ගීසා පිරමිඩයේ ලොව කළඹන අභිරහසක් | Page 2 | සිළුමිණ

ගීසා පිරමිඩයේ ලොව කළඹන අභිරහසක්

 ඊජිප්තුවේ පිහිටි විශාලතම ගීසා පිරමිඩය ඇතුළත මීටර 30ක් පමණ දිගින් යුත් රික්තයේ යකඩ අසුනක් පිහිටා ඇති බවත්, එහි සංයුතිය අනුව ඒ යකඩ ආකාශ්මවලින් ලබා ගත් ඒවා විය යුතු බවත්, එම අසුන පාරාවෝ රජුට සිය මරණින් මතු ජීවිතයට ගමන් කරන්නට සහාය වන්නට ඇති බවත් ප්‍රංශ සහ ජපාන ජාතික පුරාවිද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙයි.

මේ විශාල රික්තය සොයා ගනු ලැබුයේ 2017 වසරේ නොවැම්බර් මාසයේය. පැරිසියේ හිප් ආයතනය සහ ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලය එක්ව සිදු කරන ස්කෑන් පිරමිඩ් ව්‍යාපෘතිය මඟින් මෙසේ පිරමිඩය පිළිබඳ තොරතුරු අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතයෙන් සොයාගෙන ඇත.

පෞරාණික එක් ලියවිල්ලක් පර්යේෂණයට බඳුන් කළ මේ විද්‍යාඥයන් හට එහි සඳහන් කරුණක් විශේෂ විය. එනම් පාරාවෝ රජු උතුරු තාරකා වෙත ළඟා වීමට පෙර ‘ආකාස කඩුල්ල‘ පසු කළ යුතු බවත් ඒ සඳහා ඔහු ‘යවාසනයේ‘ අසුන් ගත යුතු බවත්ය. මෙය ආකාශ්මවලින් තනා ඇති බවට එහි අධික ප්‍රතිශතයකින් අඩංගු නිකල් ලෝහය සාක්කි දරන බවද ඒ පිළිබඳ ලේඛනවල දැකිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති. 

Comments