දයාබර සිබිල් නැන්දා | සිළුමිණ

දයාබර සිබිල් නැන්දා

ළමා ලෝකයේ සුන්දරත්වය සහ අපුරු බව විදහා ලීමට ඇයටම ආවේණික වු චිත්‍රයෙන් සහ අත් අකුරෙන් අපුර්ව ලෝකයක් මවන්නීය. ඒ චිත්‍ර සහ වචන ළමා සිත් තුළ පැළපදියම් වන්නේ ඒ ළමයාගේ ජීවිත කාලය තුළදීමය. 1928 ඔක්තෝබර් මස 31 වැනි දින ගාල්ල ගිංතොට දී උපත ලබන ඇය කුඩා කල තමන් ජීවත් වන ගමේ වටපිටාවට බොහෝ සේ ඇලුම් කරන්නීය. චිත්‍ර ඇදීමේ හා කතා ලිවීමේ යම් හැකියාවකින් හෙබි ඇය එය තව දුර‍ටත් ප්‍රගුණ කරන්නීය. “නව මඟ” සඟරාවට චිත්‍ර අඳිමින් චිත්‍ර කලාවට පිවිසෙමින් ලේක්හවුස්, ටයිම්ස් හා උපාලි පුවත්පත් සමාගමට ඇයගේ 30 වසරක සේවය ලබා දෙන්නීය. ලේඛිකාවක ලෙස ඇගේ ප්‍රථම ග්‍රන්තය “කුඩහොරා” නමින් 1956 දී පළ විය. එතැනින් ඇරඹුණු ඇගේ ළමා නිර්මාණ රැසකි. ඇය සිංහල භාෂාවෙන් පමණක් නොව ඉංග්‍රිසි භාෂාවෙන්ද නිර්මාණ බිහි කළාය. ඒ සියලුම ළමා කෘති 200 කට වැඩිය. ඇයගේ සමහර කෘතී විවිධ රටවල විවිධ භාෂාවන්ට පරිවර්තනය කර ඇත. එපමණක් නොව ඇයගේ පළමු වැනි කෘතිය වන කුඩහොරා ඇතුළු නිර්මාණ කිහිපයක් ම ජපන් භාෂාවට පරිවර්තනය කොට ජපානයේ දී පළ කිරිම වෙනුවෙන් එරටේ ළමා කෘති වෙනුවෙන් පිරිනමන හොඳම සම්මානයද ඇයට හිමි වු අතර දේශීය වශයෙන්ද සම්මාන කිහිපයකටම හිමිකම් කියන්නීය. දැනට ලෝකයේ සිටින තෝරාගත් ළමා චිත්‍ර ශිල්පීන් 60 දෙනා අතර සිටීමද ඇය අප රටට ලබා දුන් ගෞරවයකි. ආදරණීය සිබිල් වෙත්තසිංහයන් ඔක්තෝබර් මස 31 වැනි දින 90 වැනි වියට පා තබන්නීය. ආදරණීය සිබිල් වෙත්තසිංහ මිත්තණියනි ඔබට නිදුක් නිරෝගී චිර ජිවනයක් සහ සුබම සුබ උපන්දිනයක් වේවා

(තොරතුරු අන්තර්ජාලයෙන් හා පුවත්පත්වලිනි.)

අමීරා හමීඩ්
7ශ්‍රේණිය,
‍යසෝදරා විද්‍යාලය,
කොළඹ ‍08.

Comments