අහස් මාලිගා ටෙලි­නා­ට්‍යයේ තේමා ගීතය | සිළුමිණ

අහස් මාලිගා ටෙලි­නා­ට්‍යයේ තේමා ගීතය

මාගේ ආදරේ නම් රකිනවා මට පණ වගේ නම්

යන්නේ දුරට යන්නේ ඇයි ඔයා

ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිතවගේ නම්

දෙන්නේ ළඟට එන්නේ ඔබ සොයා

මේ සංසාරේ ආත්මයක් ගාණේ

රහසේ තනමු අහස් මාළිගා//

මාගේ ජීවේ ඔය හදේ නම්

හදෙහි රිද්මේ මේ තමයි නම්

පණට පණ මෙන් ළඟම ඉන්නම් මා ඔබගෙන්

ඔබේ නාමෙන් පණ පුදන්නම්

දිවිය ඇති තෙක් එය රකින්නම්

සිතට සුවදී ළඟම ඉන්නම් ආදරෙන්

මේ සංසාරේ - ආත්මයක් ගාණේ

රහසේ තනමු අහස් මාළිගා//

 

ආදරය සුන්දරය... පිවිතුරුය. සොඳුරු වූත් පිවිතුරු වූත් එකී ආදරය කිසිවකු හට බලහත්කාරයෙන් පිදිය නොහැකි සේම ලබාගත නොහැකි බව අප දනිමු.

මේ අපූරු හැඟීම පිළිබඳ ටෙලි නිර්මාණයක් හරහා ප්‍රේක්ෂක ඔබට දිග හැරෙන කතාවක් තමයි නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂණය කළ ‘අහස් මාළිගා’ කියන්නේ. තේමා ගීතයේ පද රචනය කරන්නේත් ඔහු විසින්. ලක්මිණී උඩවත්ත හා අශාන් ප්‍රනාන්දුගේ හඬින් ගැයෙන මෙහි තේමා ගීතයෙහි ඔබට කියාදෙන අරුත ගැන අප ඇසුවේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාරගෙන්...

“කෝටිපති පවුල් දෙකක තරුණයකු හා තරුණියක යෝජනාවක් මඟින් විවාහය තීරණය කර තිබේ. ඔවුන්ගේ විවාහ උත්සවය දින තරුණිය පැන යන්නේ ධනපති තරුණයා පිළිබඳ ඇයට කිසිදු ආදරයක් නොමැති නිසාමය. පැන යාම සඳහා කුලියට ගන්නා ත්‍රීවිලර් රථයෙහි කඩවසම් තරුණයාගෙන් ඇය ආරක්ෂාවත්, උදව් ඉල්ලා සිටියි. ඔහු ඇගේ ඉල්ලීම නිසා කිසිදු ලාභ අපේක්ෂාවක් නොසිතා ඇයට උදවු උපකාර කරයි. ධනවත් නොවුණ ද මනුසත්කම් මත ඔහු සැබෑ ධනවතෙකි.

කාලය ගතවීමත් සමඟ ඔහුට ඇය ගැන හදවතෙහි ආදරයක් ඉපදුණ ද ඇයට එකහෙළා ප්‍රකාශ කරන්නේ ද නැත. ඇය ද එසේම ය.

මෙවන් සිද්ධීන් කාලෝචිතය. වත්පොහොසත්කම් මත යෝජනා මඟින් විවාහ වන රන්හුයෙන් බැඳි හදවත් දෙදරා යාම සිදුවෙයි. ඒත් ධනවත් නොවූ ආද‍රයෙන් බැ‍ඳෙන පිරිස් සාර්ථක ජීවිත ගත කරනු අප දකියි.

සොඳුරු ජීවිතයකට අවශ්‍ය වන්නේ හදෙහි බැඳි සැබෑ ආදරයක් මිස වත්පොහොසත්කම් පමණක්ම නොවේ. දෛවයට අනුව තම සහකරු හෝ සහකාරිය කොතැන කොහේ මුණ ගැසේවිදැයි අපට නිශ්චිතව කිව නොහැකි ය. තවත් විටක අප සිතන ආදර හිතක් අපට මුණ ගැසුණද එකී උපන් ආදරය ප්‍රකාශ කර ගත නොහැකිව හිතින් පමණක් ආදරය කරන පෙම්වතුන්ගේ, පෙම්වතියන්ගේ ආදර කතා ඕන තරමින් අහස් මාළිගා මවන පෙම්වතුන් නම් ඕනෑ තරම් ය. තේමා ගීතය තුළින් කියැවෙන්නේ එයයි.

Comments