ඉක්මනින් දිරන පොලිතීන්වලට සහන | සිළුමිණ

ඉක්මනින් දිරන පොලිතීන්වලට සහන

පරිසර හිතකාමී පොලිතීන් භාණ්ඩ නිෂ්පාදකයන් වෙත සහන ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව ජෛව හායනයට ලක්වන භාණ්ඩ සඳහා ව‍ූ යන්ත්‍රෝපකරණ ආනයනයේදීත් බදු සහන ලබාදීමට කටයුතු කෙරේ. සුළු හා මධ්‍යම පරිමාණ

කර්මාන්ත අංශයේ පොලිතින් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා මූල්‍ය සහයෝගය ලබාදීමට අපේක්ෂා කරනු ලබයි.

මෙම සහනයන් ලබා ගැනීම සඳහා ජෛව හායනයට ලක්වන පොලිතින් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත අයදුම් කළ යුතු ය.

Comments