සාහි­ත්‍ය­යෙන් ඉංග්‍රීසි | Page 2 | සිළුමිණ

සාහි­ත්‍ය­යෙන් ඉංග්‍රීසි

සාහිත්‍යයෙන් ඉංග්‍රීසි නම් වූ මේ ලිපි පෙළෙහි අදහස ඉංග්‍රීසි සාහිත්‍යට ප්‍රවේශයක් දී එයට ඇල්මක් ඇතිකරන අතරම ඉංග්‍රීසි භාෂාව ගැන යම් ව්‍යාකරණ ඉඟියක් ද දීමය. ආස්වාදය සහ විනෝදය සමග දැනුමක් ලබා දීම මෙතුළින් බලාපොරොත්තු වේ.

Do not stand at my grave and weep

- Mary Elizabeth Frye

Do not stand at my grave and weep

I am not there. I do not sleep.

I am a thousand winds that blow.

I am the diamond glints on snow.

I am the sunlight on ripened grain.

I am the gentle autumn rain.

When you awaken in the

morning's hush

I am the swift uplifting rush

Of quiet birds in circled flight.

I am the soft stars that shine at night.

Do not stand at my grave and cry;

I am not there. I did not die.

මගේ සොහොන මත සිටගෙන නොහඬන්න

-මේරි එලිසබෙත් ෆ්ෙරයි-

මගේ සොහොන මත සිටගෙන නොහඬන්න

මම එතැන නැත මම නිදා නොගන්නෙමි

හමන දහසක් සුළං මම වෙමි

හිම මතැති දියමන්ති දිස්නය මම වෙමි

පැසුණු වී කරල් මත වදින හිරුරැස් මම වෙමි

සරත් සෘතුවේ මෘදු වස්සානය මම වෙමි

උදයේ නිහඬ බවේ ඔබ අවදිවන විට

මම වෙමි වේගවත් උඩුගුවනේ නැගීම

කැරකි කැරකී පියාඹන නිහඬ කුරුල්ලන්ගේ

රාත්‍රියේ දිදුලන මෘදු තාරකා මම වෙමි

මගේ සොහොන මත සිටගෙන නොහඬන්න

මම එතැන න මම නොමැරුණෙමි

මේරි එලිසබෙත් ෆ්රෙයි යනු 1905-2004 දක්වා ජීවත්වුණු මෙම එක කවිය පමණක් නිසා ප්‍රසිද්ධ වුණු ඇමරිකාවේ බැල්ටිමෝර් හි විසූ ගෘහණිය. එකල පැවති යුදෙව් විරෝධි වාතාවරණය හේතුවෙන් තමන් සමග කලක් විසූ යුදෙව් ජාතික තරුණියකට තම මවගේ මරණයට යා නොහැකි අවස්ථාවක් නිසා මෙම කවිය ලියවුණ බව කියවේ. 1996 දී බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම කවිය බවට මෙය පත්වූ විට මෙහි කර්තෘ ලෙස ඇය ඉදිරිපත්වී ඇත.

ව්‍යාකරණ ඉඟිය

මෙම කවිය තුළින් ‘be’ ක්‍රියා පදය යෙදෙන ආකාරය හොඳින් දැකගත හැකිය.

යමක් හෝ යමෙකු විස්තර කිරීමට ‘be’ යොදාගත හැකිය . ‘be’ ක්‍රියා පදය යෙදෙන්නේ විශේෂණ පදයක්, නාම පදයක් හෝ ස්ථානයක් හඟවන වචනයක් සමගය.

I am the thousand winds that blow.

නැත යන අර්ථය ගැනීම ‘not’ යන වචනය‘be’ක්‍රියා පදයට පසුව යොදාගත හැකිය.

I am not there.

තවත් කවියක්

I'm Nobody! Who are you?

- Emily Dickinson

I'm Nobody! Who are you?

Are you – Nobody – Too?

Then there's a pair of us!

Don't tell! they'd advertise – you know!

How dreary – to be – Somebody!

How public – like a Frog –

To tell one's name – the livelong June –

To an admiring Bog!

මම කවුරුවත් නොවෙමි! ඔබ කවුද?

-එමිලි ඩිකින්සන්-

මම කවුරුවත් නොවෙමි! ඔබ කවුද?

ඔබත් - කවුරුවත්ම නොවේ - නොවේද?

එහෙනම් ඒ අපි දෙන්නම!

කාටවත් නොකියන්න! ඒ ගොල්ලො ප්‍රචාරය කරයි - දන්නවනේ!

කොච්චර එපා වෙයිද - වීමට - කවුරුහරි!

කොච්චර පොදුද - ගෙම්බෙක් වගේ -

තමන්ගේ නම කීමට - දිග ජුනි මාසය පුරාම -

ගෞරවයෙන් බලා සිටින මඩ වගුරකට!

එමිලි ඩිකන්සන් යනු 1830 සිට 1886 දක්වා ජීවත්වූ ඇමෙරිකානු කිවිඳියකි. ඇයගේ 1800ක් පමණ වූ පද්‍ය බොහොමයක් සමාජයට ලැබුණේ ඇගේ මරණයෙන් පස. ඇගේ ජීවිත කාලය තුළ ඇය තනිව අවිවාහකව විසූ සමාජ ආශ්‍රය බොහෝ විට ලිපි මගින් ගෙන ගිය කිවිඳිය. ඇගේ කවි මරණය හා අමරණීයත්වය බොහෝවිට ස්පර්ශ කළ ඉතා කෙටි පද්‍ය විය. එමිලි ඩිකින්සන් බටහිර කාව්‍ය සම්ප්‍රදාය තුළ ඉතාම වැදගත් කිවිඳියක් ලෙස සැලකේ.

ව්‍යාකරණ ඉඟිය

‘be’ ක්‍රියා පදයෙන් ප්‍රශ්න ඇසීම මේ කවියෙන් ඉගෙනගත හැකිය. ‘ඔව්’ හෝ ‘නෑ’ පිළිතුර තිබෙන ප්‍රශ්නයක් අසන්නේ නම් ඔබ කළ යුත්තේ ‘be’ ක්‍රියා පදය තැන් මාරු කිරීම පමණි.

You are nobody.

Are you nobody?

‘wh’ වලින් පටන් ගන්න ප්‍රශ්නයක් නම් ‘wh’ වචනය ‘be’ ක්‍රියා පදයට පෙර දැමිය හැකිය.

Who are you?

 

Comments