දිරිය කතුන්ගේ අත්කම් ‘ඔඩෙල්’ ප්‍රදර්ශනාගාරයට | සිළුමිණ

දිරිය කතුන්ගේ අත්කම් ‘ඔඩෙල්’ ප්‍රදර්ශනාගාරයට

එහිදී එම භාණ්ඩ නිපදවූ කාන්තාවන්ගෙන් කොටසක් නිල වශයෙන් එම භාණ්ඩ ඇමැතිවරයා වෙත පිළිගන්වන ලද අවස්ථාව. මෙම අවස්ථාවට ‘දිරිය කතුන්’ වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකා මනෝජි සමරවීර සහ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගල යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. ඇමැතිවරයා දිරිය කතුන්ගේ අත්කම් අගයමින් ඒවා පිරික්සා බලන අයුරු. ඡායාරූප - අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය

සුජීව සේනසිංහ පදනම යටතේ පැවැත්වෙන ‘දිරිය කතුන්’ වැඩසටහන මඟින් පුහුණුව ලත් දුෂ්කරතා විඳි ළඳුන් විසින් නිමවන ලද විසිතුරු බිත්ති සැරසිලි ගමන්මලු සහ ඇතිරිලි තොගයක් කොළඹ ඔඩෙල් ප්‍රදර්ශනාගාරය වෙත අලෙවි කිරීම පසුගියදා ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙ‍ෙළඳ කටයුතු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණ. 

අදහස්