ලෝක වාර්තා­වක් තැබූ Youth With Talant කිරුළ දිනයි | සිළුමිණ

ලෝක වාර්තා­වක් තැබූ Youth With Talant කිරුළ දිනයි

මාස ගණනාවක් තිස්සේ ස්වාධීන රූපවාහිනියෙන් දිගහැරුණු යූත් විත් ටැලන්ට් (Youth With Talant) රියැලිටි වැඩසටහන පසුගියදා සමාප්තවුයේ මෙරට ප්‍රේක්ෂක නරඹන්නන් විශ්මයට පත්කරවමින්.

චන්න විජේවර්ධන, උමාරා සිංහවංශ, ක්‍රිෂූ ගෝමස්, නදීශා හේමමාලි මේ තරගය අවසානය දක්වාම තරගකරුවන්ට හොඳ වින්ශ්චයක් ලබාදෙමින් ඔවුන් දිරිගැන්වූ විනිශ්චය කරුවන් ලෙස කටයුතු කළා.

මෙදින අවසන් මහාතරගයේදි මේ විනිසුරුවරුන් හතරදෙනාට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහද විනිසුරු අසුන් වලට යාබද අසුනේ හිඳිමින් මේ තරගකරුවන්ගේ දස්කම් දැකගත්තේ විශ්මයෙන්.

එමිල් එරංග, ජනක කංචන, උපුල් රන්දේ, මේනක කෞෂල්‍ය, නිමේෂ් මධුවන්ත, ජනිත් දිමුතු, මොහොමඩ් නිෂ්ෆහන්, ජනක ජීව, දිමංක-චමෝද්, සුභා හංසනී යන තරගකරුවන් දසදෙනා විවිධ වූ හැකියාවන් පෙන්වමින් එකිනෙකා පරදවමින් තරග වැදුණේ රැස්ව සිටි නරඹන්නන් පමණක් නොව ලොවපුරා මෙම වැඩසටහන නැරඹූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මවිතයෙන් මවිතයට පත්කරවමිනි.

එකිනෙකා පරයන විවිධ හැකියාවන් අතරින් මෙම තරග වේදිකාවට හඟුරන්කෙතින් පැමිණි යෝධයා නොහොත් ජනක කංචන ප්‍රථම ස්ථානයත්, මොහොමඩ් නිෂ්ෆහන් දෙවැනි ස්ථානයත්, නිමේෂ් මධුවන්ත තෙවැනි ස්ථානයත් ජයග්‍රහණය කෙළේය.

දක්ෂිණ සංවර්ධන සහ තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරංග වැලිඅංග සහ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න යන මහත්වරු මේ අවස්ථාවට සහභාගිවුහ.

ජනක කාංචන ගිනස් වාර්තා ලාභියකු වන අතර මෙම අවසන් තරගයේදී ඔහු යකඩ කම්බි 50 ක් විනාඩි දෙකක් තුළ දත් උපයෝගීකර ගෙන නවා නව ලෝක වාර්තාවක් පිහිටුවා මෙම කිරුළට හිමිකම් කියුවේය. Youth With Talant අවසන් මහා තරගයේ සුවිශේෂී අවස්ථා කිහිපයකි මේ.

 

 
 

Comments