බඩේ දැවිල්ලට සිසිලස දෙන දිව බොජුන් | සිළුමිණ

බඩේ දැවිල්ලට සිසිලස දෙන දිව බොජුන්

 ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගැනීමට එදිනෙදා ජීවිතයේ දී භාවිතා කළ හැකි ආහාර කිහිපයක් පිළිබඳව ය.

කෝමාරිකා

 

ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක් වන බඩේ දැවිල්ල සඳහා කෝමාරිකා සුදුසු ඖෂධයක් බව ස්කොට්ලන්තයේ සුප්‍රසිද්ධ පෝෂණ වෛද්‍යවරයෙකු වන ගිලියන් මැකෙත් මහතා ප්‍රකාශ කර ඇත. කෝමාරිකා මඳයෙහි පවතින ජෙල් ස්වභාවය මඟින් උදරයට සිසිලසක් සපයනු ලබයි. ගැස්ට්‍රයිටිස් රෝගය වැළදී ඇති පුද්ගලයෙකු දිනකට 3 වතාවක් ආහාර ගැනීමෙන් පසු කෝමාරිකා ජෙල් මේස හැදි 2-3 ක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. කෝමාරිකා සමඟ මී පැණි මිශ්‍රි කිරීම ද සුදුසු ය. එවිට ප්‍රියතාවයකින් යුක්තව භාවිතයට ගත හැකි ය. මෙමගින් ආමාෂයේ ඇතිවන තුවාල ඉක්මනින් සුව කර ගත හැකි ය.

එමෙන් ම කෝමාරිකා පානය දිනකට තුන් වරක් මිලි ලීටර 20-25 ක් පමණ පානය කිරීම මඟින් ද ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉක්මනින් මඟ හරවා ගත හැක. අවුරුදු පහක කාලයක් පුරා සිදු කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ මඟින් කෝමාරිකා ගැස්ට්‍රයිටිස් රෝගීන්ට ගුණදායක බව නිර්ණය කර තිබේ.

යෝගට්

2014 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද "World Journal of Gastroenterology"මඟින් ගැස්ට්‍රයිටිස් රෝගීන් සඳහා යෝගට් ගුණදායක බව හඳුනා ගෙන ඇත. ‍යෝගට්වල අන්තර්ගත විටමින් D,කැල්සියම්, ප්‍රෝටීන්, පෝටෑසියම් යන පෝෂණ සංඝටක මඟින් උදරයේ ඇතිවන ගෑස් තත්ත්වය වළක්වනු ලබයි.

ගැස්ට්‍රයිටිස් රෝගය හට ගැනීමට ප්‍රධානතම සාධකය වන Helico Bacterpylori නමැති බැක්ටීරියාව විනාශ කිරීම සඳහා යෝගට් වඩාත්ම සුදුසු ආහාරයක් වේ.

ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අධික පීඩා විඳින පුද්ගලයෙකු දිනකට යෝගට් කෝප්ප 2-3 පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට යෝගට් කෝප්ප එකක් ප්‍රමාණවත් වේ.

ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරිවල අන්තර්ගත ඇන්ටිඔක්සයිඩ මඟින් උදරයේ ඇතිවන දැවිල්ල ගතිය මඟ හරවා ගත හැකි ය. ගැස්ට්‍රයිටිස් සඳහා සුදුසු ආහාර පිළිබඳව පරීක්ෂණ රැසක් සිදු කළ සාරා තුලිපානි තම එක් පරීක්ෂණයක් මඟින් ස්ට්‍රෝබෙරි ගුණදායක පළතුරක් බව සොයා ගෙන තිබේ. ස්ට්‍රෝබෙරි යුෂ වශයෙන් පානය කිරීම මඟින් දීර්ඝකාලීනව ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට යම් සහනයක් ලබා ගැනීමට පුළුවන. එසේ යුෂ වශයෙන් පානය කිරීමේදී ඊට යොදන සීනී ප්‍රමාණය පිළිබඳව සැළකිලිමත් විය යුතු ය. ඒ මන් ද යත් අධික සීනී යොදා සකසා ගත් ස්ට්‍රෝබෙරි පානය මඟින් දියවැඩියා තත්ත්වය ඇති විය හැකි ය.තව ද දිනකට ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක් පමණ ආහාරයට ගැනීමෙන් ද ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගැනීමට හැකි බව බටහිර වෛද්‍යවරුන් තම පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ.

කෙසෙල්

විටමින් B,විටමින් C,පොටෑසියම්,ෆයිබර් වැනි සංඝටක අන්තර්ගත වන කෙසෙල් ගැස්ට්‍රයිටිස් රෝගීන් සඳහා වඩාත් ගුණදායක වේ. කෙසෙල්වල අඩංගු පොටෑසියම් සංඝටකය මඟින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය සුව කළ හැකි ය‍.

උදෑසන කාලයේ දී යෝගට් කොප්පයකට කෙසෙල් මිශ්‍රි කර ආහාරයට ගැනීම,පළතුරු සලාදයක් වශයෙන් ගැනීම,හෝ කෙසෙල් වලින් සාදන ලද ආහාර වර්ග භාවිතා කිරීමෙන් ගැස්ට්‍රයිටිස් වැළදී ඇති රෝගියෙකුට ඉක්මන් සුවයක් බලාපොරොත්තු විය හැකි ය.

ඒ වාගේ ම කෙසෙල් සමඟ අලිගැටපේර මිශ්‍රි කර ආහාරයට ගැනීම ,කෙසෙල් කැබලි වශයෙන් ගෙන එයට කුරුඳු කුඩු මිශ්‍රී කර සකසා ගත් මිශ්‍රීණය ආහාරයට ගැනීමට ද පුළුවන.

පිපිඤ්ඤා

ගැස්ට්‍රයිටිස් රෝගය වැළදී ඇති පුද්ගලයින්ට පිපිඤ්ඤා අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ. ඇමරිකානු පෝෂණ වෛද්‍යවරයෙකු වන ජෝන් මැංඩොගල්ස් ‍ප්‍රකාශ කරන්නේ පිපිඤ්ඤාවල අඩංගු ජලීය මෙන් ම සිසිල්කාරක ගුණය මඟින් බඩේ දැවිල්ල සුව කළ හැකි බව ය.

විශේෂයෙන් ම පිපිඤ්ඤා යුෂ පානය කිරීම ද මෙම රෝගීන්ට වඩාත් සුදුසු ය.එහෙත් සෙම් රෝග නිතර වැළදෙන පුද්ගලයින් ගැස්ට්‍රයිටිස් සඳහා පිපිඤ්ඤා යුෂ පානය කිරීමේ දී සැළකිලිමත් විය යුතු ය. පිපිඤ්ඤා යුෂ වැඩි වශයෙන් පානය කිරීම මඟින් සෙම් රෝගය උත්සන්න වීමට පුළුවන.

අන්තර්ජාලයෙනි

Comments