අලුත්ම දුරකතනයෙන් හලෝ විතරයි | සිළුමිණ

අලුත්ම දුරකතනයෙන් හලෝ විතරයි

ලෝකයේ මිනිසුන් අධික ලෙස තාක්ෂණයට යටත් වීමෙන් වළක්වාලීම සඳහා ‘මිනිසුන් සඳහා දුරකතනය‘ (Phone for Humans) නමින් ජංගම දුරකතනයක් නිර්මාණය කිරීමට සමාගමක් තීරණය කර ඇත. වර්තමාන සමාජය සුහුරු ජංගම දුරකතන භාවිතයට හුරු වීම නිසා තමන් සැබැවින්ම ප්‍රිය කරන ස්වාභාවික සහ ගුණාත්මක කටයුතු මඟහැරී යන බවද, සරලත්වයෙන් ඈත්වන බවද ආයතනය පෙන්වා දෙයි. විද්යුත් තැපැල් පණිවිඩ, මුහුණු පොත ආදී දේ සමඟ ගත කරන කාලය තමන්ගේ සමීපතමයන් සමඟ ගත කිරීමට කැමැති අය සඳහා මේ දුරකතනය ‘සරලත්වය වෙත‘ යොමු කරමින්, පැරැණි ජංගම දුරකතන මෙන් ඇමතුම්, කෙටි පණිවිඩ සහ වේලාව සංඥා කිරීම, කාලගුණය, සංගීතයට සවන්දීම, මඟ පෙන්වීම, ගණකය වැනි සරල කටයුතු පමණක් ඇතුළත් කර තිබේ. ක්‍රෙඩිට් කාඩ් පතක් තරම් වූ මේ දුරකතනය කළු සහ සුදු පැහැයෙන් පමණක් නිකුත් කිරීමට කටයුතු කරන්නේ සරලත්වය සහ ඇස්වලට පහසු වීම සඳහා බවද ඔවුහු පෙන්වා දෙති.

 

Comments