දුම්රියට පණ දෙන්න එන්ජින් 10ක් බලවේග කට්ටල 21ක් - මැදිරි 160ක් | Page 3 | සිළුමිණ

දුම්රියට පණ දෙන්න එන්ජින් 10ක් බලවේග කට්ටල 21ක් - මැදිරි 160ක්

අඩසියවසකට ආසන්න කාලයකට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට එකවර දුම්රිය මැදිරි, දුම්රිය එන්ජින්, බලවේග කට්ටල දුම්රිය, දුම්රිය ඉන්ධන ගැල්, හා දුම්රිය බහාලුම් ද ගෙන්වීමට කටයුතු කර ඇතැයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා සිළුමිණට පැවැසීය. ඒ සඳහා ඇමරිකන් ‍ඩොලර් මිලියන 276ක් හෙවත් රුපියල් මිලියන 43000කට ආසන්න මුදලක් වැය වන බවද ඒ මහතා කීය.

චීනයෙන් හා ඉන්දියාවෙන් මේ මැදිරි එන්ජින් හා ගැල් ආනයනයට කටයුතු කර ඇති බවද ඒ මහතා කීය.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 42.5ක වටිනාකමකින් යුක්ත අධිබල දුම්රිය එන්ජින් 10ක් ඇමරිකන් ඩොලර් මිලියන 58.04ක වටිනාකමින් යුත් ද්විත්ව බලවේග කට්ටල දුම්රිය 6ක් (වෙන් වශයෙන් දුම්රිය 12ක් ලෙස ධාවනය කළ හැකි) මඟී සේවාව සඳහා ඉන්දියාවෙන් ආනයනයට කටයුතු කර ඇත. එසේම ඇමරිකන් ඩොලර් මිලියන 1.5ක් වටිනා ඉන්ධන ගැල් 30ක්ද ඇමරිකන් ඩොලර් මිලියන 1.69ක් වටිනා වියදමකින් කන්ටේනර් බහාලුම් 20ක් ද ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අතර චීනයෙන් උඩරට මාර්ගය සඳහා ද්විත්ව එන්ජින් සහිත මැදිරි 10කින් යුත් බලවේග කට්ටල 9ක් ආනයනයට කටයුත යොදා ඇතැයිද සමරසිංහ මහතා කීය. ඒ සඳහා වන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 93.86ක් වන අතර එම දුම්රියයන් කිහිපයක වායු සමනය කළ මැදිරි වැඩි වශයෙන් එක් කර ඇත.

 

Comments

පිටු