දවසේ වාහන ගනුදෙනු මිලියන 8800 ඉක්මවයි | සිළුමිණ

දවසේ වාහන ගනුදෙනු මිලියන 8800 ඉක්මවයි

ශ්‍රී ලංකාව තුළ දිනකට රුපියල් මිලියන 8,800කට අධික වටිනාකමකින් යුතු වාහන අලෙවි වන බව හෙළි වී ඇත. මෙරටට ආනයනය කරන ලද නවීනතම හා විදේශ රටවල භාවිත කළ මෝටර් වාහනවල‍ට වඩා මෙරට භාවිත කළ මෝටර් වාහන වැඩි වශයෙන්ම රට තුළ අලෙවි වන බව මෙහිදී හෙළිව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව දිනකට සාමාන්‍ය වශයෙන් වාහන 1,268ක් පමණ අලුතින් ලියාපදිංචි වන අතර, මෙරට භාවිත කළ වාහන 2,000කට ආසන්න සංඛ්‍යාවක් දිනකට පැවරුම් සිදු කරගනු ලැබේ‍.

මේ වසරේ පළමු මාස 9ක කාලසීමාව තුළ මෙරටට ගෙන්වා අලුතින් ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 342,215ක් වන අතර, එයින් 262,012ක්ම යතුරුපැදි වේ. එසේම මෝටර් රථ 29,684ක් මුල් මාස 9 තුළ අලුතින් ලියාපදිංචි කර ඇත. පළමු මාස 9 දෙස බලන විට: වාහන පැවරුම් සිදු කිරීමේදී වැඩි වශයෙන් පැවරුම් සිදු කර ඇත්තේ ත්‍රිරෝද රථ වන අතර, ඒ සංඛ්‍යාව 164,509කි. යතුරුපැදි 134,416ක් වන අතර, මෝටර් රථ 99,294ක් අදාළ කාලය තුළ පවරාගෙන තිබේ. 

Comments