වන ඔහු තුල ඇත්තේ අමෙරිකානු දේශීය නිෂ්පාදකයන්, වෙළෙඳ ප්‍රජාව හා සේවකයන්ට වඩාත් වැඩි සහන සැලසීම සඳහා වන ප්‍රතිපත්තිමය දැක්මකි. එය ඔහුගේ මැතිවරණ ප්‍රකාශයෙහි මුලික පොරොන්දුවකි. ට්‍රම්ප් බොහෝ දුරට තමාට ඡන්දය දුන් අමෙරිකාවේ මධ්‍යම ප්‍රාදේශීය කාර්මික, වෙළෙඳ හා සේවක ප්‍රජාවට සහන සැලසීමට වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනේ. විශේෂයෙන්ම අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල මධ්‍යධුර කාලීන මැතිවරණය ලගාවෙද්දී මේ උනන්දුව දෙගුණ තෙගුණ වී ඇති බවක් පෙන්නුම් කරයි.

සැබැවින්ම මෙවැනි ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් නිදහස් වෙළෙඳාමට එරෙහිව උඩුගං බලා යෑම කොතරම් සාර්ථකද යන්න ගැන ප්‍රශ්නයක් පවතී. සෑම රටක්ම තම දේශීය කර්මාන්ත හා වෙළෙඳප්‍ර

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

අදහස්