උතුරු කොරි­යාව අමෙ­රි­කානු සම්බා­ධක දැලෙන් රිංගයි | සිළුමිණ

උතුරු කොරි­යාව අමෙ­රි­කානු සම්බා­ධක දැලෙන් රිංගයි

උතුරු කොරියාවට එරෙහිව අමෙරිකාව දිගින් දිගටම සම්බාධක පැනෙව්වද තවත් රටවල් රැසක් සමග වෙළෙඳ ගිවිසුම්වලට එක්වීම මගින් උතුරු කොරියාව එම සම්බාධකවල බලපෑමෙන් ඉවත් වීමට සමත්ව සිටින බව වාර්තා වේ. වසර කිහිපයක සිටිම අමෙරිකාව දිගින් දිගටම උතුරු කොරියාවට සම්බාධක පනවමින් සිටින අතර එහි අරමුණ වී ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩ පිළිවෙලින් බැහැර කරවීමය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසුවද යළිත් වරක් අමෙරිකාව විසින් උතුරු කොරියාවට සම්බාධක පනවනු ලැබීය.

එහෙත් මේ වන විට වාර්තා වී ඇත්තේ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් සමග අන්තර්ජාතික වෙළෙඳ සබඳතා පවත්වා ගැනීම තුළින් උතුරු කොරියාවට සම්බාධක නොසලකා හැරිය හැකි වාතාවරණයක් සකස් කර ගැනීමට හැකි වී තිබෙන බවයි.

අමෙරිකාව මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ උතුරු කොරියාව අන්තර්ජාතික වෙ‍ළෙඳ නීති උල්ලංඝනය කරන බවයි. එහෙත් උතුරු කොරියාව සමග පවත්නා වෙළෙඳ සබඳතාවලට වඩා වැඩි ඉඩක් දීමට කැමැත්තක් දක්වන සෙසු රටවල් අමෙරිකාවේ මතය මායිම් නොකරමින් දිගටම උතුරු කොරියාව සමග වෙළඳ ගන

බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට උතුරු කොරියාව පසුගිය කාලයේදී ඉතා සැලකිය යුතු මට්ටමකින් අන්තර්ජාතික වෙළෙඳ කටයුතු දියුණු කර ගැනීමට සමත් වී තිබේ. එයට සමගාමීව තම න්‍යෂ්ටික අත්හදා බැලීම් අතින්ද සාර්ථක වූ උතුරු කොරියාව පසුගියදා අමෙරිකාවේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි මිසයිලයක්ද සාර්ථක ලෙස අත්හදා බැලීමට සමත් විය. ඒ අනුව අමෙරිකාවේ සම්බාධක තඹයකට මායිම් නොකරමින් ඒ අතරම අන්තර්ජාතික වෙළෙඳ කටයුතුද සාර්ථක කර ගැනීමට සමත් වූ උතුරු කොරියාව මීළඟ දශකයේදී ලෝකයට තවත් මැජික් රැසක් පෙන්වීමට සමත් වන බව නම් සහතිකය. 

 

Comments