‘සොලන්රා සමාගම’ ජාතික විදුලි පද්ධතියට කිලෝ වොට් 1000ක් සපයයි | Page 2 | සිළුමිණ

‘සොලන්රා සමාගම’ ජාතික විදුලි පද්ධතියට කිලෝ වොට් 1000ක් සපයයි

 ‘සොලන්රා සමාගම’ තම සෝලා පැනල මගින් නිපදවූ විදුලිය කිලෝ වොට් 1000ක් 2017 වසරේදී ජාතික විදුලි පද්ධතියට සැපයීමේ ඉලක්කය පසුගියදා පසු කෙරිණි. ඝර්ම කලාපීය රටවල් හා කාන්තාර ප්‍රදේශ සඳහා ලොව අංක එකේ සෝලාර් පැනල නිෂ්පාදකයා වන ජර්මනියේ Jurawatt සමාගම නිපදවන සෝලා පැනල සඳහා ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිතයා වන්නේ ‘සොලන්රා සමාගම’යි.

වසර 2012 දී ඇරඹුණු ‘සොලන්රා සමාගම’ එක් වසරක් තුළ කිලෝ වොට් 1000ක විදුලිය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට උරදුන් සේවාදායකයන්ට ප්‍රණාම පිදීමේ උත්සවයක් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ට විදුලි ඉංජිනේරු හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ යුරෝපීය රටවල් සඳහා ප්‍රවීණ උපදේශකයෙකු වන කිංස්ලි ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ ග්රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.

සොලන්රා සමාගම විසින් ස්ථාපිත කරන සියලූ සෝලා පැනල සඳහා වසර 35ක වගකීමක් සැපයෙන අතර, එය ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික හා කාලගුණික තත්ත්වයකට වඩාත් ගැලපෙන එකම සෝලාර් පැනලයද වේ. එමෙන්ම Jurawatt සෝලාර් පැනලයෙහි මෙරට භාවිතා කෙරෙන සෙසු සෝලාර් පැනලයන් හි නොමැති විශේෂත්වයන් රැසක් වෙති. ඒ අතර ප්‍රමුඛතම විශේෂත්වය වන්නේ එයට සෙන්ටිගේඩ් 125ක උෂ්ණත්වයක් උරාගැනීමේ (absorbing Temperature) හැකියාවක් තිබීමය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය එම ප්‍රමාණයට ආසන්න තත්ත්වයක පැවතීමෙන් එයට වඩා අවම උෂ්ණත්ව උරාගැනීමක් සහිත සෝලා පැනල යෙඳීමෙන් එහි ක්‍රියාකාරීත්වය වසර කිහිපයකින් දුර්වල වේ. එයට අමතරව Jurawatt සෝලාර් පැනල සමග භාවිතා කෙරෙන ඕස්ට්‍රියාවේ නිෂ්පාදිත Fronius ඉන්වර්ටරයට ඉතා අවම ආලෝක තත්ත්වයක් යටතේ පවා විදුලි උත්පාදන හැකියාව තිබීමෙන් පෙරවරු 6.00 සිට සවස 6.00 වනතුරුම විදුලිය නිපදවේ. එහෙයින් සාමාන්‍ය සෝලාර් පැනලයකට වඩා 30%ක වැඩි විදුලි උත්පාදන හැකියාවක් මෙම Fronius ඉන්වර්ටරයට තිබීම විශේෂත්වයකි. එයට අමතරව මෙම සෝලා පැනලය මතට කුරුලු අසූචි වැනි අපද්‍රව්‍ය වැටුණොත් එහි තිබෙන self-cleaning ක්‍රමවේදය මගින් එය ඉවත් කෙරේ. එමෙන්ම වඳුරන් වැනි සතුන් Jurawatt සෝලා පැනලය මතට පැන්නද එහි සවිමත්බව හේතුවෙන් පැනලයට කිසිඳු හානියක් සිදු නොවීම විශේෂත්වයකි. සම්පූර්ණයෙන්ම ජර්මනියේ නිෂ්පාදිත උපාංග පමණක් භාවිතා කෙරෙන Jurawatt සෝලා පැනලය වටා වූ රාමුව මළ නොබැඳෙන වානේ වලින් නිෂ්පාදනය කර තිබීමෙන් එයට ජීවිත කාලය පුරා වගකීම් සහතිකයක් පිරි නැමේ.

Jurawatt සෝලා පැනල කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට ප්‍රණාම පිදීමේ උත්සවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොලන්රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ෂර්ලි ජයවර්ධන මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන සෝලාර් පැනලයන් අතර අප සමාගම අලෙවි කරන Jurawatt සෝලා පැනලය ඝර්ම කලාපීය රටවල භාවිතා කෙරෙන අංක එකේ සෝලාර් පැනලය බවයි. එය මෙරටට වඩාත් උචිත සෝලාර් පැනලය බව මේ වන විට සනාථ වී තිබෙන බවත්ය.

අදටත් අප සමාගමට සෝලා පැනලයන් සඳහා ඇණවුම් ලැබෙන්නේ එය භාවිතා කරන පාරිභෝගිකයන් විසින් සෙසු අයට කරන සහතික කිරීම් තුළිනුයි. එමෙන්ම අප සමාගමේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු කිංස්ලි ජයවර්ධන මහතා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වසර 18ක පළපුරුද්දක් හිමි හා යුරෝපය, ස්විඩනය, ඉන්දියාව හා චීනය වැනි රටවලට සෝලාර් පැනල පිළිබඳ පරුරුවීණ උපදේශකයෙකුද වීමෙන් ඔහුට මෙරටට ගැලපෙන හා ලොව නූතන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද පිළිබඳ මනා දැනුමක් හිමිවුවෙක්. එහෙයින් අප සමාගමෙන් සෝලා පැනල මිලදීගත් පාරිභෝගිකයන්ගේ තීරණය නිවැරදිබව කිව යුතුයි. සාමාන්‍යයෙන් මෙරට සවි කෙරෙන බොහෝ සෝලා පැනලයන්ට තිබෙන උෂ්ණත්වය උරාගැනීමේ හැකියාව සෙන්ටිග්‍රේඩ් 85ක් තරම් සුළු ප්‍රමාණයක්. නමුත් අපේ රටේ බොහෝ කාලවල පවතින උෂ්ණත්වය එයට වඩා වැඩියි. අපේ රටේ සාමාන්‍ය උෂ්ණත්වය කෙතරම්ද යන්න දහවල් කාලයේදී එළිමහනේ නවතා තිබෙන වාහනයක බඳ පෙදෙසට අත තැබීමෙන් අත පිළිස්සෙන තරමේ උණුසුමක් එනම් සෙන්ටිග්‍රේඩ් 85ට වැඩි උෂ්ණත්වයක් එහි තිබෙනබව පැහැදිලි වෙනවා. එහෙයින් ඝර්ම කලාපීය රටවලට ගැළපෙන සෙන්ටිග්‍රේඩ් 125ක උෂ්ණත්වයක් උරාගැනීමේ හැකියාවක් තිබෙන සෝලා පැනලයක් නොයෙඳීමේ ප්‍රතිඵලය වන්නේ වසර තුන හතරකින් එහි ක්‍රිමයාකාරීත්වය දුර්වලවීමයි. එමෙන්ම සුළං, වැසි, දුවිලි, වහලය මතට සතුන්ගේ පැනීම් බහුල ආදී ඕනෑම පරිසරයකට හා දේශගුණයකට ගැලපීම හා වැඩි විදුලි උත්පාදන හැකියාවකින් යුතු Jurawattසෝලා පැනලය සවි කළ කිසිඳු පාරිභෝගිකයෙකුගෙන් මෙතෙක් පැමිණිල්ලක් නෙ ලැබීම අප සමාගමේ සාර්ථකත්වය පැහැදිලි කරන්නක් බවයි.

චන්දිමා එදිරිමාන්න

 

Comments