කනගාටුයි! ඉක්මනින් දෙනවා | සිළුමිණ

කනගාටුයි! ඉක්මනින් දෙනවා

 ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලට තහනමක් පැනවීමට සිදු වූයේ රටේ උද්ගත වූ ජාතිවාදී, අන්තවාදී කොටස්වල නොසන්සුන්කාරී හැසිරීම නිසා රටේ ආරක්ෂාවට වග කියන ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු බලධාරින්ගේ ඉල්ලීම මත බවත් එකී වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කිරීමට සිදුවූ බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවැසීය.

පුවත්පත මුද්‍රණයට යන මොහොත (සිකුරාදා) වන විටත් පැවැති තහනම ඉදිරි පැය කීපයේ පවතින තත්ත්වය සලකා බලා ආරක්ෂක බලධාරින්ගෙන් නියෝග ලැබුණු සැණින් තහනම ඉවත් කරන බවද එකී ප්‍රකාශකයා පැවැසීය.

ඒ අනුව මේ තහනම තාවකාලික විසන්ධි කිරීමක් බවත් සමාජ මාධ්‍ය ජාලා හිතකර අයුරින් භාවිත කරන අයවලුන් වෙනුවෙන් ඇතිවූ බාධාවන් ගැන කනගාටු වන බවද කීවේය. එසේම ඉදිරියේදී රට තුළ ජාතිවාදිය, අන්තවාදය වපුරන කිසිදු ආකාරයක වීඩියෝ, ඡායාරූප හෝ ග්‍රැෆික් නිර්මාණවලට සමාජ මාධ්‍යයන්හි ඉඩ නොතබන බවද හෙතෙම කීවේය. 

අදහස්