තල කොළයෙන් විස්කම් රටා මවන මහනුවර සීලවතී | සිළුමිණ

තල කොළයෙන් විස්කම් රටා මවන මහනුවර සීලවතී

ඉතා සතුටින් අදටත් තල කොළයට පන පොවන සිලවති මහත්මිය මේ වන විට ගෝල බාලයින් තුන් හාරසියයක් රටට දායාද කිරිමට පෙරමුණ ගෙන ඇත.

පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා පෝලිමට එක් නොවි තල කොළයට පණ පොවමින් රටා නිර්මාණය කරමින් ජිවිතය ජයගත් ඇය වසර තිස් පහක් පුරාවට තමන් ලද දැනුම ගුරුමුෂ්ටියකින් තොරව සමාජයේ බෙදා දෙමින් තවත් ජිවිත සිය ගණනකට අත් වැල සපයමින් සිටී. *මාරුද්දන නිවස* ගල්ලැල්ලගම, මහනුවර පදිංච් එම් එම් සිලවති නම් ඇය හමුවිමට අප යන විටත් ඇය තල කොළ පෙට්ටියක රටා මවමින් සිටියාය.

1977 වසරේ ගලගෙදර කදන්හේන ගමේ සිතා කුමාරිහාමි මහත්මියගෙන් තල කොළය අතට ගත් ඇය ඒ ලද ශිල්පිය දැනුම තුළින් ලත් සතුට සහ ආදායම මත ඇය ජිවනෝපාය මාර්ගය ලෙස තල කොළ ආශ්‍රිත නිෂ්පාදන තෝරා ගත්තාය. ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිය ලද ඇය ඒ හරහා ක්‍රියාත්මක කරන වැඩ සටහන් ඔස්සේ සිය ශිල්පිය ඥාණය තව තවත් ඔප මට්ටම් කරගනිමින් සිය නිෂ්පාදන කරන අතරතුර දැනුම අන් අය අතරේ බෙදා හදා ගැනිමට තරම් පරාර්ථකාමි වුවාය. ඒ තුළින් ඉමහත් සතුටක් ලද ඇය එම මධ්‍යස්ථාන වල පුහුණු ලාභින් සදහා පුහුණුව ලබා දුන්නාය. හස්ත කර්මාන්ත මණ්ඩලයෙන් ස්ථිර පත්විමක් ලද ඇය ඒ තුළින් තම ජිවිතයට ශක්තිමත් අඩිතාලමක් දමා ගනිමින් තව තවත් එම ක්ෂේත්‍ර යේ ශක්තිමත් වුවාය.

මාතලේ ඕවිලි කන්ද , මාතලේ හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය , වතුවල බොක්කාවල මධ්‍යස්ථානය සහ සියපත්ගම යන මධ්‍යස්ථානයන්හිදි ඇයගෙන් පුහුණුව ලද පුහුණු ලාභින් සිය ගණනක් එම ක්ෂේත්‍ර යේ රැකියාවල නියැලි ජිවිකාව ජයගෙන තිබේ.

ජාතික ශිල්ප සභාව මගින් පවත්වනු ලබන මධ්‍යම පළාත් තරග වලින් තල කොළ ආශ්‍රිත නිෂ්පාදන වලින් 2008 වසරේ සිට අඛණ්ඩව ප්‍රථම ස්ථානය ලබා ඇති ඇය 2015 වසරේ කලාභුෂණ රජත සම්මානයද විශ්ව කර්ම සම්මානයද ලබා තිබේ. 2002 වසරේ සිය ඇය ජාතික ශිල්ප සභාවේ ගුරු ශිල්පිනියක් ලෙස සේවය කරනු ලබයි.

කුරුණි පෙට්ටිය, තල කොළ, පොල් කොළ , පන් , ඉලුක් , පැගිරි මානා වට්ටියක් නැති ගෙදරක් එදා සොයා ගත නොහැකි තරම්ය. ප්ලාස්ටික්. ඉටි රෙදි විදුරු, පයිබර්, වැනි නොයෙකුත් දැ ඒ අතරට එක්විමෙන් පසු කුරුණි පෙට්ටි , පොල් කොළ වට්ටි පැත්තකට විසි විය. ලෙහෙසිය පහසුව ලාභය හමුවේ තෝරාගත් දැ නිසා සෞඛ්‍ය තර්ජන ඇතුළු දහසකුත් ගැටළු නොදැනුවත්වම සමාජය වෙලා ගෙන තිබේ.

එහෙත් මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර යේ නිෂ්පාදන වලට දෙස් විදෙස් ඉතා ඉහළ ඉල්ලුමක් පවති. පොලිතින් තහනමත් සමග එදිනෙදා පරිහරනයට ලාභ දායක ආදේශකයන් ඉතා සිත්ගන්නා සුළු අන්දමින් නිෂ්පාදනය කරගත හැකි ක්ෂේත්‍රයකි. මේ සදහා අමුද්‍රව්‍ය වන තල කොළ , පැඟිරි, මානා, ඉලුක්, වැනි දෑ ගම් මට්ටමින් ඉතා පහසුවෙන් සොයා ගත හැක. නෙතට ප්‍රිය ශරිරයට හිතකර මේ නිෂ්පාන වල නියැලෙන්නන් සදහා හොද දක්ෂතාවයක් ඇත්නම් දෛනිකව රුපියල් දහසත් දෙදහසත් අතර මුදලක් ඉපයිය හැකි බව සිලවති මහත්මිය පවසයි.

ඉතා සතුටින් අදටත් තල කොළයට පන පොවන සිලවති මහත්මිය මේ වන විට ගෝල බාලයින් තුන් හාරසියයක් රටට දායාද කිරිමට පෙරමුණ ගෙන ඇත. සිතේ ශක්තියත් දැතේ සවියත් එක් කරගනිමින් තමන් ලැබු ශිල්පය මතු පරපුරට දායාද කරන ඇය මේ වන විට පුජාපිටිය වරකාදෙණිය ගුරු ශිල්පිය මධ්‍යස්ථානයේ සේවයේ යෙදි සිටි.

ඉන්ද්‍රාණි තෝරදෙනිය
ඡායාරුප-ගාමිණි රණසිංහ

Comments