කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

දෑ තිලකයකි ඔබ

දෑ හිත­කාමී මැති­ඳුන් අවැ­සිම කලෙක
නම දිනු පබු දනන් ඇති නෑදෑ පෙළක
ගම්පහ පෙදෙසෙ වොරැ­ඳෙන යස නිව­හ­නෙක
සුපි­පුන කුසු­මක්ය ඩී.බී. ජය­ති­ලක

අදි­ර­ද­වාදී පාල­න­යෙන් මිලි­න­වුණ
දෑ ආග­ම්බේද අස­මගි පෙර­ටු­වන
ඉසු­රෙන් නැණෙන් ගුණ දහ­මින් පහළ යන
රටත් දැයත් දසු­නට දිසි ‘තිල­ක­මිණ’

හෙළ සකු පාලි ඉංග්‍රීසි බස් උගත් සඳ
භාර­ත­යෙන් පිදුණි සර­සවි උපා­ධිද
කොළඹ අනඳ විදු­හ­ල්පති නිලයෙ හිඳ
සහස් ගණන් උග­තුන් ලොවට කළෙ පුද

කොළඹ තරුණ බොදු සමි­තිය යස ලෙසට
වෙහෙ­සිණි හදා දෙන්නට මැති මවු රටට
එක්සිය විසි වසකි එහි සේවා දැනට
දිස්වන මහිම එතුමා දනි දෙවි නෙතට

නිති උපා­ධිය ලදි එංග­ල­න්ත­යෙන්
පුද­දිනි ‘නයිට්’ ගරු පද­විය අදි­ර­ද­යෙන්
නව­සිය තිස් එකේ කැල­ණිය ආස­න­යෙන්
රජ­මැති සභාවේ පිදුණා මැති නිල­යෙන්

පඬි­රු­ව­නක් වෙමින් ඩී.බී. මැතිඳු යස
හෙළ බස බොදු දහම මතු­වට රැකෙන ලෙස
සිංහල සකු පාලි දම් පොත් රුවන් රැස
සකසා ලියා පළ ‍කළෙ සුර­ගු­රුන් ලෙස

පිය මවු­ර­ටට නැති නිද­හස දින­න්නට
සවි­යක් දෙමින් සටනේ නිය­මු­වන් හට
නිසි ලෙස කරුණු පහදා අදි­ර­ජුන් හට‍
­යු­තු­කම් කළේ ඩී.බී. මැති කෙළින් සිට

හෙළ දිව කිත් යසස ලොව දන මුවග රැඳූ
ලක් මෑණියෝ නළ­ලත තිල­ක­යක් බඳූ
ගුණ නැණ දැනුම බල­ම­හි­මෙහි සුපි­රි­සිදූ
දෑ තිල­ක­යකි ඩී.බී. ජය­ති­ලක සඳූ
(ශ්‍රීමත් ඩී.බී. ජය­ති­ලක මැති­ඳුන්ගේ
150 වන ජන්ම දින සම­රුව නිමි­ත්තෙන්)

විමල් රූබසිංහ


මගේ හිත මියැ­ඳුණා


කළු­ව­රට එළිය දෙන සඳේ සිසිලේ එතී
එක රැළට පළ ගැසී මා වවුලෝ ඉඟි­ලෙතී
අඳුර ළඟ සිත් මඬල මේ කිසිත් දන්නැතී
තනි­ක­මට රිඳුම් දී වැල­පුණා දුක සිතී

තුරු අගෙහි මල් කැකුළු විහි­දු­වා­ගෙන පෙතී
මුණු මුණුවෙ ගී ගයා එහෙ මෙහෙට පැද්දෙතී
පිපුණූ සේපා­ලීකා හීන් මද­නළ එතී
නිහ­ඬ­වම මියැ­දිලා කඳුළු හා බිම වැතී

පුර පසට අව­න­තව කණ මැදිරි සැඟ­වෙති
හද පිරුණ දොම්න­සින් ඉඟිල ඈතට යතී
ගග­න­තට පෙම් කෙරුව තරු පොකුරු හා එතී
මගේ හිත මියැ­දුණා නුඹෙ ලොවට හිමි නැතී


සුබෝධා ගමගේ


නුඹ කොහේ කොතැ­නද?

ජීවිතේ වස­න්තය පසු­කොට
බොහෝ දුර ගොසින් ඇත යෞව­නය
එහෙත් තව මඟ බලා හිඳිමි මම
මඟ හැරුණු හිමි­දි­රිය දකින තුරු...

අතී­තය බොහෝ දෑ සඟව ගෙන
කාලයේ රල අතර නිහඬ විය
සදා­ත­නි­කව ලොබින් වැලඳ ගත්්
­සි­හින මිහි­දන් වුණිය නෙතු අතර...

ජීවි­තය වැර­දු‍ෙණ් මටම විත­රක් නොවේ
නුඹ ද පීඩා විඳිනු ඇත සිතින්
ලෝකයේ කොහේ කොතැ­නක
ගොසින් සැඟ­වුණි ද
අහිමි කර­ලනු නොහැක මත­ක­යන්...

චන්ද්‍රිකා රණ­සිංහ
 


   දුල වදුල


නිල් ලොව එළි­ය­කර අරු­ණලු ගලන පැයේ
ලංදේ ඕවිටේ වන­මල් පිපෙන දියේ
විහ­ඟුන් මදුර ගී දෙක­නට ඇසෙන රැයේ
සඳ­මිණි සිනා­වක් මුතු ලෙස රැඳෙන ළයේ

උස් කඳු මතින් විහ­ඟුන් හිරු රැසින් පෙනේ
සුළං කුමරි පාවෙයි නන් දෙසින් වනේ
ජල­බර වෙලා ගස් අතු සොම් නසින් වැනේ
වැසි කුම­රි­යන් නිල් දිය මල් ලෙසින් ගෙනේ

සොබා දහම් මව සෙනෙ­හස තුරුලු කර
සේපා­ලිකා මල් නෙල­මින් වදුල පුර
දසු­නකි දැකු­ම්කලු දෙනෙ­තට සෙනෙහෙ බර
සඳ­මිණ පෙනේ නිල්වන් ලොව නැගෙන හිර

මිනිසා සතුව ඇති සුන්දර දැකුම ඇතී
වන­පෙත රකිමු පරි­සර මවු තුරුලෙ එතී
රැක­ව­ර­ණ­යට එයි හිරු­මල් පිපෙන පෙතී
හා මුව පැටව් රඟ­දෙති ළය කවන කිති

සුව දන වන සිතට සඳ­කැන් ගුවන කුස
මිහි­තල සිප­ගනී පිබි­දෙන සිහිල ලෙස
කෝකිල මියුරු වෙන­තත් කන පිරුණ රස
සොබා දහම දෙවි­යෙකි ඇති නැණස හිස

තුරු හිස් පුරා පිය­කරු මේ දිදුල බිමේ
ලස්සන මල් මදාරා අතු බිමට නැමේ
පෙම්වත් කුරුලු යුව­ළක් දුල වදුල හිමේ
පෙම් රස විඳිනු දුටු­වෙමි විසි­තු­රුව ළැමේ

සිඹ සිඹ තුරු­ලතා මහ උස් කඳු රැලිය
නළ­වනු පෙනේ මේ සුන්දර සුර තලිය
පොර­වට පණ දෙමින් බිඳ වන පෙත එළිය
ලොව­ටම අහිමි නොක­රනු මේ සුර තලිය


දෙහි­වල ලය­නල් ප්‍රනාන්දු


හන්තා­නට පායන සඳ


අඳුරු වැටෙන විට ඇය වැඩ පොළෙහි හිඳ
සුරැ­කුම් පාස­ලට ගොස් සෙනෙ­හ­සින් තද
අත­කින් නුඹය අනෙකේ බඩු පොදිය බැඳ
අම්මා යන අයුරු රහ­සින් දුටුව සඳ

ගෙට ගොඩ වුණ හැටිය ගෙය අතු පතු ගෑම
නින්දට පෙර හදයි දරු­වන් හට කෑම
පාසල් පොත් මිටිය පිළි­යෙල කර දීම
දුටුවේ සඳු පමණි මහ රෑ හැම­දාම

හිමි­දිරි උදෑ­සන පුන්සඳ බසින පැයේ
නුඹ අත අල්ල­ගෙන පාසල වෙතට ගියේ
හද සෙල­විලා වැඩ පොළ රතු ඉරට බියේ
ඇගෙ වේද­නා­වන් සඳු­ටත් මතක තියේ

කන්නට අඳි­න්නට පොත්පත් ටික ගන්ට
ඉල්ලන අනෙක් දේවල් අර­ගෙන දෙන්ට
බැරි වුණ දිනක පඩි­යෙන් පිරි­මහ ගන්ට
සඳ සැඟවුණා නොහැ­කිව දුක දැක ගන්ට

සිප් කිරි පොව පොවා අති දැඩි ­කළ අම්මා
නුඹත් අරන් හන්තා­නෙට ගිය අම්මා
හද විල පිපි සතුටු මල් දැක දැක අම්මා
සඳ­ටත් හොරෙන් අහ­සට නැග­ගත් අම්මා

දරු­වයි මමයි ආ ගිය තැන් බැලු­වාට
මට සැන­සු­මකි මා පසු පස ආවාට
අලු­තින් මවු­ව­රුන් ඇති වී දරු­වාට
නොබ­ලන් අනේ සඳ මා තනි­වුණ දාට

සුග­ත­දාස කුරු­විට
 


ආද­රය


මව­ගෙන් දුවට
දුව­ගෙන් මවට
හැමූ ඒ
ආදර සුවඳ..

ඈ හද දිනූ
ඇයට පෙම් කරන
ඔහු වටා
හමද්දී..

ආද­රය බෙදි බෙදි
අතු ගංගා
සොය සොයා
පෙරට ඇදේ


චම්පා විජ­ය­ව­ර්ධන
 


වෙනස


අඳුරේ එකට හිටි­යත්
අඳු­රට පාළුව මැකු­වත්
විය හැකිද?
කෙදි­න­ක­වත්
කණ මැදි­රි­යෙ­කුට
පුර සඳක්


තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ


දෛවය


මලින් කොළින් පලින් බරව
සැමට සතුට සෙවණ අහර දුන්නත්
නැති බැරි කළ
පවන් සලා ගන්න­ට­වත්
එකම එක කොළ­යකුදු නැතිව
ගිනි අව්වේ කැකෑ­රෙන
මියැ­දෙන ගහක්


ගංගා වරු­ෂ­වි­තාන


පිම්බීම


පිම්බු­ණත්
කදි­මෙට
බොලන්
බලන්
බැලුන්
තුළ ඇත්තේ
හුළං


දඹේ­ගොඩ ජින­දාස


 මතක සැම­රුම්

1971 අගෝස්තු මස 15 වැනිදා ඉරිදා මහ­නු­වර ධර්ම­රාජ විද්‍යා­ලයේ සමස්ත ලංකා සිංහල කවි සම්මේ­ල­නයේ රැස්වී­මක් පැවැ­ත්විණි. ටී.බී. තෙන්න‍කෝන් ඇමැ­ති­ව­රයා මෙම රැස්වී­මෙදි සමස්ත ලංකා සිංහල කවි සම්මේ­ල­නයේ ප්‍රධාන සභා­පති තන­තු­රට පත්කර ගන්නා ලදි.


සම­ලේ­ක­ම්වරු හැටි­යට, පත්වුනේ පී. මල­ල්ගොඩ කවියා හා ‘මිහි­න්තලේ’ පා‍ර්ලි‍ෙම්න්තු මන්ත්‍රී පති­රාජ තෙන්න­කෝන් කවියා ය. භාණ්ඩා­ගා­රික තන­තු­රට පත්වුනේ පොළො­න්න­රුව පාර්ලි­මේන්තු මන්ත්‍රී ලීලා­රත්න විජේ­සිංහ කවි­යාය. එදා රැස්වී­මෙන් පසු කවියෝ සභා­පති කවි­යත් පෙර­ටු­කො­ට­ගෙන දළදා වඳින්න ගිය හ. බිංගි­රියෙ සෙන­රත් විජ­ය­කු­මාර කවි­යාත් මේ අව­ස්ථා­වට පැමිණ සිටි­යේය. බිංගි­රියෙ කවියා යනු නමින් පිට­වෙන සෑම වච­න­යක් ම රස කවි­යක් බවට පෙරලා එසැ­ණින් කවි සිය­ග­ණ­නක් වුණත් කියන්න පුළු­වන් සහජ දක්ෂ­තා­ව­යක් තිබුණ කවි­යෙක්. එදින දළදා මාලි­ගා­වෙදි තෙන්න­කෝන් ඇමැති තුමා ඉදි­රියේ බිංගි­රියේ කී කවි වලින් කීප­යක්.

සට­හන - ජෝ. නව­රත්න


කවි සොහො­යු­රනි! රස දත් මැති ඇමැති යෙනී
දළදා පුද පිණිස රැස් වූ පිනැති යනී
නැගි සෙත් පිරිත් මැද හෙළ කවි රජිඳු වැනී
පද­විය අපේ ඇමැ­තිඳු අද සුපිළි ගනී

සිංහල කවිය හා කවි­කම රකින් නට
අද සිට ඔබට පුළු­වන් වැඩ කරන් නට
හෙළ­යට පොදු සතුරු කඳ­වුරු බිඳින් නට
හැකි­වෙයි අපට ඔබ­ගෙන් අණ ලබන් නට

ලොකු යයි කියන ඇතැ­මුන් බල­යට ගිජුය
ඒ මිනි­සුන්ගෙ කුස්වල තැම්බුනු බිජුය
ඔබ අකු­ටි­ලය නිර­හං­කා­රය රිජුය
එනිසා අද පටන් ඔබ හෙළ කවි රජුය

නාය­කයා වෙමින් කවි­බල වළල්ලේ
අද මෙහි යෙදෙන සිරි දළදා වැඳිල්ලේ
ගරු ඇමැ­ති­ඳුට අප හිත­වත් දඹුල්ලේ
ආසිරි ලැබෙයි කවි හද­වත් සියල්ලේ

සිංහල සටන මෙහෙ­ය­වන කවි බල කායේ
සෙන්ප­ති­යන්ය අද මෙහි පිරි­වර වූයේ
මහ රජ දඹු­ල්ලෙනි තෝරා­ගෙන ආයේ
අපි අද ඔටුණු පළ­ඳිමු කවි රජ දායේ

මැති ඇමැති කම් වල­ටත් පෙර කවි කාර
මහ සෙනෙ­වි­යෙකු වූ බස් සට­නෙහි පුර
ටී.බී. නව රජිඳ ලත් කවි උප හාර
ඔබ­ටයි ඉතින් හෙළ කවි පර­පුර බාර


බිංගි­රියේ සෙන­රත් විජ­ය­කු­මාර


සමරු පෙම

හද පාළුවේ මියෙ­නවා
තවත් ඉව­සනු බෑ...
නැගුණු පෙම් කවි මගේ
තවත් අඬ­වනු බෑ
ඔබේ සුන්දර මත­ක­යන්
තවත් සඟ­වනු බෑ
මුල්ම ප්‍රේමය මගේ
ඔබට වැට­හෙනු බෑ
අපේ හැම මත­ක­යන්
පිරී ඇත සම­රුවේ...
එකින් එක කිය­වලා
හදා­ගමි සිත මගේ...
ඒත් එහි හැම වචන
රිද­වලා මගේ සිතේ...
දෙනෙත රූරා වැටෙන
කඳුළු බිඳු­වක් මගේ...
නොකියවූ පෙම් කවිය
ඔබ නමින් ලියුව මම...
ඈත සිරවී සම­රුවේ
සද­හ­ටම නොපෙ­නෙන්න...
ඒත් කෙදි­නක ඇපත්
බලනු මැන සමරු පොත...
එවිට වැ‍ටහෙයි නිබඳ
සිතේ සැඟ­වෙච්ච පෙම...


දිලිනි අනු­පමා සොයිසා
 


නැව­තීය බස් රිය


ඊයේද මෙතැ­නම
බැස ගියා ඇය හනි­කට
මුමු­න­මින් තොල් හෙමි­හිට...

පෙරදා කල­බ­ලෙන්
දිව ගියේ අැයි සොයු­රිය
කුස ගින්න වැඩි වී ද
ස්වාමියා ඔත්ප­ළද
මැණි­යන් එක්තැන්ද
දරු පැටවූ හඬ­නේද
සලෙ­ළුන්ගේ උකුසු ඇස්
ඔබේ රුව දුටු­වාද..

මිය­ගිය මා දයා­බර සැමියා
නොදනි සිඟිති දිය­ණිය
රුවා­ගෙන ඇඟිලි උර­මින්
සිනා සී සිහින දකි­මින්
සිටින්නී මඟ බලා
කිරි සුවඳ උර­න්නට....

සිඟි­ත්ති­යගේ සිහින හමුවේ
රුහිරු කිරි වී ඉකි­බි­ඳින සඳ
පුපුරු ගසනා තන පුඩු
රිදුම් දෙයි ඉව­සිය නොහැක
එනි­සයි සොයුර මා
හනි හනික දිව­යන්නේ


පද්ම රංජිත් ගුණ­ව­ර්ධන


ඉරි තැළුණ සිත


හෙමි­හිට පිස­දාන
හදේ ගැඹුරු තැන්
නිර­තුරු අතු­ගාන
පිඬු සිඟා යතත්

මපෙම නොසි­ඟාන
අබි­නි­ක්මන් කළ නුඹයි
සෙනෙහේ උතු­රු­වන
කටුක දිවි මඟට දිරි­ම­ඟට

දිරියේ පෙන එවන
දෙසන මුනි බණෙන්
අම­සුව වගු­රු­වන

දුර සිටි­තත් නැත
ළඟ ළඟ සිත රැදෙන
ගිහි ගෙයි නොරැ­ඳෙන
මුත් නුඹ මාගේ ප්‍රිය දසුන


ක්‍රස්ටිනා පෙරේරා


පහන් සිළ 

මඳ­නල පහස විඳ නැල­වෙන පහන් සිළ
පණ නල නොතිර බව පව­සන පහන් සිළ
නෙත තුළ අැඳුණු රුව වඩ­වන පහන් සිළ
එන­මුදු පහන මුල අඳු­රුයි පහන් සිළ

ජීවන හුස්ම තිර­යට දෙන පහන් සිළ
සවි බල තෙලෙන් ඔද වැඩෙනා පහන් සිළ
සැඩ නල පහර වැද නිවුණා පහන් සිළ
අස්ථිර නිසරු ජීවි­ත­යයි පහන් සිළ


දිබ්බැද්දේ දුල්මන් පිරීස්


මට දැනෙන පෙම


ගඟ කඩ­න­කොට ඇඟ මැළී
සැල්වී­නියා උඩ පිහි­නතී
සුදු නෙළුම් මල
ඔබ කොහේ­දැයි
හොරෙන් විම­සතී....

පෙඟී ගඟ දෑල
පඬු­වන් පාට
එබී සඳ හොරැ­හින්
ගයා පෙම් ගීත
නිවී පපු­තු­රෙහි එළි
දැලි පාට
ගිලී රන ගිර­වි­යක්
ළසො­වින් හඬ­වයි
මහ රෑක...

යළි යළිත් මිය යන
රැළි තලා­වන්
දිය සුළිත් මවන්නේ
වේද­නා­වන්
හස­රැ­ළිත්
කෙක­ටිය මල් වගේ නම්
සැලි සැලිත් කඳු­ළම
ළඟින් ඉඳ­පන්...

අඩි එරුණු තැන­කය
මතක සල­කුණු
එතැන තැන, තැන
බමර මළ­කුණු
පපුව සීරූ තැනක
රතු­වුණු
අහිමි ප්‍රේමය
මටම රිද­වනු....


ශ්‍යමා රන­පති


පදි­කයේ ගීතය


ඉරක් ගිනි­යම් කුසෙන් ගිනි දළු
හිතත් ගිනි­යම් ගතත් දුබ­ලයි
පරණ කුඩයේ හෙවණ යට හිඳ
නොඉ­ව­සි­ල්ලෙන් බලා ඉන්නා

එළා­ගත් ඉටි­රෙද්ද මත ඇති‍
­ව­නා­ගත් අඹ පැෂන් ලොවි ගැට
ගමන් මල්ලට දමා­ගෙන මට
ජීවත් වෙන්ට කහ­වණු ලැබේ­විද?

වළ පයයි ගොඩ පයයි ඇත්ත­මයි
මියෙන තුරු ජීව­ත්වීම අයි­ති­යයි
දිළිඳු දරු­වන්ට මං බර­ක්මයි
ජීවිතේ හැම­දාම මෙහෙ­ම­මයි

ඇදු­මට බෙහෙත් පෙති කරල් ටික
ගන්න­වත් යන්ත­මට එකහු කර
හදි­ස්සි­යෙන් ඇවිද යන අය අතර
කවුරු නම් මා දිහා බලා­විද?

මහලු බිරි­යත් ලෙඩ ඇඳ උඩ
කළ ප‍ූසි තනි රකියි ඇඳ යට
උන්දෑට කහට උගු­රක් දෙන්ට
වැස්ස එන්නට කලින් යා ගන්ට


රුව­න්මලී දීපිකා
 


මං සරා


ජයන්ති,
මොකද බන් අඬන්නේ
ආද­ර­යට උඹ කිව්ව සරා
කෝ පොඩි එකී
බල­පන්කෝ මන් දිහා..

අප්පා... බීඩි දුම
ඉස්තෝ­ප්පුව වහ­ගෙන
කොල්ලෝ ටික වට වෙලා
කුට්ටමේ කොළ අනන්නේ...

පිටි පස්සේ වීදූරු සද්දේ
බොන­වද මුන්
මල් සුව­ඳ­කුත් එනවා..

කෝප්ප­වල මෙච්චර තේ ඉතුරු
උඹ නොවෙයි ද හැදුවේ
පාන් පෙතිත් පැත්තක..
මන් එන­කොට ගොක් කොළ
දිග­ටම එල්ලලා
දොර­කඩ, සුදු කොඩි­ය­කුත් දාලා...

ගෑනු ඔක්කෝම හූල්ල­නවා
සම­හර උන්ගේ ඇසුත් රතු­වෙලා
කවුරු හරි නැති­වෙ­ලාද?..
මේ ...මේ.. මොකද බන්
අර ...අර මන් වගේ එකෙක්
සාලෙ මැද නිදන් ඉන්නේ
උඩු වියන් යට පටේ­ටි­යක
මට සහෝ­ද­රයෝ නෑනේ...

.ජයන්ති, ජයන්ති....
මේ බල­පන්
මඟුල් දවසේ මං ඇන්ද
කෝට් එකත් අන්දලා


අශෝක කුමාර කුල­තුංග 

Comments