නිර්මාංශ ආහාරය සතුට වඩයි ආයු වඩයි | සිළුමිණ

නිර්මාංශ ආහාරය සතුට වඩයි ආයු වඩයි

 ලෝකයේ සුප්‍රකට සෞඛ්‍ය සඟරාවක් වන “World Journal of Gastroenterology“මගින් පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා උපයෝගී වන්නා වු යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව Medical News Today වෙබ් අඩවිය ඹස්සේ දක්වා ඇත.ස්ථුලතාවය මඟහරවා ගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිළිපැදීම මඟින් පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා පිළිපැඳිය යුතු උපදෙස් මෙසේ ය.

ආහාරපානවලින් පරිස්සම් සහගත වීම

ප්‍රෝටීන බහුල නිර්මාංශමය ආහාර,කෝපි.විටමින් c බහුල එළවළු සහ පළතුරු , ඔමේගා 3 සංඝටකය අඩංගු ආහාර තම ආහාර වේල්වලින් එකකට හෝ එක් කර ගැනීම මඟින් පිත්තාශයේ ගල් ඇති වීම හැකි තාක් දුරට වළක්වා ගැනීමට පුළුවන.කැල්සියම් අඩංගු ආහාර පාන වලින් ද පිත්තාශයේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගැනීමට හැකි බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණවලින් පැහැදිලි කර තිබේ.විශේෂයෙන් ම අධික තෙල් අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් අනිවාර්යයෙන් ම වැළකී සිටිය යුතු ය.‍තව ද ඹලිව් තෙල් ආහාරපාන පිසීමේ දී එක් කර ගැනීම මෙවැනි තත්ත්වයේ පුද්ගලයින්ට වඩාත් හිතකර වේ.

ස්ථුලතාවය අවම කර ගැනීම

පිතෙහි අඩංගු වී තිබෙන සංඝටකවල පවතින වෙනස්කම් සිදු වීම නිසා පිතෙහි පවතින ද්‍රවණය ඝන වීමෙන් පිත්තාශයේ ගල් ඇති වේ. බොහෝ විට පුද්ගලයෙකු අධික මේදය සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් කොලෙස්ටරෝල් ගල් ඇති වීමේ අවදානම වැඩි වේ. එම නිසා හැකි තාක් සමබර ආහාර වේලක් ගැනීම වඩාත් වැදගත් වේ. විශේෂයෙන් ම තන්තු බහුල එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමට මතක තබා ගත යුතු වේ. පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා නිර්මාංශ ආහාරවලට යොමු වීම ඉතාමත් යහපත් වේ. තන්තු බහුල නිර්මාංශ ආහාරවලට යොමු වීමෙන් ස්ථුලතාවය ද මඟ හැර ගැනීමට හැකි වේ.

මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කිරීමෙන් වැළකීම

අග්න්‍යාශ ප්‍රදාහය සහ පිත්තාශ ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන් සඳහා මත්පැන් පානය කිරීම යහපත් නොවේ. එමඟින් පිත්තාශයේ ගල් ඇතිවීමෙන් මරණයට පත් වන පුද්ලයින් ප්‍රමාණය ද වැඩි වීමට පුළුවන. එම නිසා මත්පැන් පානය කරන පුද්ගලයින් ස්වඅවබෝධයෙන් යුක්තව මත්පැන් පානය කිරීමෙන් වැළකිය යුතු ය. දුම්වැටි භාවිතා කරන්නන්ට ද පිත්තාශයේ ගල් ඇති වී අවාසනාවන්ත ලෙස ජීවිත අවධානමට ලක් වන බව බටහිර විශේෂඥ වෛද්‍යවරු තම පරීක්ෂණවලින් පෙන්වා දී දෙති.

අන්තර්ජාලය ඇසුරිණි.

මදාරා

අදහස්