මැතිවරණ නීති උල්ලංඝනය කොට ඡන්දයෙන් දිනුවත් මන්ත්‍රී ධුරය නෑ | Page 2 | සිළුමිණ

මැතිවරණ නීති උල්ලංඝනය කොට ඡන්දයෙන් දිනුවත් මන්ත්‍රී ධුරය නෑ

පළාත් පාලන මැතිවරණයේ පූර්ව හා පශ්චාත් මැතිවරණ කටයුතු වලදී ඡන්ද නීති උල්ලංඝනය කිරීමට වැරැදිකරුවන් වන සියලුම අපේක්ෂකයන්ට පළාත්පාලන ආයතන ජයග්‍රහණය කළද එම මන්ත්‍රීධුර අහිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

මැතිවරණ නීතිය යටතේ අධිකරණයෙන් වැරැදිකරුවන් බවට පත්වන ඕනෑම අපේක්ෂකයකුට එසේ පළාත්පාලන මන්ත්‍රීධුරය අහිමි වන බව පැවසූ පොලිස් අධිකාරිවරයා පසුගිය සිකුරාදා වන විට මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් අඩංගුවට ගත් අපේක්ෂකයන් 25 දෙනකු සිටි බවද කීය. මේ අය ඇප පිට නිදහස් කර ඇති බවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද පොලිස් අධිකාරිවරයා කීය. එම අපේක්ෂකයන් ජය ලබා මන්ත්‍රී ධූරය හිමිවුවද වරදකරුවන් වන ඕනෑම අයකුට මන්ත්‍රී ධුරය අහිමි වන බවද ඒ මහතා කීය.

පසුගිය සිකුරාදා උදෑසන වන විට මැතිවරණ පැමිණිලි 610ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 183ක් පොලිස් මූලස්ථානයට වාර්තා වී තිබූ අතර සමස්ත පැමිණිලි 793න් බහුතර සංඛ්‍යාවක් බැණ තර්ජනය කිරීම් වේ. එම සංඛ්‍යාව 149කි. එසේම පහර දීම් 82ක් වාර්තා වී ඇත.

 

 

 

Comments