ආර්ථිකය හරි පාරේ | සිළුමිණ

ආර්ථිකය හරි පාරේ

පසුගිය රජය සමයේ දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වු මහ බැංකු මුදල් සමාගම් නියාමන ක්‍රියාමාර්ගවල දුබලතා මෙන්ම දේශපාලනික බලපෑම්වලට ඒ කාලයේ යටත්ව තිබූ බව කියන පසුබිමක ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියාමන දුබලතා මෙන්ම විගණකවරුන්ගේ දුබලතාද පසුගිය කාලයේ මෙම ලයිස්තුගත මුදල් සමාගම්වල කඩා වැටීමට බලපා තිබිණි.

පසුගිය සතියේ මෙම ලියුම්කරු තැබු “සිළුමිණ -සල්පිල “ ආර්ථීක සටහන යථාර්ථයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 06 දා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් වන ස්වකිය ඩොලර් බිලියන 1.5ක විස්තීර්ණ ණය පහසුකමේ තෙවන වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 251.4 ක මුදලක් මුදා හැරිමට පියවර ගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුග්‍රහය දක්වන ආණ්ඩුවේ මෙම තෙවසරක (2016-2019) ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩසටහන, රාජ්‍ය මුල්‍ය හිඟය අඩු කිරීම, විදේශ විනිමය සංචිතය ගොඩ නැඟීම සහ සාර්ව ආර්ථීක ස්ථායීතාවය යළි ස්ථාපනය කිරීම සඳහා මෙන්ම සරල හා සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වාදීම සහ පුළුල් ආර්ථීක වර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වේ.

තෙවන වාරිකය නිදහස් කළ බව නිවේදනය කරමින් මුල්‍ය අරමුදලේ වැඩබලන ප්‍රධානි හා නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Mitsuhiro Furusawa ප්‍රකාශ කළේ පසුගිය සැප්තැම්බර් මාසය පමණ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථීක කාර්ය සාධනය අරමුදලේ නිර්ණායකයන් සපුරාලමින් උසස් තත්ත්වයක පැවති බවයි.

“ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අරමුදලේ දෙවන සමාලෝචනය සිදු කළ දා සිට පුළුල් ලෙස ඉදිරියට පැමිණ ඇත. කාලගුණය ආශ්‍රිත සැපයුම් කම්පන මාලාවක් තිබියදීත් සාර්ව ආර්ථික හා මූල්‍ය තත්වයන් ස්ථාවර වී තිබේ. මෙම වැඩසටහන යටතේ ආර්ථික ප්රාතිසංස්කරණ සඳහා බලධාරීන් කැපවී සිටින අතර රාජ්‍ය ආදායම වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර සංචිත එකතු කිරීම සඳහා පියවර ගෙන තිබේ. තවදුරටත් ලක් ආර්ථීකයේ ඉදිරි ප්‍රගතිය තකා පවත්නා සාර්ථකත්වය එලෙසම පවත්වාගෙන යමින් ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියා දාමය වේගවත් කරම්න් රාජ්‍ය මුල්‍ය හා බාහිර අවදානම් අවම කිරිමේ පියවර ගත යුතුයි,” යැයිද ඔහු මෙහිදි අවධාරණය කර තිබිණි. ඔහු මෙසේද සදහන් කරය

"රාජ්‍ය මුල්‍ය කාර්ය සාධනය සතුටුදායකයි. සැප්තැම්බර් මාසය දක්වා සියලු ඉලක්ක සපුරා ඇත. නව දේශීය ආදායම් පනත මගින් බදු ක්‍රමය වඩා කාර්යක්ෂම හා සාධාරණ වන අතර සමාජ හා සංවර්ධන වැඩසටහන් සඳහා සම්පත් උත්පාදනය කරනු ඇත. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ඉහළ ණය බර, විශාල දළ මූල්‍ය අවශ්‍යතා සහ රාජ්‍ය ව්‍යාපාර දුර්වල මූල්‍ය කාර්යසාධනය තවදුරටත් රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා වැඩ පිළිවෙළේ වැදගත්කම වැඩි කරයි. බදු පරිපාලනය හා බලශක්ති මිල සූත්‍ර ඇතුළු වහුහාත්මක ප්‍රතිසංස්කරණවල කාලීන ප්‍රගතිය මෙම රාජ්‍ය මූලය එකග්‍රතා වැඩ සටහනට සහාය ලබා දෙනු ඇත.

"උද්ධමනය සහ ණය වර්ධනය ඉහළ තත්ත්වයක පවතී. උද්ධමනයේ පීඩනය හා ණය ප්‍රසාරණයේ අඩු වී ඇති බව පැහැදිලි සලකුනු දක්වන තුරු මුදල් ප්‍රතිපත්තියේ තාවකාලික දැඩි බවක් පවත්වා ගැනීමට නිර්දේශ කෙරේ. ණය වර්ධනය පාලනය කිරීම හා පද්ධතිමය අවදානම් මඟහරවා ගැනීම සඳහා සාර්ව ආර්ථීක මෙවලම් භාවිතා කළ යුතුය. මූල්‍ය ස්ථාවරත්ව දර්ශකයන් ස්ථාවර මට්ටමක පවතින නමුත් මුල්‍ය අංශයේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කර මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තවාදි මූල්‍යයනයට ඇති මං ඇහිරිමට පියවර ගත යුතුය.‘

"බාහිර ආර්ථීක කම්පනයන්ට මුහුණ දිම සඳහා විදේශ විනිමය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම සඳහා දරන උත්සාහයන් සමඟ, විදේශ සංචිත ශක්තිමත් කිරිම හා විනිමය අනුපාත නම්‍යතාවය වැඩිදියුණු කිරීම වැදගත් වේ.‘‘

"තරගකාරීත්වය නංවාලීම හා සර්වසම්පුර්ණ ආර්ථීක වෘධියක් ළඟා කර ගැනිම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා වෙළෙඳ හා ආයෝජන අංශ ශක්තිමත් කළ යුතු බවත් මුල්‍ය අරමුදලේ වැඩබලන ප්‍රධානි හා නියෝජ්ය කළමණාකාර අධ්යශක්ෂ Mitsuhiro Furusawaවැඩ්දුරටත් අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ මෙම ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩ සටහන අනුව යම්න් මහ බැංකුව ස්වකිය ප්‍රධාන අරමුණු දෙක වන ආර්ථික මිල ස්‌ථායිතාව සහ මුල්‍ය පද්ධතියේ ස්‌ථායිතාව රැක ගැනීමට ක්‍රියා කරමින් පවතින අතරේ මෙම තෙවන වාරිකය ලැබීම අදාළ ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ පිළිබද ජාත්‍යන්තර විශ්වාශය වැඩි දියුණු කිරිමක්ද වන බව විචාරක මතයයි.

මෙහි වඩාත් ප්‍රතිඵල දායක කාරණාව වන්නේ වසර 2019 සිට 2022 දක්වා වාර්ෂිකව පියවිමට ඇති සෛවරිත්ව බැඳුම්කර කල් පිරිම ඇතුළු මහ ණය කන්දරාව පියවිම සඳහා ලබන වසරේ සිට හිතකර ලෝක ආර්ථීක වාතාවරණ යටතේ අවශ්‍ය කරන ආරක්ෂිත විදේශ සංචිත ගොඩ නැගීම සඳහා මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ හා අදාළ අරමුදල් වාරික ලැබිම් අත්‍යවශ්‍යව තිබිමයි.

යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ පණත ලබන වසරේ මුල් මාස 3 ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගෙන ලබන වසර සඳහා අය-වැයෙන් ඇස්තමේන්තුගත රුපියල් ට්‍රිලියන 1.9 ක මුළු රාජ්‍ය ණය ගැනීම්වලින් අමතර තවත් සියයට 10-20 අතර ප්‍රමාණයක් මෙම ආරක්ෂිත විදේශ සංච්ත ගොඩ නැගිම සඳහා ජාත්‍යන්තර සෛවරිත්ව බැඳුම්කර හා දිගුකාලින සාමුහික ණය නිකුතු පදනමින් රැස් කර ගැනිමට මහ බැංකුව දැනටමත් තිරණය කර ඇත. ඒ හැර හම්බන්තොට වරාය චීන සමාගමට දිගුකාලින වශයෙන් බදු දිම ආශ්‍රිත ඩොලර් බිලියන 1.1 ක අරමුදල් ලැබිම් හා කොළඹ හිල්ටන් හා හයට් හෝටල්වල රාජ්‍ය අයිතිය විකුණා දැමිම මගින් තවත් විදේශ අරමුදල් සංචිත මෙම ණය පියවිමේ කටයුත්ත වෙනුවෙන් ලබන වසරේ රැස් කර ගැනිමට රජය අරමුණු කර ඇත.

උද්ධමනයේ පීඩනය හා ණය ප්‍රසාරණයේ අඩු වී ඇති බව පැහැදිලි සලකුණු දක්වන තුරු මුදල් ප්‍රතිපත්තියේ තාවකාලික දැඩි බවක් පවත්වා ගැනීමට මුල්‍ය අරමුදල මෙවර යළිත් ශ්‍රී ලංකාවට යෝජනා කර තිබුණද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා පසුගියදා මාද්‍යහමුවේ ප්‍රකාශ කර තිබුණේ මේ මස 28 දා ට යෙදි ඇති මීළඟ මුදල් මණ්ඩල රැස්විමේදි තවදුරටත් මහ බැංකු මුදල් ප්‍රතිපත්තියේ නොවෙනස් බවක් පවත්නා සාර්ව ආර්ථීක තත්ත්වයන් යටතේ අපේක්ෂා කරන බවයි. කෙසේවෙතත් වැඩිවන උද්ධමනය විශේෂයෙන් මූලික උද්ධමන අගයන් පිළිබඳව අවධානයෙන් පසුවන බව ඔහු කියා සිටියේය. මෑත කාලින ඉහළ උද්ධමන අගයට දේශගුණික විපර්යාස නිසා ඇති වු අඩු සැපයුම් තත්ත්වයන් මගින් ඇතිවු මිල ඉහළ යෑම් හා රුපියලේ අගය පිරිහිම ආශ්‍රිත කරුණු මුළිකව බලපා තිබිණි.

රජය මේ වන විට නව දේශිය ආදායම් පණතක් හා විදේශ විනිමය පනතක් හඳුන්වා දෙමින් රාජ්‍ය ආර්ථීක ප්‍රතිපත්ති දෙස් විදෙස් ආයෝජනයට හිතකර ලිහිල් හා ස්ථාවර බවක් ලබා දිමට කටයුතු කර ඇත. ඒ හැරෙන්නට පාඩු ලබන රාජය ව්‍යාපාර කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කරමින් ඒවා නිසා රාජ්‍ය අය-වැය මත වන පිඩනය අවම කිරිමට ද කටයුතු කරමින් පවතී.

මේ වන විට ක්‍රියාවට නගමින් පවත්නා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ආශ්‍රිත ප්‍රතිසංස්කරණ හා නව අපනයන ප්‍රතිපත්තියේ අග්‍රඵලයන් ලෙස මේ වසරේ මුල් මාස 9 තුළ රජයේ මුළු විදේශ සෘජු ආයෝජන ලැබීම් ගිය වසරේ අදාළ තත්ත්වයන් ඉක්මවා යමින් ඩොලර් මිලියන 800 ක් වි ඇති බවත් මුල් මාස 10 තුළ අපනයන අදායම් සියයට 10.3 කින් පසුගිය වසරට වඩා ඉහළ ගොස් ඇති බවත් මේ අතරේ රජය නිවේදනය කළේය.මේ වසරේ අවස්ථා කිහිපයකම මාසික අපනයන ආදායම් ලැබිම් ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය අතරේ මෙම තත්ත්වයන් මත මේ වසරේ ඩොලර් බිලියන 15 ක අපනයන ආදායමක් අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි. මේ වසරේ අපේක්ෂිත මුළු විදේශ සෘජු ආයෝජන ලැබීම් අගය ඩොලර් බිලියන 1.36 කි.

මේ අතරේ මහ බැංකු ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට අදාළ කොමිසම් වාර්තාව නිකුත් කිරිම මෙම 31 දා දක්වා කල් ගිය බව කොමිසම ගෙවුණු සතියේ ප්‍රකාශ කළේ එහි අවසන් වාර්තාව නිකුත් කිරිමට තවදුරටත් කල් අවශ්‍ය බව කියමිනි. මෙම වාර්තාවේ ප්‍රතිඵල හා ඉදිරි පළාත්පාලන මැතිවරණය ආශ්‍රිත දේශපාලන අවිනිශ්චිතතා ආර්ථීකය හා ආයෝජක විශ්වාශය කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇති කළ හැකිය. නමුත් රටේ මෙම ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට මෙම සියලු පරස්පර දේශපාලන තත්ත්වයන් හමුවේ වුවද සම්මුති ආණ්ඩුවේ සියලු පක්ෂ දක්වන එකඟත්වය මෙහිදි ඉහළින් අගය කළ යුතුව ඇත.

CIFLවිසදුම

මුල්‍ය පද්ධතියේ ස්‌ථායිතාව රැක ගැනීමේ මහ බැංකු අරමුණු අනුව යමින් මේ වන විට අර්බුදයට ලක් ව ඇති මුදල් සමාගම් ප්‍රතිවහුහගත කිරිමට හෝ එසේ නොකර හැකි ඒවා ගණන් බේරා වසා දැම්මේ ප්‍රතිපත්තියක මහ බැංකුව මේ වන විට කටයුතු කරමින් ඇත.

ඒ අනුව පසුගිය සතියේ මහ බැංකුව නිවේදනය කළේ මේ වන විට අධ්‍යක්ෂවරුනගේ දුෂණ ක්‍රියා නිසා කඩා වැටුණ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනැන්ස් හි පී .එල්. සී (CIFL) හි මුදල් සමාගම් බලපත්‍රය අහෝසි කිරිමට අදාළව එහි තැන්පතුකරුවන්ට සියයට 61 ක උපරිමයකට යටත්ව අදාළ තැන්පතු මුදල් පියවිමට මහ බැංකුවේ තැන්පතු රක්ෂණ අරමුදල මගින් කටයුතු කරන බවයි. මේ අනුව රුපියල් ලක්ෂ 6 ක උපරිමයක් දක්වා එක් තැන්පතුකරුවෙකුට තම තැන්පතු ආපසු ගෙවිමට මහ බැංකු මුදල් මණ්ඩලය තිරණය කර ඇත. සමාගම කඩා වැටෙන විට රුපියල් බිලියන 3.5 ක පමණ තැන්පතු පියවිමට තිබිණි.

මේ වන විට අර්බුදයට ලක් ව ඇති සිටි ෆීනෑන්ස්, ද ෆීනෑන්ස් හා තවත් බලගතු ව්‍යාපාර සමුහයක් ආශ්‍රිත සමාගම් දෙකක් සම්බන්ධයෙන්ද යෝග්‍ය ආයෝජකයින් සෙවිමේ කාර්යයේ මේ වන විට මහ බැංකුව යෙදි සිටී. කෙසේවෙතත්, රජයේ බලධාරින් පවසන්නේ මෙම සමාගම් බිඳ වැටිමට තුඩු දුන් කාරණා දැනටමත් කොළඹ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද විමර්ශනය කරන බවයි. මේ වන විට අදාළ වරදකරුවන් හඳුනාගත හැකි මට්ටමේ පැවතියද විවිධ දේශපාලන බලපැම් නිසා අදාළ වරද කරුවන් නිවැරදිව හඳුනාගෙන නිවැරදි නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනිම දුෂ්කර විය හැකි බවද මේ අතරේ අදාළ සමාගම්වල තැන්පතුකරුවෝ මෙම ලියුම්කරු සමඟ චෝදනා මුඛයෙන් කියා සිටියහ.

පසුගිය රජය සමයේ දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වු මහ බැංකු මුදල් සමාගම් නියාමන ක්‍රියාමාරවල දුබලතා මෙන්ම දේශපාලනික බලපැම් වලට ඒ කාලයේ යටත්ව තිබු බව කියන පසුබිමක ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියාමන දුබලතා මෙන්ම විගණක වරුන්ගේ දුබලතාද මෙම ලයිස්තුගත මුදල් සමාගම් පසුගිය කාලයේ කඩා වැටීමට බලපා තිබිණි. කෙසේවෙතත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ යෝජිත නව පණත මගින් ස්වකිය නියාමන කාර්යය දැඩිකර විගණකවරුන් නියාමනයද ස්වකිය යටතට ගැනිමට ද කොමිසම යෝජනා කර ඇත්තේ මෙතෙක් නිල බලයෙන් කොමිසමේ සාමාජික ධුරයක් ලද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපතිගේ බලයටද යම් සීමා පනවමිණි. යෝජිත නව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභා පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය ලබන ජනවාරියේ විවාදයට ගෙන සම්මත කිරිමට නියමිතය. කොටස් වෙළෙඳපොළ සුළු පරිමාණ ආයෝජක විශ්වාශය වැඩි කරමින් ද්‍රවශිලතාව ඉහළ නංවන ආයෝජක විශ්වාශය තිව්‍ර කරන නියාමන ක්‍රියාමාර්ග රැසක් නව යෝජිත පණතට අඩංගුය.

 මුදිත ගමගේ

අදහස්