සතියේ මියු­සික් වීඩි­යෝව | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

තනිවෙලා තිබුණු මගේ ජීවිතෙන් තනිකම අරන් ගිහින් නුඹ මාව නුඹේ ලෝකය කරගත්තා. ඇත්තමයි මම එදා ඉඳලා නුඹට පණ වගේ ආදරේ කළා. ආදරේ කළා විතරක් නෙවෙයි මගේ ලෝකෙත් නුඹම වුණා. නුඹත් එක්ක අත්වැල් පටලවන් ඇවිදින්න. කොතනකට හරි තනි වෙලා හිතට එන හැමදේම කියවන්න.

හැබැයි ඒ හැමදේම හීනයක් වගේ. ඔබේ මතකයන් තුළ සදා මම සිටිමි තනි වී. කවදක හරි නුඹ එනව නම් මම ඒ වෙනකම් බලන් ඉන්නවා. මේ දිනවල යූ ටියුබ්වල රසිකයන්ට නිතරම ඇහෙන ‘පෙම්වන්ත සිත් කොනේ ඔබේ දෑස පැටලිලා‘ ආදරණීය ගීතය ගයන්නේ නුවන් සමරසේකර කියන තරුණ ගායකයා. දෙහිවල ප්‍රදේශයේ ඉපදිලා දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කළ නුවන් ට මේ ගීතය ලියා දෙන්නේ මොනිකා ප්‍රනාන්දුයි. පාසල් කාලේ සංගීතය හදාරලා පාසලෙන් ඉවත් වෙලත් ඒ සංගීතය ඉදිරියට ගෙන යන්න සමත් වුණ මේ තරුණයට ගීතයත් එක්ක තිබෙන්නේ පුදුමාකාර බැදීමක්.පාසල් යන කාළේ මම සංගීතයට පෙම් බැන්දා.

විවිධ ගායනා තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ රැසක් දිනා ගත්තා. මොකද මේ පෙම් ගීතයක් ගයන්න හිතුවේ කියල නුවන්ගෙන් ඇහුම ඔහු මෙහෙම කිව්වා. ‘ප්‍රේමය කියන්නේ කාට වුණත් ඇති වෙන හැඟීමක්‘. එහෙම කියලා නුවන් හිනා වෙන්න ගත්තා. කාටත් හොරෙන් මගේ ඉකි ගසන සිතුවිලි ඒකයි මම කිව්වේ මේ ගීතය පුරා ආදරණීය සිතුවිළි පිරිලා කියළා.

මේ ගමනට මට ගොඩාක් අය උදව් කළා. නම් ගම් කියන්න ගියොත් ඉවරයක් නැහැ. කාගේ හරි නමක් මඟහැරුනොත් ඒකත් හොඳ නැහැ. ඒ නිසා මම මෙහෙම කියන්නම් ගොඩාක් අය උදව් කළා. ඒ හැමෝටම මගේ ගෞරවය පුදකරනවා. හැමදාම මට ශක්තියක් වෙලා මාත් එක්ක ඉන්න මට ආදරේ කරන රසිකයන් හැමෝගෙන් ම ඉල්ලනවා.

පෙම්වන්ත සිත් කොනේ
ඔබේ දෑස පැට­ලිලා
මගේ ජීවිතේ සදා ඔබේ දෑත මත ලියා
සස­රින් පුරා භවේ ඔබ එන්න මගේ වෙලා

අත් වැල් බැඳන් යන්න පෙර වාගේ ළං වෙලා
හැකි­නම් මට ඉන්න ඔබ ළගම උණු­හුමේ
සත්තයි ඔබයි මගේ පණ කෙන්ද මේ භවේ
දිවියේ ඔබ පමණි සැන­සුවේ

ඔය දෑත නැත කිසිදා මගේ වෙන්න පිං කළේ
ඔබේ මත­ක­යෙන් සදා මම සිටිමි තනිම වී
නැත වෛර කර කිසිදා නොවන බව දැනී
කාටත් හොරෙන් මගේ ඉකි ගසන සිතු­විලි
එක්තැන් කරන් ඉන්නම් ඔබේ සතුට ගැන සිති

ගාය­නය-නුවන් සම­ර­සේ­කර
පද­ර­ච­නය-මොනිකා ප්‍රනාන්දු
සංගී­තය-තරිඳු කොස්තා
 

Comments