අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කරන්න නව නීති | Page 2 | සිළුමිණ

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කරන්න නව නීති

අත්අඩංගුවට ගන්නා සියලු මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කිරීම සඳහා අවශ්‍ය වන නීති ප්‍රතිපාදන සකස් කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මේ වන විට මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා පසුගිය වසර‍ තුළ පොලීස් විශේෂ කාර්ය බළකායත් මත්ද්‍රව්‍යය සහ බරපතළ අපරාධ මර්දන දිසාවත් පමණක් රුපියල් මිලියන 375කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයිද කීය.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් දහතුන් කෝටි හැට එක් ලක්ෂ දහනව දහස් දෛසිය පනහක් (136,119,250) වන බවත් රුපියල් තුන් කෝටි පනස්තුන් ලක්ෂ තිස්දහස් අටසියක් (35,330,800) වටිනා නීතිවිරෝධි දුම්වැටි, රුපියල් නව කෝටි දහනව ලක්ෂ නවදහස් හත්සිය තිස් දෙකයි ශත හැට පහක් (90,199,732.65) වටිනා මත්වතුර මෙන්ම රුපියල් එකොළොස් කෝටි තිස් අට ලක්ෂ පනස්හත් දහස් අසූඑකයි ශත හැත්තෑදෙකක් (113,857,081.72) වටිනා ගංජා අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා කීය. රේගුව සහ අනෙකුත් අංශ සමඟ සිදු කරන ලද වැටලීම් අනුව විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමැතිවරයා කීය. 

Comments