මාස තුනෙන් පෙනහළු පිළිකා නසන විශ්මිත ස්වාභාවික පානය | Page 2 | සිළුමිණ

මාස තුනෙන් පෙනහළු පිළිකා නසන විශ්මිත ස්වාභාවික පානය

 ළය පිළිකා හා තවත් ලෙඩ රෝග කිහිපයකට ගුණ දායක විශ්මිත පානයක් ගැනයි‍ මේ. මෙය මුලින්ම හොයා ගෙන ඇත්තේ චීනයේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින්. මේ පානය හදන්න යොදා ගන්නේ එළවලු ජාති දෙකක් හා එක් පලතුරු ජාතියක් පමණයි. ඒ වගේම මේ ජාති තුනම පහසුවෙන්ම හොයා ගන්නත් පුළුවන්

ඇපල්, කැරට් හා බීට්රූට් තුන තමයි අපි හොයා ගන්න ඕනේ. මේ පානය සැදීමේදී එක් එක් ජාතියෙන් යෙදිය යුතුයැයි නිශ්චිත ග්‍රෑම් ප්‍රමාණයක් නෑ. එය ඔබේ රස අනුව එක් එක් ජාතියෙන් වෙනස් ප්‍රමාණයන් යොදා හදා ගන්නත් පුළුවන්. පුළුවන් තරම් හැම ජතියෙන්ම සාමාන ප්‍රමාණයන් යොදා ගෙන හැදුවොත් වඩා හොදයි. ඒ වගේම ඔබට මෙයට සිනි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දෙහි යුෂ ටිකක් යොදා ගත්තොත් සිනි නැතුව උනත් මේ පානය රස විඳින්න පුළුවන්.

මේ පානය හදන්න අපි යොදා ගන්න ආහාර ජාති තුනම මිනිස් සෞඛ්‍යට ඉතාමත් ගුණ දායක ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දේවල්. ඇපල් වල විටමින් A , B1 , B2 , B6 , C , E හා K ප්‍රබල ලෙස අඩංගු වෙනවා. ඒ වගේම ෆොලේට් , සින්ක් , මැග්නීසියම් , පොටෑසියම් , පොස්පරස් , කැල්සියම් , සෝඩියම් හා යකඩ කියන පෝෂණ සංගටක ඇපල් වල යහමින් තියෙනවා.

කැරට් ගත්තම විටමින් A , B1 , B2 , B6 , C , E හා K සමග කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් . සෙලේනියම් කියන පෝෂණ සංගටක බොහොම උසස් අයුරින් අඩංගු වෙනවා. කැරට් පිස ආහාරයට ගැනීමට වඩා යුෂ පානයක් ලෙස ශරීරයට එක් කර ගැනීම මගින් එහි ඇති සියලු පෝෂණ පදාර්ථ හොඳින් සිරුරට අවශෝෂණය වීම සිදු වෙනවා.

බීට්රූට් කියන්නේ Cardiovascular Disease වැනි හදවත හා සම්බන්ධ රෝගවලට ඉතාමත් ගුණදායක එළවලුවක්. බීට්රූට් තුළ විටමින් A, C, සංකීර්ණ විටමින් B , යකඩ , කොපර් , මැග්නීසියම් , පොටෑසියම් හා වයසට යෑම පමා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා.

අපි දැන් බලමු මේ දේවල් ත්‍රිත්වය යොදා ගෙන බලගතු පානයක් සකස් කර ගන්නේ කොහොමද කියලා මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි. පොතු හැර ගත් ඇපල් හා සුද්ද කර ගත්තු කැරට්, බීට්රූට් සමාන ප්‍රමාණයන් අරගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. ඊට පස්සේ දිනපතා පානය කරන්න තමයි තියෙන්නේ. හොඳ ප්‍රතිපල ගැනීමට නම් මේ පානය මාස තුනක් පාවිච්චි කළ යුතුයි. උදේ හිස් බඩ එකපාරක් හා හවස 5 ට පමණ හෝ ඊට පෙර ලෙස දිනකට දෙවරක් පානය කිරීම සුදුසුයි. උදේ පානය ගෙන පැයක් යනතුරු උදේ ආහාරය ගන්න එපා.

ළය පිළිකා හා අනෙකුත් පිළිකා සෛල වර්ධනය වීම වළක්වමින් පිළිකා සුව කිරීමේ විශ්මිත ගුණයක් මේ පානයට තියෙනවා. ඒ වගේම හදවත හා පෙනහළු වැනි ශරිර අවයවවල නිරෝගී පැවැත්ම සදහා ඉතාමත් ගුණ දායක පෝෂණ සංඝටක සපයනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. අධි රුධිර පීඩනය වගේ ලෙඩ රෝගත් මේ මගින් වලක්වා ගන්න පුළුවන්

හැමෝම ආසයිනේ ලස්සන සමක් තියාගන්න. ඉතින් ඔබ නියමිත පරිදි මේ පානය දිගටම බිව්වොත් රන්වන් පාට ශරීරයක් ඔබට හිමි වෙනවා. සම නිරෝගී වෙනවා.

ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා. මතක ශක්තිය වැඩි කරමින් මොළයේ හොඳින් ක්‍රියා කරවනවා. මේ පානය ඇස්වලට හුඟක් හොඳයි. පරිගණකය ඉදිරිපිට පැය ගණනාවක් වැඩ කරන අයගේ ඇස් වල වියලි ගතිය හා මහන්සිය නැති කරනවා. ශරීරයේ ප්‍රතිශක්ති ගුණය වැඩි කරනවා. අක්මාව තුළ තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කර අක්මාව පිරිසුදු කරනවා. රතු රුධිරානු නිෂ්පාදනය ඉහළ දැමීම තුළින් ලේ පිරිසිදු කරනවා. කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩු කරනවා

කෙට්ටු වෙන්න උත්සාහ කරන අයටත් මේක ගොඩක් හොද පානයක්. එකට හේතුව තමයි අඩු කැලරි ප්‍රමාණයක් මෙහි අඩංගු වීම. හැබැයි කැලරි අඩු වුණාට මෙහි පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය ඉතා උසස් මට්ටමින් පවතිනවා.

විශ්ම ලෝකය ඇසුරිනි

Comments