කසාද බැඳලා මාස තුනෙන් උසාවි පොලීසි යන්නේ ඇයි | සිළුමිණ

කසාද බැඳලා මාස තුනෙන් උසාවි පොලීසි යන්නේ ඇයි

කේන්දරයේ දුර්වලතා ඇතත්, ඉතා සැපවත් ජීවත ගත කරන යහපත් කාන්තාවන් ද සිටී. එවැනි කාන්තාවන්ගේ

කේන්දරවල ගුරු 7 වැන්නේ සිට ලග්නයෙන් තැන්පත් බුධ දැකීමෙන් සිකුරු ග්‍රහයා සඳු ග්‍රහයා සමඟ යෝගව 10 වැන්නේ සිටීමෙන් තම ස්වාමියා කෙරෙහි බොහොම ලෙන්ගතුව මෙන්ම, නිතර ස්වාමිය‍ා ආරක්ෂා කර

ගැනීමට සිතයි එවැනි කාන්තාවන්ට පවුලේ සමඟිය දියුණුව පෙන්නුම් කරයි.

 

කුඹුරු ගොවිතැන් කරන ගොවි මහත්තයාට පුංචි ගොයම් පැළ සරුසා‍ෙරට හැදිල බන්ඩි ගොයම කරල් පූදින්ට මාන බලනවිට ඇතිවන සතුට වගේ, ගෙදර සිටින ගෙවිලියට, මල්වයසේ එහෙ මෙහෙ කෙළිදෙලෙන් දුවපු දූ කුමරිය තරුණ වයසට එ‍ළඹෙත්ම දියණිය කාර බැන්දීම ගැන ඇතිවන්නේ කොතරම් සතුටක්ද?

කිරි වැදී‍ෙගන එන බන්ඩිගොයමට කීඩෑවුන්ගෙන් කරදර ඇති වුණොත් සියල්ල හමාරයි. ඒ වගේම, තරුණ දූ කුමරියන් අද සමාජයත් ඉතාම පරිස්සම් කළ යුතු වෙනවා.

සමහර දෙමාපියන්ට තම දියණියගෙ අධ්‍යාපන මට්ටම, රැකියාව නිසා සුදුසු ස්වාමියෙක් සොයා ගැනීමට අපහසු‍ෙවනවා. පොඩි අඩු - පාඩුවක් පැවතුණත් දුව දීග දීම නවත්වනවා. උඩඟු සිතිවිලි නිසයි මෙසේ වන්නේ. නමුත් දරුවන්ට විවාහ ජීවිතය ඉදිරියට ගෙන යා හැකිදැයි ඔවුන් සොයන්නේ නැත. පැරැණි කාලයෙ දෙමාපියන් සෙව්වේ ‍ජාති, ආගම්, කුල- මල භේද පමණි.

විවාහයේ සාර්ථක අසාර්ථක ද යන වග කේන්දරයේ පිහිටා පවති.

කාන්තාවන්ට නොපිහිටිය යුතුම යෝගය කාලසර්ප යෝගයයි. කුජ - ශනි ගුහයින් 9 වැන්නේ සිටීමත්ය. කුජ - ග්‍රහයා ලග්නයේ සිට කුජ - සිකුරු සමඟ යෝගව 12 වැන්නේ සිට උපදින කාන්තාවන්ට විවාහය වහකදුරු මෙනි. ඔවුන්ට විවාහ ජීවිතයක් අවශ්‍ය නැත එයට රාහු - 2 වැන්නේ සහ කේතු 8 වැන්නේ සිටියොත් විවාහය සිදුනොවීමට ද පුළුවන.

විවාහයට රවි - කුජ- බුධ යෝගය 12 වැන්නේ සිටීමෙන්, පිරිමින් කෙරෙහි අවිශ්වාසය ඇති කරගනී. රාහු 4 වැන්නේ සහ කේතු 10 වැන්නේ මේ යෝගය සමඟ යෙදීමෙන් විවාහයට දෙමාපියන්ගෙන් බාධා ඇති කරයි. ඒ සමඟම මුල නැකතින් ඉපදී ඇත්නම් කවදාවත් සැපවත් විවාහ ජීවිතයක් ගත කරන්නේ නැත. එවැනි කාන්තාවන් සැමදාම ස්වඋත්සාහයෙන් ස්වාමියාව ජීවත් කරවයි.

මුල, උත්‍රපුටුප, දෙට , රේවතී යන නැකැත් විවාහය ප්‍රමාද කරයි.

බෙරණ නැකතේ 4 වෙනි පාදයෙන් උපන් අයට විවාහය සිදුවන්නේ වයස අවුරුදු 30ක් පමණ පසු වූ තැන දීය. සමහර විට සිකුරු ග්‍රහයා ලග්න ගත වී බලවත් වීමෙන් පළමු විවාහය අත්හැර දෙවන විවාහයක් වෙයි. තමන්ට වඩා බොහොම බාල තරුණයෙක් සමඟය.

ශනි කේතු 2 වැන්නේ සහ කුජ - රාහු 8 වැන්නේ සිටීමත් විවාහ ජීවිතය අවුල්වල අතර වසර 2,3කින් පළමු විවාහය අසාර්ථකවේ. සමහර විට රවි - කුජ - බුධ 7 වැන්නේ සිටීමෙන් උසස් යහපත් විවාහයක් සිදුවූවත් වෙනත් පිරිමින්ගේ ඇසුර සොයා යයි.

විවාහ ජීවිතය අවුල් කරන පිරිමින්ට වහල්ව ජීවත්වන තරුණ කාන්තාවන් කොතරම් සිටිනවාද? ජන්ම කේන්ද්‍රරයේ එවැනි පිහිටීම් තිබෙන විට දෙමාපියන් බලන්නේ මොකක් හෝ විවාහයක් කරදී නිදහසක් ලැබීමටය. විශේෂයෙන්ම පාපාංශික අධිකව සිටින කේන්දරයට ඒ හා සමාන කේන්දරයක් ගලපා විවාහය සිදුවිය යුතුය. නැත්නම් අනිවාර්යයෙන්ම විවාහය අසාර්ථක වෙයි.

විවාහයකදී මූලිකව සොයා බැලිය යුතු කරුණු

දෙදෙනා‍ගේ කේන්දර සටහන නිවැරදිද? පොරොන්දම් බැලීම සිදුකර ග්‍රහයින්ගේ පිහිටීම අනුව මෙය ඉදිරියට ගෙන යා හැකි විවාහයක් ද? පොරොන්දම් අනුවම විවාහ ජීවිතය සාර්ථක වන්නේ නැත. දශා ගැලපීම දශාවන් අනුව ග්‍රහයින් පිහිටා සිටින ආකාරය මේවා සියල්ල නිවැරැදිව සොයා බලා කරන විවාහය සැපවත් ජීවිත ගත කරයි. අද බොහෝ දදෙනාම කේන්දරයක් ගලපන්නේ පරිගණකය අනුවය. එයින් කිසිසේත්ම විවාහයට සාර්ථක පිළිතුරක් ලැබෙන්නේ නැති බව සිත තබා ගන්න.

සමහර කාන්තාවත් විවාහ වූ මුල් කාලයේ බොහොම ලෙන්ගතුව කරුණා සිතින් පවුල් ජීවිතය ගෙන යයිත ටික කලකදී විවාහය අවුල් ජාලාවක් කරගනී. එතැනදී අප දකින්නේ නොගැලපෙන කේන්දරයක් විවාහය කරගෙන අශුභ දශාවක් පැමිණි කල පවුල් ජීවිතයම අවුල් කර උසාවියේ පිහිටි පැතීමය.

සල්ලාල යෝග

සමහර කාන්තාවන්ගේ කේන්දරවල සල්ලාල යෝග පිහිටීමෙන් මොන විවාහයක් සිදුකළත් තමන්ගේ දුර්වල මානසික්තවය රැගෙන වෙනත් පුරුෂයන්ගේ ඇසුර පතා පිය නඟයි. එවැනි කාන්තාවන්ට ස්වාමියා , දරුවන් මතක නැත. සමහර විට තම ඇඳුම ද අමතක වේ. කුජ - සිකුරු 8 වැ න්නේ සිට ලග්නයේ සිටින බුධ 7 වැන්නේ සිටිනි සඳ දැකීමත් සඳ රාහු සමඟ යෝග වීමත් සල්ලාල යෝග වේ. බුධ- කුජ - රාහු යෝගව ලග්නයේ සිටින කුජ - සඳු දැකීමෙන් මෙවැනිම දුර්වලකම් ඇති කරයි.

කේන්දරයේ දුර්වලතා ඇතත්, ඉතා සැපවත් ජීවත ගත කරන යහපත් කාන්තාවන් ද සිටී. එවැනි කාන්තාවන්ගේ කේන්දරවල ගුරු 7 වැන්නේ සිට ලග්නයෙන් තැන්පත් බුධ දැකීමෙන් සිකුරු ග්‍රහයා සඳු ග්‍රහයා සමඟ යෝගව 10 වැන්නේ සිටීමෙන් තම ස්වාමියා කෙරෙහි බොහොම ලෙන්ගතුව මෙන්ම, නිතර ස්වාමිය‍ා ආරක්ෂා කර ගැනීමට සිතයි එවැනි කාන්තාවන්ට පවුලේ සමඟිය දියුණුව පෙන්නුම් කරයි.

තවද විවාහ ස්ථානයේ 7 වැන්න ගුරු - සිකුරු සමඟ යෝගව සිටීමත් කුජ ග්‍රහයා 11 වැන්නේ සහ සඳු 10 වැන්නේ සිටීමෙන් යහපත් විවාහ ජීවිත ගත කරන අය වෙති.

සෞඛ්‍ය තත්ත්වය නිසා විවාහ අසාර්ථක වේ. සමහර අය යම් යම් දශාවලදී අඩු මානසික්තවයකට පත් වේ.කාන්තා කේන්ද්‍ර යක රාහු 1 2 සිටී නම් කිසිම වරදක් නොකරන ස්වාමියා කෙරෙහි සිත අවුල් කරගනී. මනසින් විඳවීම නිසා උමතුභාවයක් ඇති කර ගෙත ප්‍රථිකර්ම කිරීමට සිදුවේ. නමුත් එහිදී විවාහ ජීවිතය අසාර්ථක නොවේ.

ස්වාමියා බිරිය කෙරෙහි වැඩි බැඳීමක් ඇතිව බෙහෙත් කරනවා විනා විවාහය අසාර්ථක කරගන්නේ නැත. නමුත් පවුල් ජීවිතයක් ගත කිරීමට තරම් හොඳ වාසනාවන්ත තත්ත්වයක් නොවේ.

විශේෂයෙන්ම රෝග පීඩා වලට කුජ- රාහු සෙනසුරු දශා බලපායි. සමහර විට ගුරු සිකුරු දශාවලදී වෙනත් රෝගයන් ඇති වුවත් උමතු රෝග ඇති නොවේ.

හොඳ යහපත් විවාහ ජීවිත ගත කරන අය වර්තමානයේ අඩුයි. නමුත් යම් යම් සුලු කරදර මැද විවාහය ආරක්ෂා කර තම නම ද රැක ගෙන විවාහ ජීවිත ගත කරන්නෝ සිටිති.

නිවැරැදි කේන්දර සටහනකට අනුව හොඳින් කේන්දර ගලපා විවාහ වෙනවා නම් පොලිසිය,උසාවිය අවශ්‍ය නැත. පළමුව ඔබගේ කේන්දරය නිවැරැදිද කියා පරීක්ෂා කර දෙවනුව පොරොන්දම් බලන්න.

 

ජ්‍යොතිෂවේදිනී

Comments