ජනපතිගේ සයිටම් විසඳුම අගය කළ යුතුයි | සිළුමිණ

ජනපතිගේ සයිටම් විසඳුම අගය කළ යුතුයි

 දශකයකට ආසන්න කාලයක සිට මතභේදාත්මක ගැටලුවක්ව පැවැති සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය විසින් මේ මොහොතේදී ඉදිරිපත් කර තිබෙන ක්‍රියාමාර්ගය අගය කරන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

තම සංගමය විසින් දිගින් දිගට අවධාරණය කළ කරුණු කිහිපයක් අනුව සයිටම් ගැටලුව නිරාකරණය කිරීමට බව පෙනී යෑම සතුටට හේතුවක් බැව් පෙන්වා දුන් හෙතෙම වැඩිදුරටත් කීවේ, කවර විසඳුමකින් වුවත් රෝගීන්ට හෝ වෛද්‍ය ආඥා පනත සේම විශ්වවිද්‍යාල පනත යන කිසිවකට හානියක් සිදු නොවිය යුතු බවයි. එසේම සයිටම් වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස මේ ගැටලුව විසඳිය යුතු බව තම සංගමයේ අදහස බවත් හෙතෙම කීය.

ඒ අනුව රජය විසින් සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය හැකි උපාධියක් දිය යුතු බවත්, ඒ සඳහා රජය අපගෙන් ඉල්ලා සිටි විසඳුම් වෙනුවෙන් සයිටම් ගැටලුවේ සියලුම පාර්ශ්වකරුවන් වූ සයිටම් සිසුන්ගේ දෙමාපියන්ද අප සමඟ එකට කැටුව සියලු යෝජනා සංදේශයක් ලෙස පසුගියදා රජයට බාර දුන් බවයි. ඒ අනුව මෙරටදී උපාධිය ලබාගැනීමට කැමැති අයවලුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට යොමු කිරීමට ජනපති ප්‍රමුඛ රජය මේ වන විට කැමැත්ත පළ කර ඇති බව ද ලේකම්වරයා පවසා සිටියේය. 

 

Comments