සනු­හරේ එකෙක් | සිළුමිණ

සනු­හරේ එකෙක්

ඉස්කෝලේ කියලා දුන්න උඩරට ගිවිසුම අත්සන් කිරීමත් මේකට සම්බන්ධයක් තියෙන්න ඇති ද කියන එක මගේ මනසට එකපාරට වැටුණත්, ඒ ගැන නම් කිසිදු සාක්ෂියක් හොයාගන්න අපට බැරි වුණා. ඒකාලේ එක එක රහස් පරීක්ෂක වැඩ කරන්න අපි කැමැතියි. ඒ වගේම අපි කළ හැම වැඩක්ම ඉස්කෝලේ ගිහිල්ලා මහ උජාරුවට කියන්නත් කැමැතියි. මගේ මතකේ හැටියට ඒ අප්‍රේල් පාසල් නිවාඩු කාලේ. ඒ දවස්වල හොඳටම වහිනව. වැස්සේ සැරකම නිසා අත්තම්මා කැමැති වුණේ නැහැ මූකළානට යනවට. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. කොහොම හරි අත්තම්මාගේ ඇස් වහලා අපි මූකළාං කැලේට අපි රිංගාගත්තා.

 

හද්ද මූකළානට හඳ එළිය වැටුණහම මුළු මූකළානම ආලෝක වෙනව. මට මතකයි. ඒ දවස්වල අපි මූකළාන යනව. මූකළාන රෑටත් දවල් වගේ. ඒ දවස කවදාද කියලා මට හරියටම නිනව් තිබුණේ නැහැ.

හැබැයි ඉතින් පුර පෝයක් වෙන්න ඕනේ. අහස හරියටම පැහැදිලියි. තරුයායවල් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණේ. මූකළාන පැත්තේන ඇසුණේ බස්සෙක්ගේ කෙඳිරියක් විතරයි. රැහැයි හඬත් එකිනෙක පරයමින් නැඟිට්ටා.

නුවර පළාතේ අපේ අත්තම්මාගේ ගම වුණ එකේ. අපට බයක් සැකක් තිබුණේ නැහැ. අත්තම්මා අත්තා එක්ක සහේ ආවට පස්සේ පහත රට විදිහට උන්න කියලා තමයි අපේ පුංචා මට කියලා තිබුණේ. අත්තම්මා ඒ සන්දියේ කිව්වේ උන්දෑ ඇහැළේපොළ වලව්වට නෑයෝ කියලා. අනේ මන්දා එහෙම බැලුවහම රටම නෑයෝ නෙවැ කියලා අත්තා හිනා වුණා. ඒ පාර අත්තම්මාගේ හිනා කට එකපාරටම වැහෙනව.

අත්තම්මා ගෙදරට හිටියේ ඔසරි මාලා ඇදලා. නුවර පළාතේ ඇත්තෝ එහෙමයි කියලා මං අහලා තිබුණා. අත්තම්මයි අත්තයි එක්ක නුවර ආව වෙලාවට මං නොවැරැදීම මූකළාන එනව. ඒක දැන් මගේ පුරුද්දක් වෙලා. අනේ ඇත්තටම මද්දුමියෝ හරියට මේ වන්දනාවක යනවා වගේ පුරුද්ද මූකළාන් වදින්නේ උඹලා කෙල්ලෙක් නෙවැ.

කෙල්ල මොකද කොල්ලා මොකද අනේ පොඩි එකී ආසාව නෙවැ කියලා අත්තා මට රුකුල් දුන්නා. උදේ හතට අට මූකළානට ආවහම මං ආයේ ගෙදර ගියේ හවස හයත් පහුවෙලා. හැමදාම හඳ නෑ. මූකළානේ වගතුග හොයන්න තේජ මල්ලිත් මනෝරා නංගිත් එකතු වුණා. ඒ අය හරිම ආසයි ගවේෂණ වැඩ කරන්න.

ඒ කාලේ එක එක දේවල් අත්තම්මා කියලා දුන්නහම අපි ඒවා ගැන තව තව කැන කැන අහනව. අත්තම්මා කිව්ව විදිහට මූකළං කැලේ සුදු නෝනා කෙනෙක් මැරිලා තියෙනව. ඒ නෝනා රාජසිංහ රජ්ජුරුවන්ගේ ඇමැති කෙනෙක් එක්ක හාද කමක් තිබිලා තියෙනවා.

ඇත්තටම ඇයි එහෙම වුණේ කියලා අපි ප්‍රශ්න කර කර ඇහුවේ නැහැ. ඒත් එකේ සුල මුල හාර අවුස්සන්න අපට ඕනේකමක් තිබුණා.

ඉස්කෝලේ කියලා දුන්න උඩරට ගිවිසුම අත්සන් කිරීමත් මේකට සම්බන්ධයක් තියෙන්න ඇති ද කියන එක මගේ මනසට එකපාරට වැටුණත්, ඒ ගැන නම් කිසිදු සාක්ෂියක් හොයාගන්න අපට බැරි වුණා. ඒකාලේ එක එක රහස් පරීක්ෂක වැඩ කරන්න අපි කැමැතියි. ඒ වගේම අපි කළ හැම වැඩක්ම ඉස්කෝලේ ගිහිල්ලා මහ උජාරුවට කියන්නත් කැමැතියි.

මගේ මතකේ හැටියට ඒ අප්‍රේල් පාසල් නිවාඩු කාලේ. ඒ දවස්වල හොඳටම වහිනව. වැස්සේ සැරකම නිසා අත්තම්මා කැමැති වුණේ නැහැ මූකළානට යනවට.

ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. කොහොම හරි අත්තම්මාගේ ඇස් වහලා අපි මූකළාං කැලේට අපි රිංගාගත්තා.

අතෝවරක් නැති වැස්ස නිසා අපිට වැඩිය එහාට මෙහාට යන්න ලැබුණේ නැහැ. සුදු නෝනාගේ සොහොන තිබුණේ හරියටම මූකළානේ මැද. මූකළානේ මැදට ගිහාම දියසෙවෙල් බැඳුණු සොහොන හොඳට පේන්න අරගන්නව.

මිනිස්සු කිවුවට මේ සොහොන ළඟ අවතාර තියෙනව කියලා අපි නම් ඒ අවතාර කවදාවත් දැකලා නැහැ. පොත්වල ඉන්න අවතාර විතරයි මං කියවලා තිබුණේ. කොහොම වුණත්, සමහර මිනිස්සු මේ අවතාරේ දැකලා තියෙනව කියලාත් අත්තම්මා මට කියලා තිබුණා.

උඩරට ගිවිසුම හොඳ පාවාදීමක් කියලා කිව්වේ අපේ අත්තා. අත්තා එහෙම කියනකොට අත්තම්මා හිමින්ම මඟ හැරලා යනවා.

උන්දැගේ සනුහරේ ඇත්තන්ට මොකවත් කියනවාට අත්තම්මා කවදාවත් කැමැතිවෙලා උන්නේ නැහැ. අත්තම්මාට තිබුණේ උඩරට ඇත්තෝ ගැන ලොකු හිත් බැඳීමක්. අපේ ඈයෝ එහෙම නෑ කියලා තමයි අත්තම්මා කිව්වේ.

කොහොම වුණත් අත්තම්මාගෙයි අත්තගෙයි දීගෙ නිසා උඩරට පහතරට යා වුණා කියලා තමයි අත්තාගේ අයියා කිව්වේ.

අත්තාගේ අයියා ඉලන්දාරි සන්දියේදිත් මේ සුදු නෝනාගේ වග විස්තර හොයන්න ගොඩ වෙහෙස වුණා කියලාත් මට කියලා තිබුණා. ඇත්තටම අත්තේ අවතාර වයසට යන්නේ නැද්ද කියලාත් මං අත්තගෙන් ඇහුවා. අපෝ... මේ මොන කතාද? කවදාවත් අවතාර නම් වයසට නම් යන්නේ නෑ. අත්තා ඉස්සර දත්වහල්ල පෙන්නලා හිනා වෙනවා. එතකොට ඉතින් මං මුකුත් නොකියා කරබාගෙන ඉන්නවා.

ඇත්තටම කෙලී කොල්ලෝ නේ. මේවට උනන්දු උඹ මක්කටෙයි අවතාර ගැන හොයන්නේ. බුලත් කෙළ පාරක් ගහන අත්තා හරි බරි ගැහිලා ඉඳගන්න ගමන් මගෙන් අහනවා.

අනේ අත්තේ මං හරිම ආසයි ඒ කාලේ අවතාර තවමත් සැරිසරනවද කියලා දැන ගන්න. ඇහැළේ පොළ පරම්පරාවේ ඇත්තෝ තාමත් ඇති කියලා මට හිතෙනවා.

ඒත් ඉතිං ඔය වංහුං කොහොම හොයාගන්නද? හිතුවොත් බැරි නෑ. මේ දවස්වලට ඉස්කෝලේ කතා කන්නේ උඩරට ගිවිසුම නිසා මගේ සිත තවත් ඕනේකමින් විපරම් කළා. ඒ කාලේ සුදු මහත්තුරු විතරක් නෙවෙයි සුදු නෝනලත් ලංකාවට ඇවිල්ලා තියෙනවා.

ඒත් ඒවා ගැන වැඩිපුර විස්තර ඉතිහාසයේ කියවෙන්නේ නැහැ. ජාතිය මොනවා වුණහම මොක බං ආදරේට අපේ අත්තා ‍එහෙම කියන‍කොට අත්තම්මා හොරෙන් අත්තා දිහා බැලුවා.

අත්තම්මා උඩරට වෙච්චි එකේ අත්තගේ පහතරට ගති අත්තම්මාට ඇල්ලුවේ නැහැ. ඒත් ඒ කිසිදෙයක් දෙන්නා දෙමහල්ලන්ගේ ආදරයට නම් බලපාලා නැහැ. ඒත් අත්ම්මාට ඕනේ වුණේ අත්තාවත් උඩරට ගාවන්න. ඒ හින්දා ද මංදා අත්තම්මා සමහර වෙලාවට මෙහෙම කිව්වා. ඇහැළේපොළලා කවුද බං දන්නේ පහතරට ආව ගියාද කියලා.අත්තම්මා කවදාවත් උඩරටින් අත්ඇරෙන්න කැමැති වුණේ නැහැ.

හැම නිවාඩුවකට වගේම මේ නිවාඩුවට ගිය වෙලාවේදීත් අපි මුකළං කැලේ වැදුණේ සුදු නෝනා ගැන වග විස්තර ටිකක් හොයන්න හිතාගෙන මූකළං කැලේ මේ පාර නම් පැණි කුරුළු ජෝඩු පිටින් ලැගුම් අරගෙන හිටියේ.

උන් හැමෝ කූඩු හදලා. මනෝරාගේ ආසාව තිබුණේ පැණි කුරුල්ලන් අල්ලන්න. එත් අපේ ආසාව තිබුණේ සුදු නෝනා ගැන විස්තර හොයන්න. අපි උදේ ඉඳලා රෑ වෙන තෙක් මූකළං කැලේ හිටියා. හරියටම රෑ නමයට විතර ඇති. මදුරුවෝ කාලා අත් ඉදිමිලා. ඒ විතරක් නෙවෙයි කූඩැල්ලෝ එල්ලිලා.

අපි සුදු නෝනාගේ සොහොන ළඟට කිට්ටු කළා. ඒත් ඒ තරම් දුර යන්න ලැබුණේ නෑ අපි දැක්කා සුදු කාන්තාවක් එහාට මෙහාට යනවා. ඈ අපි එකපාරට බය වුණා. ඇත්තටම හොල්මන් වයසට යන්නේ නෑ.

බය වුණ පාර අපි නැවැතුණේ ගෙදර පිළිකන්නේ. වෙව්ච දේ කාටවත් කියන්න බෑ. පහුවදා උදේ වෙනකංම අපි ‍හොඳ නින්දකට වැටුණා. යන්තං ඇහැ ඇරීගෙන එනකොට මට සියාතු සීයාගේ කටහඬ ඇහුණා. මේ පාරත් මූකළං කැලේට සුද්දෝ ටිකක් ඇවිල්ලාලු.

 

අදහස්