කලාපීය ගිවිසුම්වලින් විදේශ ශ්‍රමිකයන්ට ඉඩ හදන්නෙ නෑ | සිළුමිණ

කලාපීය ගිවිසුම්වලින් විදේශ ශ්‍රමිකයන්ට ඉඩ හදන්නෙ නෑ

 ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ඇමතිවරයා සමගෙ වැඩසටහන පසුගිය 05 වැනි දින එම සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි. රටේ ආර්ථිකය සහ රට ගමන් කළ යුතු දිශානතිය පිළිබඳ මෙහිදී මෙම වැඩසටහනට සහභාගි වන ආරාධිත ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කෙරෙන අතර, මෙවර එම වැඩසටහනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම විශේෂත්වයක් විය. ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ සංගමය විසින් යොමු කළ ප්‍රශ්න හා ඒවාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු අනුසාරයෙන් මේ ලිපිය සකස් කරන ලදී.

* මා සතුව ප්‍රශ්න දෙකක් තිබෙනවා. පළමු ප්‍රශ්නය අපගේ රැකියාවන් සහ රැකියා වෙ‍ෙළඳපොළ එකිනෙකට ගැළපෙන්නේ නැති බව ජනතාව පවසනවා. එයට ඔබතුමා දෙන පිළිතුර මොකද්ද? දෙවැන්න නම් ඇඟලූම් කර්මාන්තය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්. නමුත් යටිතල පහසුකම්වල දියුණුවක් දකින්න නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අනුගමනය කරන පියවර කුමක්ද?

අපේ අධ්‍යාපනන ක්‍රමය සහ රැකියා වෙළෙඳපොළ අතර යම් නොගැළපීමක් තිබෙනවා. එය තව ටික කලක් එසේම පවතීවි. අපි අපේ ප්‍රධාන අධ්‍යාපන ආයතන ගැන අවධානය යොමු කළ යුතු බව මම කියන්නේ එම නිසයි. අපගේ අධ්‍යාපන පද්ධතියේ යම් දුර්වලතාවයක් පැවතුණත්, ශ්‍රී ලාංකිකයින් ලෙස ලෝකයේ ඕනෑම රටකට ගොස් ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

නමුත්, අපගේ දුර්වලතා ඒ විදියටම ඉදිරියට ගෙන යා යුතු යැයි මම කියන්නේ නැහැ. එහෙත් මේ ක්‍රමය නිසා ඕනෑම ආකාරයක තෘතීය අධ්‍යාපන ආයතනයක් හරහා අධයාපනය ලබා ගැනීමට සුදුසු තත්ත්වයට සිසුන් පත්වෙලා තිබෙනවා. ඒ ආයතන බොහෝම නම්‍යශීලීයි. ඒවාෙය් අධ්‍යාපන ක්‍රමය සකස් කොට තිබෙන්නේ රැකියා වෙ‍ෙළඳපළට අනුකූල වන ලෙසයි. මේ නිසා ප්‍රථමයෙන් වෘත්තීමය කුසලතා සහ තාක්ෂ‍ණික පුහුණුව දෙස අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

දෙවැන්න නම් අපගේ ඇඟලූම් කර්මාන්තය අගය එකතු කළ වටිනාකම් ඔස්සේ ඉදිරියට යා යුතුයි. අපේ ඇතැම් සමාගම් මේ ඔස්සේ ඉදිරියට යනවා. යටිතල පහසුකම් සංවර්ධනය ඇඟලූම් කේෂත්‍රයේ දියුණුවට ඉවහල් වෙනවා. අපි නුවර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කරන්නේ එම නිසයි. මේ අධිවේගී මාර්ග පද්ධතිය වැටී තිබෙන්නේ වැඩි ජනතාවක් ජීවත්වන ප්‍රදේශ වන බස්නාහිර, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් හරහායි. ඒ අනුව මේ ප්‍රදේශවල ජනගහනයෙන් 60% ක පමණ ජනතාවක් ජීවත් වෙනවා. ඒ ප්‍රදේශවල යටිතල පහසුකම්, ජලය, අපවහන පද්ධති සහ විදුලිබල පහසුකම් පිළිබඳ ගැටලු පවතිනවා. මේ වන විට එම ගැටලූ සඳහා ක්‍රමානූලව විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා.

* ගොවි ජනතාව වෙත ලබාදුන් පොහොර සහනාධාරය වත්මන් ආණ්ඩුව කපා හැරීමට කටයුතු කළා. එය නැවත ලබාදීමට පියවර ගන්නවාද? එමෙන්ම අද වී ගොවියාට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් අපට හාල් සඳහා ඉහළ මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. 70-77 යුගයේ වී අලෙවි මණ්ඩලය සමස්ත වී නිෂ්පාදනයෙන් 30% ක් මිලදී ගත්තත් අද වන විට එය 5% දක්වා පහත වැටී තිබෙනවා. මේ සඳහා ගනු ලබන පියවර මොනවාද?

පොහොර සහනාධාරය අප නැවත ලබාදෙනවා. ප්‍රශ්නය වන්නේ සහනාධාර ලබාදෙන්නේ කෙසේද යන්නයි. මුදල්වලින් හෝ වවුචර්වලින් අමුද්‍රව්‍ය ලබාදෙන්න පුළුවන්. එය අවසන් නොවන තර්කයක්. ඇතැම් අය මුදල් සහනාධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර අනෙක් අය වව්චර් ලබාදීම හොඳ යැයි කියනවා. සහනාධාර ලබාදෙන මාධ්‍ය අපි තෝරා ගත යුතුයි. කෙසේ හෝ මේ කාරණය මත එම සහනය ලබාදීම ඇණහිට තිබෙනවා. මිනිසුන් අඩු වියදමකින් පොහොර මිළදී ගැනීමට කැමතියි. ඇත්ත වශයෙන්ම ගැටලුව වී තිබෙන්නේ පොහොර හිඟයක් පැවතීමයි.

වී අලෙවි මණ්ඩලය එදා අපේ වී නිෂ්පාදනයෙන් 25% ක ප්‍රතිශතයක් මිලදී ගන්නා විට ඔවුන් අඟහරුවාදා සහ සිකුරාදා බත් කෑම තහනම් කළා. වී අලෙවි මණ්ඩලය අද සමස්ත වී නිෂ්පාදනයෙන් 5% ක ප්‍රතිශතයක් මිලදී ගනිද්දි අපි සහලින් ස්වයං පෝෂිත වුණා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ මහවැලි යෝජනා ක්‍රමය විවෘත කිරීමත්, අනෙකුත් කාරණා ද සමග මුදල් යෙදවීමෙන් ප්‍රතිඵල අත්වුණා. ඒත් තවමත් සමහර අවස්ථාවල දුර්වලතා තිබනවා. නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණයත් සමග වී සඳහා වූ ඉල්ලූම අඩුවුණා.

1977 අපි බලයට පැමිණෙන විට රටපුරා සමූපකාර තිබුණා. අද සිල්ලර කඩ විසින් සමූපකාර ක්‍රමය නැති කොට තිබෙනවා. සිල්ලර කඩ සහ සමූපාකාර ක්‍රමයත් සමග ඒකාබද්ධ ක්‍රමයක් ඇති කරන්නේ කෙසේදැයි අපි සිතා බැලිය යුතුයි. සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මධ්‍යම ආණ්ඩුව සතුව පැවතුණා. සමූපකාර 9 ක් පළාත් සභා විසින් ක්‍රියාත්මක කෙරුණා. මේ සමූපකාර ලාභ උපයන්නේ නැහැ. නමුත් ඒ සඳහා රජය මගින් වියදම් දරනවා.

අද පවතින සුපිරි වෙ‍ෙළඳසල් සහ පෞද්ගලික වෙළඳුන් හමුවේ මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ඒ නිසා අපි නව ක්‍රමයක් ඇති කළ යුතුයි. ඒ ක්‍රමය පවත්වාගෙන යන්නේ කෙසේද? අපට ඇති ගැටලුව නම් ඇතැම් බෝග මෙහෙයවීමයි. එළවළු ගත්කල ගබඩා කිරීමේ අපහසුතාව පවතිනවා.

පසුගිය කාලය තුළ අපිට බොහෝ අලාභ සිදුවුණා. නියඟ කාලය තුළ අපගේ එළවළු නිෂ්පාදනය 10% ක් පහත වැටුණා. ඒ සමඟ අපිට ආනයන මත රඳා පැවතීමට සිදුවීමෙන් එළවළු මිළ ගණන් බෙහෙවින් ඉහළ ගියා. තේ, රබර්, පොල් හැරෙන්නට නියඟ සහ ගංවතුර අපේ වෙළෙඳපොළ වෙත විශාල බලපෑමක් එල්ල කරනවා. පසුගිය වසරේ ගොවීන්ට වගා කරන්න ජලය නැති වුණා. එය මගහැර ගන්නේ කෙසේදැයි අපි සොයා බැලිය යුතුයි. එවිට ගොවියාට හොඳ මිලක් ලබාදිය හැකියි. පැරණි ක්‍රමය අතහැර අලූත් ක්‍රමයක් වෙත යා යුතුයි. එය අප සතු අභියෝගයයි.

* මම ප්‍රශ්නයක් සමග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැමතියි. අපිට සමාගම් 48 ක සාමාජිකත්වයක් තිබෙනවා. ඉන් සමාගම් 20 ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිමය පාඨමාලා පවත්වාගෙන යනවා. ඒත් සාමාන්‍ය ගාස්තු අය කරන එම පාඨමාලාවල වෘත්තිමය භාවය පිළිබඳ සලකා බැලිය යුතුයි. ඒවාගේ අන්තර්ගතය පිළිබඳ දැනගත යුතුයි. මම කැමතියි වෘත්තිය සංගමයේ එම සමාගම් ලබාදෙන පාඨමාලා අවස්ථා පිළිබඳව පාසල් හැරගිය පිරිස දැනුවත් කිර වැදගත් බව.

එය හොඳ යෝජනාවක්. අපි කැමතියි ඔබ සමග කටයුතු කරන්න. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමතියි. බොහෝ සංවර්ධනය වන රටවල් මෙම පාඨමාලාවන්ට අරමුදල් සැපයීමට කැමැත්ත පළ කරනු ඇති. එමගින් රැකියා අවස්ථා ඇති කිරීමට හැකියාව ලැබෙනවා.

* අගමැතිතුමනි, අප රටේ ආර්ථිකය නගා සිටුවීමට ඔබතුමා සතු ප්‍රතිපත්ති මොනවාදැයි මම අහන්න කැමතියි.

මම හොඳ යැයි කියන ප්‍රතිපත්තිය තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. අපට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා. 2015 වසරේ දී මහ මැතිවරණය පවත්වන්නට හේතු වුණෙත් එම අධික ණය බරයි. එවකට පැවති රජය සතුව මුදල් තිබුණේ නැහැ. නමුත් ඔවුන් එය ඉදිරියට ගෙන ගියා. ඔවුන්ට එය අභියෝගයක් වුණා. අපිත් අද එයට මුහුණ දෙමින් සිටිනවා. නමුත් අපි ආර්ථික වර්ධනය කරා යා යුතුයි. පසුගිය කාලයේ පැවැති නියඟය හේතුවෙන්, අවාසනාවකට අපි බලාපොරොත්තු වූ 5% ආර්ථික වර්ධනයට ළඟා කර ගැනීමට නොහැකි වුණා. අද අප කළ යුතු වන්නේ කෘෂිකර්මාන්තය මත පදනම් නොවී වෙනත් කේෂ්කත්‍රවල කාර්ය සාධනය ඉහළ නංවා ගැනීමයි. මක්නිසාද නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයේ නිෂ්පාදනය -2% ක් බවට පත්වුණා. අනෙක් කේෂ්ත්‍ර කාර්යක්ෂම කරන්නේ කෙසේද? පෞද්ගලික අංශ වෙත පවතින මූල්‍ය සම්පත් හේතුවෙන් ඔවුන් වර්ධනය වෙනවා. ඔවුන්ට ණය දෙන සංවර්ධන බැංකු මෙන්ම අනෙක් අරමුදල් පවතිනවා. එය ආසියානු ක්‍රමයයි. අපිට ඇමරිකාවේ වගේ ප්‍රාග්ධන වෙළඳපොළ වෙත යා නොහැකියි. එවිට අපිට ඉතිරි වන්නේ හිඟයක්.

මේ නිසා අපි සෘජු විදේශීය ආයෝජන ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. වෙළෙඳ ශේෂය ඉහළ දමා ගැනීමට නම් අපි බොහෝ අපනයන වෙත යොමු විය යුතුයි. අපි නිෂ්පාදනය කරන භාණ්ඩ දහස් ගණනින් අපනයනය කළ යුතුයි. ඒත් අපට අපනයනය කිරීමට තිබෙන්නේ මොනවාද? අපි සිංගප්පූරු වෙළෙඳපොළ වෙත පිවිසෙන්නේ කෙසේද? එසේ නම් අපි අලෙවිකරණය සහ තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. විදේශීය ආයෝජන වැදගත් වන තරමටම දේශීය ආයෝජකයින්ට තවත් මූල්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු කළ යුතුයි. මේ අතරවාරයේ ණය ගෙවීම් ද තිබෙනවා. ඉදිරි දෙවසර ඉතා සංකීර්ණ වනු ඇති බව අපේ විශ්වාසයයි. ඊට පසු යහපත් කාලයක් උදාවේවි. එනම් 2019 – 2020 කාලය යහපත් කරගැනීමට මේ අසීරුව විඳදරාගත යුතුමයි.

* අගමැතිතුමනි, අපරාධ සඳහා පෙලඹවීම පිළිබඳ නීතිය (Incitement Law) අද රටේ බලාත්මක කිරීම අතීතයේ තරම් දැඩිව කළ හැකිද යන්න මට කිව නොහැකියි. මම රාජ්‍ය සේවයේ නිරතව සිටියා. 1963 රාජ්‍ය සේවය ස්වාභාවිකව කටයුතු කරන්න වුණා. ඒත් 1965 න් පසු රාජ්‍ය සේවය ස්වාධීනව ක්‍රියාත්මක නොවුණ අතර දේශපාලනඥයින්ගේ වුවමනා එපාකම් මත එහි පරිපාලනය ආදිය වෙනස් වන්නට පටන් ගත්තා. නමුත් අද රජයේ ආයතනවලට තම බලය ස්වාධීනව පරිහරණය කළ හැකි යුගයකට යාමට නොහැකියි.

ඇත්ත වශයෙන්ම දිස්ත්‍රික් ලේකම්ගේ කාර්යභාරය අද වෙනසකට ලක්වෙලා. අද පවතින තත්ත්වය 1960 – 1970 ශත වර්ෂවල වාගේ නෙවෙයි. ඒ කාර්යය අද පැවරී ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ විෂය පථයටයි. එනම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අද නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල පැවරී තිබෙනවා. එය අප තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. ඇතැම් අය ක්ෂණික තීන්දු ගන්නා අතර ඇතැමෙක් එසේ වන්නේ නැහැ. අද දිස්ත්‍රික් ලේකම්ගේ කාර්යභාරය වන්නේ රාජ්‍ය සේවය සම්බන්ධීකරණය කිරීම සහ යම් ආපදා තත්ත්වයක් ඇති වූ විට, එනම් ගංවතුර, නියඟ, වසංගත වැනි තත්ත්වයන්වල දී ජනතාවට සහාය ලබාදීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම සහ සාමය ක්‍රියාත්මක කිරීම පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති වෙත පැවරී තිබෙනවා. තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා.

* මාගේ ප්‍රශ්නය සෞඛ්‍ය අංශය ගැනයි. ඔබතුමාගේ ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන වියදම රුපියල් බිලියන 250 ක් දක්වා වැඩි කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මම යම් සමීක්ෂණ කිහිපයක් සිදු කළා. රෝහල්වල දී ඇතැම් ප්‍රතිකාර සඳහා අවම වශයෙන් එක් රෝගියෙකු සඳහා රුපියල් 75 කට වඩා වැඩි වියදමක් දැරීමට රජයට සිදුවෙනවා. නමුත් තමන් වෙනුවෙන් රජය දරන වියදම කොපමණක් දැයි රෝගියා දන්නේ නැහැ. මේ සඳහා යම් යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඒත් එය ක්‍රියාත්මක කිරීම විවේචනයට ලක්වීමට ඉඩ තිබෙනවා. එම ගාස්තුව අය නොකර රෝගියා වෙනුවෙන් රජය දැරූ වියදම සනාථ වන බිල්පතක් නිකුත් කිරීම කළ යුතුයි. එයින් ජනතාව වෙනුවෙන් රජය යොදවන අරමුදල් පිළිබඳ ඔවුන්ට දැනගත හැකියි.

එය යහපත් යෝජනාවක්. එකම කාරණය නම් ගිණුම්කරණ සහ මූල්‍ය විනයක් රාජයේ රෝහල්වලට ගෙන ආ යුතුයි. එවිට ඔබට එක් එක් රෝගියා වෙත කරන වියදම පෙන්විය හැකියි. ඔබ ඔවුන්ගෙන් මුදල් අයකර ගත යුතු නැහැ. නමුත් ආණ්ඩුවේ අරමුදල්වල කාර්යභාරය පෙන්විය හැකියි. ඒත් අද රෝහල් පද්ධතිය එම ක්‍රමය අනුගමනය කරාවිද? එසේ බිල්පතක් නිකුත් කිරීම මගින් අනවශ්‍ය වියදම් කපා හැරීම ද කළ හැකියි.

* අගමැතිතුමනි, ඉංජිනේරුවන් ගණකාධිකරුවන් වැනි වෘත්තිකයන් සංඛ්‍යාව වැඩි කළ යුතු බව ඔබතුමාගේ කතාවේදී සඳහන් වුණා. නව මැතිවරණ ක්‍රමය මගින් දේශපාලඥයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ළඟ එන පළාත් සභා මැතිවරණයේ දී තේරී පත්වන මහජන නියෝජිතයින් සංඛ්‍යාව දෙගුණයක් වනු ඇති. ඇත්තටම අපට අවශ්‍ය තවත් දේශපාලනඥයින් නොවේ. තව තවත් ඉංජිනේරුවන්, ගුරුවරු, වෛද්‍ය වරු, නීතීවේදීන් සහ තවත් එවැනි වෘත්තිකයින්. දෙවනුව, ඔබතුමා සදහන් කළා සම්පත් පිළිබඳව. අප රටේ පිහිටීම, ඒ වගේම ප්‍රෟඩ ඉතිහාසය, ස්වාභාවික සෞන්දර්යත්, අප රට සතු සම්පත් රටේ දියුණුවට යොදා ගැනීම ගැනත් තවම ආණ්ඩුව නිසි පියවර ගෙන නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ පිළිබඳව ඔබගේ අදහස වගේම රටේ තරුණ ප්‍රජාව, ළමා හා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දැන ගන්නට කැමතියි.

අපි දේශපාලනඥයින් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කළා යැයි මම හිතන්නේ නැහැ. මෙය අලූත් ක්‍රමයක්. අපට ඒ ගැන විවිධ මතවාද තිබෙනවා. එයින් අඩු දේශපාලනඥයින් සංඛයාවක් බිහි කිරීම තමයි අරමුණ. ඇත්තටම ස්වභාව සෞන්දර්ය අප රට සතු අගනාම සම්පතක්. අනෙක් කාරණය තව තවත් ඉංජිනේරුවරු වෛද්‍යවරු, නීතිඥවරු අපට අවශ්‍යයි. ඇත්තටම නීතිඥයින් වැඩිවන තරමට දේශපාලනඥයින් ද වැඩි වීමට තිබෙනවා. වෘත්තිකයින් බිහි කිරීම වෙනුවෙන් අධ්‍යාපන අංශයට අවශ්‍ය සහනය අපි ලබා දෙනවා. එහිදී රාජ්‍ය නොවන, පෞද්ගලික ආයතනවල සහාය ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ දෙකෙහිම සම්මිශ්‍රණයක් පැවතිය යුතුයි. සැම විටම ආණ්ඩුව සහ රාජ්‍ය අංශය ලබාදෙන සහාය මත රඳා නොපැවතිය යුතුයි. ඒත් අපගේ රජය හොද අධ්‍යාපන මට්ටමක්, සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට දිරිය ලබා දෙනවා. ඒත් ඇතැම් රටවල නිදහස් අධ්‍යානය, සෞඛ්‍ය සේවා දකින්නට නැහැ. එය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා. දියුණු තාක්ෂණය ආදිය හමුවේ සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම වාසස්ථාන වැනි මූලික අවශ්‍යතා සපුරාලීම පහසු කර තිබෙනවා.

* අගමැතිතුමනි, අපේ රටේ ජනතාවගෙන් බහුතරය ග්‍රාමීය ජනතාවයි. අඩු පිරිසක් නාගරිකව ජීවත් වෙනවා. මෙය ග්‍රාමීය ජනතාවගෙන් වැඩි දෙනෙක් නාගරික ප්‍රදේශවලට, එනම් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රකමණය වී රැකියාවල නිරත වෙනවා. බොහොමයක් කර්මාන්ත හා ආයතන කේන්ද්‍රගතව තිබෙන්නේ නාගරීකවයි. ඒත් නාගරිකව කර්මාන්ත බිහිකිරීම ගැන උනන්දු නොවන්නේ ඇයි? අපි අද 21 වැනි ශත වර්ෂයේ ජීවත් වුවත් අපේ ආර්ථිකය කෘෂිකාර්මාන්තය මත පදනම් වී තිබෙනවා. ග්‍රාමීය ප්‍රජාව බොහෝ විට තවම ජීවත් වන්නේ 20 වැනි ශත වර්ෂයේ මානසිකත්වයෙනුයි. මෙම තත්වය වෙනස් කොට කාර්මික දියුණුව ළඟාකර ගැනීමට ග්‍රාමීය මට්ටමෙන් කර්මාන්ත ඇති කළ යුතුයි නේද?

අද අපේ රටේ බොහෝ ප්‍රදේශ නාගරීකරණය වෙලා. ප්‍රාදේශීය සභා වුවත් ඒවා තිබෙන්නේ නාගරික ප්‍රදේශවල. උදාහරණ විදියට බියගම, හෝමාගම වගේ ප්‍රාදේශීය සභා ගන්න පුළුවන්. බියගම තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශයක් නොවෙයි. ග්‍රාමීය පෙදෙස්වලට කර්මාන්ත ව්‍යාප්ත වීම පිළිබදව විවාදයක් නැහැ. ඒත් ඇතැම් කර්මාන්ත සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ග්‍රාමීයව සපයා ගැනීම අපහසුයි. කර්මාන්ත ගොඩනැගෙන්නේ යටිතල පහසුකම් පවතින ප්‍රදේශවලයි. කෘෂිකර්මාන්තය ග්‍රාමීයව ව්‍යාප්ත වීම ඊට හොඳ උදාහරණයක්. අපි යටිතල පහසුකම් ගම් වෙත ගෙනයාම ආරම්භ කරලා තිබෙන්නේ ඒ නිසයි.

* නීතිඥයින්, ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවරුන් වැනි වෘත්තිකයින්ගේ සේවය රජය, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා පාර්ලිමේන්තුව වැනි ආයතන වෙත සෘජුවම යොදා ගන්නේ කොහොමද?

නිසැකවම රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවල එවැනි වෘත්තිකයින් සඳහා ඉඩ ප්‍රස්ථා ඇති කොට තිබෙනවා. රජයේ පරිපාලන හා කාර්මික සේවාවල වෘත්තිකයින්ට අවස්ථාව හිමි වෙනවා. ඇත්තටම බොහෝ වෘත්තිකයින්ගේ සේවාවන් රජයේ සේවය වෙත උපයෝගි කොට ගන්නවා. ඒ වගේම පිටස්තර වෘත්තිකයින්ගේ උපදේශන සේවා රාජ්‍ය සේවාව වෙත ලබාගැනීම අවම කිරීමට නම් අප තව තවත් රජයේ වෘත්තිකයින් සංඛ­්‍යාව ඉහළ නැංවිය යුතුයි.

* මෙරට සිදුකරන දේශපාලන පත්වීම් නතර කරන්න හැකියාවක් නැද්ද?

දේශපාලන පත්වීම් අද ඇමෙරිකාවේ, චීනයේ පවා සිදුවෙනවා. ඒත් අප කළ යුත්තේ මේ පාලනය දේශපාලනීකරණයෙන් තොර කිරීමයි. ඒ දෙක සංසිද්ධීන් දෙකක් වශයෙන් අප දකිනවා. රාජ්‍ය කළමනාකරණ යාන්ත්‍රණය, රාජ්‍ය කළමණාකාරවරුන් අතින් මෙහෙවිය යුතුයි. ඕනෑම පද්ධතියක දේශපාලන පත්වීම් තිබෙන්නට පුළුවන්. ඒ වගේම දේශපාලන පත්වීම් නොමැති යාන්ත්‍රණ විප්ලවකාරි තත්වයකට පවත්වන අවස්ථා ද තිබෙනවා.

* කලාපීය එකමුතුව ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට ඔබ තවමත් විශ්වාස කරනවාද? දැන් කලාපීය සහයෝගීතාව පිළිබඳ අදහස අත්හැර ගෙන තිබෙනවා ද? ඒවගේම අප රටේ අනාගත සහයෝගීතා ගොඩනගා ගැනීම පිළිබඳව ඔබට පැවසිය හැක්කේ කුමක්ද?

අපේ රට කලාපීය සහයෝගීතාව පිණිස කැපවු රටක් වශයෙන් දැන් සිදුකරගෙන යන වෙළෙඳ ගිවිසුම්වලට එළඹිමේ ක්‍රියාවලිය, හුදෙක් කලාපීය සහයෝගීතාව වෙත කරන දිගුවක්. දියුණු ආසියාව තුළ මෙම ක්‍රියාවලිය සාර්ථක වී ඇති අතර, එයට අයත් රටවල් සමඟ කලාපීය සහයෝගීතාව ඇති කර ගැනීමේ පියවර තබා තිබෙනවා. අප සතු හොඳම විකල්පය නම් කලාපීය ආර්ථික සහයෝගීතාවේ කොටස්කරුවකු බවට පත්වීමයි. එවිට අපට සමස්ත ආසියානු රටවල් මෙන්ම නැගෙනහිර ආසියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ ආර්ථික ගණුදෙනු කිරීමේ හැකියාව උදාවෙනවා. එය ඉතා වැදගත් හවුල්කාරීත්වයක්.

මේ වන විට ඔබගේ ආණ්ඩුව බොහෝ රටවල් සමඟ එවැනි නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ තිබෙනවා. එහෙත් බොහෝ විට මාධ්‍ය මගින් එම ගිවිසුම්ල අගුණ හුවා දක්වනවා හැරෙන්නට ඒවායින් අත්වන ප්‍රතිලාභ පිළිබඳව දක්වන්නේ නැහැ. නිරන්තරයෙන් විවේචන හා නිෂේධනාත්මක අදහස් එල්ල වන මෙවන් අවධියක මේ ගැන ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය දැන ගැනීමට කැමතියි.

අපි තව තවත් එවැනි ගිවිසුම් පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. උදාහරණයක් ලෙස මෙම වෙළෙඳ ගිවිසුම් මගින් විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණ රැකියාවන්හි නියුක්ත වනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවත් අපි ඒ සඳහා කිසිඳු අවස්ථාවක ඉඩ තබන්නේ නැහැ. එවැනි කාරණා සම්බන්ධයෙන් ජනතාව තවදුරටත් දැනුම්වත් කිරීම අවශ්‍යයි. 

අදහස්