දැන් ඇහෙන ටෙලිනාට්‍ය ගීතයක් | සිළුමිණ

දැන් ඇහෙන ටෙලිනාට්‍ය ගීතයක්

 

මා අතහැර ඔබ මිදෙන්න
අතීතයට අත ගසන්න
ඉතින් නොහැක මේ කඳුළේ
ගිලී තැවී ඉකි බිඳින්න
ගත පමණක් නෙත රැඳුණු
සිත නැති ලොව මට මඟ හැරුණු

මගේ පිනි කඳුළේ....//

මට ආසයි තරු ගනින්න
ඔබට ඕන පියාඹන්න
මට හරි වෙහෙසයි - ඔබ දුර ඈතයි
මං ආසයි සුසුම් දනව්වේ

මගේ පිනි කඳුළේ..//

සිත ළඟ සතුටු වන්න
මල් යහනක් තනා දෙන්න
ඔබට නොහැකි බව දැන දැන
මට හරි වෙහෙසයි - ඔබ දුර ඈතයි
මං ඈතයි සුසුම් දනව්වේ..

මගේ පිනි කඳුළේ...//

සම්මාන පිට සම්මාන දිනා ගනිමින් වසර ගණනාවකම ජනප්‍රිය ටෙලි නාට්‍යය සඳහා එක පෙළට ප්‍රේක්ෂක ඔබේ ගෞරවාදරයට පත් වෙමින් ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 විකාශය වුණු පබා, පබළු, අමා, සඳා, වරාමලී, සපුමලී, වැනි ටෙලි නිර්මාණ ඔබට තාමත් මතක ඇති...

ඒ අභිමානයේ කිරුළු වල හිමිකරුවන් අධ්‍යක්ෂ ශාන්ත සොයිසා සහ පිටපත් රචක මහේෂ් රත්සර මද්දුම ආරච්ච් බව කාටත් නොරහසක්...

මේ දිනවල රාත්‍රී 8.30ට itn හි විකාශනය වන ‘පිනි‘ කියන්නෙත් ඔවුන්ගේ නවතම නිර්මාණයයි.සුපුරුදු අයුරින්ම ඔවුන්ගේ නිර්මාණ සියල්ලටම පාහේ පෙම් බැඳි සුවහසක් වූ ප්‍රේක්ෂකයන් පිරිසක් ‘පිනි‘ වටාද එක් රොක්වි සිටිනවා.තීක්ෂණ අනුරාධගේ හැඟුම් බර හඬින් ගැයෙන එහි තේමා ගීතයද මේ නිර්මාණයට එක් කරන්නේ අමුතුම ආශ්වාදයක්..

කතාවේ තේමා ගීතය ගැන විමසන්නට අප ‘පිනි‘ පදවැල් ගෙතූ මහේෂ් රත්සර මද්දුම ආරච්චි සම්බන්ධ කරගත්තා..

ඔහු ඒ ගැන කීවේ බොහොම අපූරු අදහසක්...‘පිනි‘ කියන්නෙ කාලෝචිත තේමාවකට අනුව ලියැවුණු ගී නිර්මාණයක් ..අපි දන්නවා යෞවනයේ ආදරයෙන් බැඳෙන බොහෝ පෙම්වතුන් බොහොම ඉක්මනට දැන හඳුනගෙනකෙට් කලක් ඇසුරු කරලා හරි ඉක්මනින් විවාහ වෙනවා..නමුත් කාලයක් ගියාට පසුව තමයි ඔහුන් දෙදෙනාගේ අදහස් උදහස් වල ඇති නොගැළපීම් දැනෙන්නට පටන් ගන්නෙ.ඒත් එවනවිටත් පෙරහැර ගිහින් හමාරයි.විවාහය කියන්නෙ ඉතා ගැඹරු අරුතක් ඇති දෙයක්..සියයට සියයක් ගැළපෙන අය නෑ..අපි ගළපා ගන්නට උත්සාහ කරන්නට ඕන..

කොතරම් නොගැළපීම් තිබුණත් එකිනෙකා වෙනුවෙන් කැප කිරීම් කරමින් එකට එක්ව බොහොම ලස්සනට ජීවිතය පවත්වාගෙන යෑම තමයි සැබෑ විවාහයට අරුත් ගැන්වෙන්නෙ..

ඒ වගේම අපි කවුරුත් අපේක්ෂා කරන්නේ...නමුදු සිදුවන්නේ නොසිතූ නොපැතූ දේවල්..එසේ විවාහවන යුවලකගේ අතීත ජීවිතය නිසා නොගැළපීම් නිසා වර්තමාන පවුල් ජීවිතය දෙදරා යන විඳවන්නට ඇති ජීවිතය විඳවන ආකාරය තමයි ‘පිනි‘ ටෙලි සිත්තම තුළින් ප්‍රේක්ෂකයාට දෙන්නට ඕන වුණේ..

‘මං ආසයි තරු ගනින්න - ඔබට ඕනි පියාඹන්න‘

මේ ගීපද ඉතාම සරලව දෙදෙනෙකුගේ ඇති පරස්පරතාවය ප්‍රේක්ෂක ඔබට වටහා දෙනවා.ඒ නිසා ‘පිනි‘ කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ඔබේ ජීවිතය ගැන ඔබටම ගැඹුරින් දකින්නට ඇරයුම් කරන උසස් නිර්මාණයක්..

pini telidrama theme song ඔස්සේ you tube හරහා ‘පිනි‘ ගීතය අසන්නට අවස්ථාව තියෙනවා..

අදහස්