හොරු බොරු නැති රටක් | සිළුමිණ

හොරු බොරු නැති රටක්

 හඳ කියන එකට සමාන වචන’

‘සිසි, චන්ද්‍රයා, හිමකර, තරුපති, තරිඳු, සඳු, සොමි’

‘එතකොට වතුර කියන එකට සමාන වචන’

‘ජලය, දිය, අඹ’

‘එතකොට දේශපාලනඥයා කියන එකට’

‘හොරා’

‘එච්චරද?’

‘නෑ, වංචාකාරයා, දූෂකයා, මැතිතුමා’

‘අදට අවුරුදු හතළිහකට විතර එහා දේශපාලනඥයා කියන්නේ නම්බුකාර වැදගත් මහත්තයෙක්’

‘ඒක වෙනස් වුණේ කොහොමද? මොකද?’

‘සමාජයට හොරකම උගන්වන්නේ දේශපාලනඥයන්ද?’

‘දේශපාලනඥයන් හොරකම ඉගෙන ගත්තෙ සමාජයෙන්ද?’

‘දේශපාලනඥයා හා හොරා සමාන වචන වීම වළක්වන්නනම් මොකක්ද කරන්න ඕනැ’

‘මේවා රටේ වගේ ම ගමේ දේශපාලනයටත් වැදගත් ප්‍රශ්න’

‘රටට වගේ ම ගමටත් ඕනෑ හොරකම් නොකරන නායකයෝ’

‘රටින් ගෙන්නන්න වෙයිද?’

‘ඒක තමයි ඡන්දදායකයා මුහුණදෙන අභියෝගය’

‘පොඩිකාලේ අපි කවුරුහරි අපට හොරා කියනවට ලැජ්ජයි’

‘පොඩිකාලේනං හොරකම් කළොත් ඒ කැවුම් වගේ දෙයක්’

‘ඒත් දැන් හොරකම් නොකරනවානම් ඒක ලැජ්ජාවක් ගානට පත්වෙලා’

‘රටකට ගිය කලක්’

‘එහෙම හිතලා බෑ’

‘මුලින්ම හොරකම තමන්ගේ හිතෙන් එළියට ඇදලා දාන්න ඕනැ’

’ඊට පස්සේ’

’රටෙනුත් හොරකම අයින් කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනැ’

’කි‍්‍රයාවෙනුත් පුළුවන් වෙයිද?’

‘ඔව් දැන් ජනාධිපතිතුමා කි‍්‍රයාවෙන් පටන් අරන් තියෙන්නෙ’

‘හොරකමට විරුද්ධව අපේ හිත් ශක්තිමත් කරගන්න කාලය ඇවිත්’

‘හොරුන්ට ගරු කිරීමෙන් වැළකීමට හිත ශක්තිමත් කරගන්නත් කාලය ඇවිත්’

‘අනේමන්දා අපට හොරෙක් දැක්කාමත් සර් කියන්න හිතෙනවානේ’

‘එතකොට සර් කියන්නෙත් හොරා කියන එකට සමාන වචනයක්ද?’

‘ඇත්තමට මේ මාතෘකාව හිතනවාට වඩා බරපතලයි’

‘ඒක නිසාම මේක ආරම්භ කළ යුතු අරගලයක්’

සිහිනයෙන් ම සටන් වත්දින්නේ මා සමඟ ම යැයි මට සිතිණි.

Comments