රෝග කාර­ක­යන්ට පාර කියන භෝග මතු පිට පලුද්ද | සිළුමිණ

රෝග කාර­ක­යන්ට පාර කියන භෝග මතු පිට පලුද්ද

එළවළුවලට වැලඳෙන පසු අස්වනු රෝග සමහරක් ඇතිවනුයේ අස්වැන්න නෙළීමට පෙර භෝගවලට ඇතුල් වන රෝග කාරක නිසාය. මේවා ඉස්මතු වන්නේ අස්වැන්න නෙළා විකිණීම සඳහා තිබෙන විටය. මේ රෝග පාලනය ක්ෂේත්‍ර­‍ෙය්දිම සිදුකළ යුතුය. වගාව පිරිසුදුකම පාලනයෙන් මේ රෝග බොහෝ දුරට පාලනය කළ හැකිය.

මේ බොහෝමයක් රෝග කාරකයන්ට ඇතුල්වීම සඳහා මතුපිට පලුදුවීමක්, තුවාලවීමක් අවශ්‍යය. කපා වෙන් කරගත් ස්ථානයට අමතරව දුර්වල ඇසුරුම් සහ පරිහරණ ක්‍රම නිසා ඇතිවන තුවාල වලින් මේ රෝග ඇතුල්වේ. එබැවින් මේ රෝග පාලනයට නිර්දේශිත ඇසුරුම් සහ පැටවීමේදි දක්වන පරිස්සම ඉතාමත්ම වැදගත්ය.

දුඹුරු පුල්ලි (ඇන්ත්ක්නෝස් ) රෝගය

වැලඳුණු බෝංචි

කන්නයට, සහ යායට සුදුසු එළවළු වර්ග හා හොඳ තත්ත්වයේ බීජ තෝරා ගැනිම, වගාව හොඳින් පවත්වා ගැනිම සහ රෝග පාලනය කිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. එමෙන්ම නිවැරැදි පසු අස්වනු තාක්ෂණ ක්‍රම යෙදීමෙන් අස්වැන්නට හොඳ මිලක් ලබාගැනිමට හැකිවේ.

දැඩි කිරිම

ලූනු, අර්තාපල් ,බතල , මයිඤෝඤකා සහ දේශීය අල වර්ග සදහා දැඩි කිරීම සිදු කරයි. ලූනු සදහා වෙනත් ක්‍රමයක් ද යොදා ගනියි.අල භෝග සැලැකීමේදි අස්වනු නෙළන විට සිදුවන පොතු ගැලවී යාම, කැපීම , කැඩීයාම ආදිය නිසා සිදුවන තුවාල මතුපිට ඝන ස්ථරයක් සෑදීමට සලස්වා ලෙඩ රෝග සෑදීම සහ ජලය වාෂ්පවීම වළක්වා ගැනීම සිදු කරයි. මේ සඳහා (හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස ) ගොඩ ගසා පස් තට්ටුවකින්, දහයියා හෝ කැන්වස් රෙද්දකින් වසා හිරු එළිය කෙළින්ම නොවැටෙන ලෙස දින 4-7 තැබීම සිදු කරයි.

ලූනු වලදී පත්‍ර බල්බයට සවිවන ස්ථානය (ගෙල) , පිටපොත්ත හා මුල් වියළී යාමට ඉඩ හරියි.

මේ සඳහා සෙවණ ඇති ස්ථානයක දින කිහිපයක් වියළෙන්නට ඉඩ හරියි.එසේ නොමැති නම් මේ එක් එක් භෝගය සඳහා දැඩි කිරීමේ ක්‍රියාව සිදුකරනුයේ සෙල්සියස් අංශක 32-40 උෂ්ණත්වය හා ඉහළ අර්ද්‍රතාවයක් (85%-95% පමණ) සහිත ස්ථානයක දින කිහිපයක් ගබඩා කර තැබීම මඟිනි.

උපදෙස්- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 

මදාරා මුදලිගේ

 
 

අදහස්