අන්තවාදී සංගම් තහනම්? | සිළුමිණ

අන්තවාදී සංගම් තහනම්?

 මෙරට විවිධ නම් වලින් පවත්වාගෙන යනු ලබන වර්ගවාදී,ආගම්වාදී, ජාතිවාදී හා අන්තවාදී සංවිධාන සියල්ල තහනම් කළ යුතු බවට රජය වෙත විවිධ පාර්ශ්වයන් වෙතින් යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙන බව දැනගන්නට ලැබේ.

සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාති හා ආගම්වාදී වර්ගවාදී ප්‍රචාරයන් තුළින් ජනතාව පීඩාවට ලක්කරන සුළු ආකාරයෙන් කාලයක සිට ක්‍රියාත්මක වන සියලුම කල්ලි, කණ්ඩායම් සහ සංවිධාන හඳුනාගෙන නීතිය මාර්ගයෙන් එකි සංවිධානවල පැවැත්ම අහෝසි කිරීමට පියවර ගතයුතු යැයි සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සාමයට හිතැති සියලු ජනතාව වෙතින් මෙලෙස යෝජනා ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.

මේ අතර පසුගියදා මෙරට හටගත් නොසන්සුන්තාව පිළිබඳව ඇතැම් විදේශ පුවත් සේවා විසින් පැවති සැබෑ තත්ත්වය විකෘති කරමින් විදෙස් මාධ්‍ය ඔස්සේ රටට අහිත කර සුළු ප්‍රචාරයන් ගෙනගිය බවටද චෝදනා එල්ල වී තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතිමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඉහත කරුණු සනාත කරවන සුළු ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ එක්තරා විදෙස් මාධ්‍ය ආයතන දෙකක් විසින් මෙරට ඇති වූ සැබෑ තත්ත්වය විකෘති කරමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙනගිය බවයි.

අදහස්