කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

අස­ම්මත ආද­රය

කිරි සිනා­වක කොමල
දව­ටලා සෙනෙ­හෙ­බර අරුම
ගලා ගියේ කුටු­ම්බය ගී මඟක
දැනී නොදැනී වෙන්ව ගිය නුඹ
පතන විට අස­ම්මත පෙමක සුව..

ආද­රය සොයා­ගෙන නුඹ ගිය මානය
නොපෙ­නෙන්න වැසූ­වත් අඟුලු ලා දොර
විවර කළ කවු­ළු­වෙන් ගලා එන පවන
රැගෙන එයි නුඹ මත­කයේ සුවඳ..

අස­ම්මත මඟ හැර­දමා හෙට
එන්ට පුළු­වන් නම් කිරි පබළු වැල වෙත...
දොර පියන් හැර ඉඩක් දෙන්නම්
සිප ගන්න ඇය ආද­රය වෙනු­වෙන්
සබා­වක් මැද

ශිරන්ති ජය­වීර


හිමි­දි­රිය කියූ කවි

මුළු රැය මඟුල් ගෙද­රක් කළ හඳ හාමී
ගොළු වත රකිද්දී රැස් දහරේ නාමී
අලු­යම පැමිණ ඇත සමු­ග­න්නට ආමී
කළු­වර මට කියයි මම සෙනෙ­හස පාමී

රිදී­ දණ්ඩි පැට­වුන් පිරි දොළ පාරේ
හැදී කපුටු ඇහි පෑ දෙගො­ඩට බේරේ
බිඳී ඉහිර යන කොට පෙණ පිඬු දෝරේ
රැඳී හිඳි ඉවුරේ මීවන තීරේ

දොර වැහැ­වාට නුඹ ඊයේ හැන්දෑවේ
තර­හක් නොග­න්නයි මඳ­හස පෙන්වූවේ
ඉර පායද්දි නොහි­තිණි යන්නම් කීවේ
හුර­තලෙ බල­න්නයි අලු­යම මම ආවේ

කව­දත් දෙවැට ඉහ පිපි මල් පොකුරු දිගේ
සුව­ඳයි හමා එන්නේ හද­ව­තට මගේ
නව­තිමි එතන සැන­සෙමි මොහො­ත­කට වගේ
සුව­දා­යක නිවන මෙහි­දැයි විටෙක හැඟේ

මට ඉනු නොහැක දිව­යුරු කඳු හිස පූදී
වැට­හෙයි මගෙ සිහිල් සළු යනු ඇත සේදී
හෙට එමි යළිත් කළු­වර දිය කර පෑදී
පිට වෙමි ඉතින් හමු වෙමි එන අරු­ණේදී

ජය­සිරි රුවන් පති­රණ
 


ගුරු­තු­මනි

රටක මුල් පුටුව හිමි වේ රජුට
සිප් හල මුල් පුටුව හිමි වේ ගුරුට
නැණ ගුණ වඩා රජු බිහි­කෙ­රු­වෙන් රටට
ගුරු­තුම ඔබයි උරු­මයි රජ කිරුළ හෙට

විනි­විද දැකිය හැකි සිසු­නගෙ හද පතුල
ඔබ කැට­ප­තකි දුර දක්නා­වෙක ඇතුළ
බලලා ඒ නෙතින් සිසු­නගෙ මන ඇතුළ
දෙන ඔව­දන් නිදන් වේ උන් මනස තුළ

ඔබගේ පිහිට පතලා පාස­ලට එන
දඹ­රන් වේය දරු­වන් ලොව දි‍ෙලන
ඒ දඹ රනින් වටිනා අභ­රණ තනන
රන් කරු ඔබයි ගුරු­තුම මුළු ලොව දිලෙන

සුදත් විජේ­සු­න්දර
ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය


යැදුම

හොවා ගතිමි මා කොපුල ඈ වත මත
තව­මත් උණු­සුම්ව සිටි­යාය ඈ
ඉදින් මම යැද්දෙමි..
ඔබ­ගෙන් අර්ධ­යක් පම­ණ­වත්
යහ­පත් වන්නට කාරු­ණික වන්නට
මඟ සැල­සුව මැනවී
ඔබ කළ අයු­රින්ම
පිරි­පුන් ලෙසින් ස්වාර්ථ­කාමී නොවී
ආද­රය කර­න්නට ඉඩ දෙනු මැනවි,
වැර­දීම් ඉව­සු­මෙන් දරා ගනි­මින්
සින­හ­සෙ­න්නට සැල­සුව මැනවි
ඔබේ මුළු දිවි­මඟ පුරා
දිරි­යෙන් තුටින් කළ පරි­ද්දෙන්..
දැඩි සෙයින් වැර වඩමි අම්මේ
ඔබ සම වීමට
පිදිය හැකි උතුම්ම බුහු­මන
එයම බැවිනි,
ඔබ වැනි අසි­රි­මත් අය­කුට

අයි­ලින් සිරි­ව­ර්ධන විසින් ලියන ලද “prayer” කාව්‍ය යේ පරි­ව­ර්ත­න­යකි දේ.වි ගාල්ලගේ


ප්‍රාර්ථනා

සඳ රැස් විසි­රුණු අහස් ගැබේ
පුංචිම තරු­වක් වී
වරෙක දිලෙ­න්නට
යළි සැඟ­වෙ­න්නට
මට හැකි නම්...

හමනා සීතල මඳ පවනේ
කඩු­පුල් සුව­ඳක් වී
තැවෙන සිතක සිහි­ල­සින් රැඳෙ­න්නට
මට හැකි නම්..

උදා­වන්න පෙර අරු­ණලු කැන්
මුතු පිනි බිඳු­වක් වී
ඔබ මුදු පා යට පල­සක් වන්නට
මට හැකි නම්


මැණික් චන්ද්‍ර­මාලි වික්‍ර­ම­සේ­කර


දිග පළල

මඳ නල කොත­රම්
සොඳු­රු­දැයි දැනුණේ
චණ්ඩ මාරු­තය
හමා ගිය පසු­වය


තුසිත රණ­සිංහ


ඇය

ජීවිත මල් ගොමුවේ පිපි
මගෙ ජීවි­තය සුවඳ කළ
එකම එක සුදු මල


මන­හර මහින්ද බෙලි­ගල


අස­ම්මත හිමිගේ  සමු­ගැන්ම

මිදී මැද පිළි­වෙ­තින්
යෙදී දුෂ්කර චාරි­කා­වක
ඇදී ගොස් ජීවිතේ පතු­ලට
සිඳී යයි සමි­ඳුගේ ජීවය..

ඈව­රයි දෑව­රයි කිය­මින්
පන්සලේ කවි කියන විට මම්
නුඹේ කවි මල් පිපුණි මඟ දිග
ගමේ ගස් ගල් දනී ඒ වග...

පවන අරන් එන මඟ සිරි­පද සුවඳ
නිවන සොයන් වැඩි යති­වර නුඹ නොවෙද
ගුවන විසල් රැව් නැඟු­ණිය කළ පබඳ
සවන අගුල් වැටුණා මෙනි හිමි කොහිද

සහෝ­දර තෙපුල් තම කවි පොතෙහි ලියා
මහෝ­ග­යක් සේ ගම්දොර රැඳුණු නියා
බොහෝ සුවඳ පතුරා සිහි­ව­ටන තියා
අහෝ සොඳුරු වන­පස මල පරව ගියා


විජ­ය­රත්න හපු­ආ­රච්චි


කඳුළු සට­හන

ඔබ එවු
අව­සාන හසුනේ
දරු­ණුම වචන ටික
බොඳ කළා
මා ඇසෙන් වට
කඳු­ළක්

අමි­හිරි
සිහි­ව­ට­න­යක්
කුමට ද

හිතුණත් ආපසු එව­න්නට
ආයෙ­මත් හිතුණා
නොඑව ඉන්නට

ගිලි­හුණු කඳුළ වුව
ඔබට නොව
අගින්නේ
මට නිසා


එන්. ඩබ්ලිව්. පී ලාල්


ආයා­ච­නය

කැඩ­ප­තින් දුටු මුහුණ
හිතා­ග­න්නට බැහැ ඒ මගේ­මද
දෑස රතු වෙලා ඉදි­මිලා
තඩි ගැහුණු කම්මුල
වේද­නා­වෙන් ඉකි­බිඳී හද­වත..

මං මුළා වු සුපෙම් සිතු­විලි
එක් තැන් කර­න්නට නොහැ­කිව
වැල­පෙ­මින් සිටිය දී
ඔහු සිටී විය­රු­වෙන් කෑ ගසා
මා දමා සිර­කොට
සිනාසේ දෙලො­ව­ටම ඇසෙ­න්නට..

පතා ආ කුල ගෙදර
දෙව් බඹුන් චුතව ගොස්
යන්න හිතු­වට ඉබා ගාතේ
ඇති­වෙ­යිද සැන­සු­මක් මට..

සඳට මුමු­න­මින් සිටි ඈ
තරු­ව­ලට කියන්නේ
'පාර පෙන්වන්න මට
මව වෙත දිව යන්නට'


කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


කඳුළු කතා­වක්

සිඟිති පුතෙක් කර­පින්නා
බස­යෙන් බස­යට ගොඩවී
ගිලුණු නෙතින් පව­ස­නවා
කඳුළු කතා­වක්..

සිදා­දියේ අවන් හලක
ඉදුල් පිඟන් දෙස බල­මින්
පෑළ දොරින් එබී බලන
කෙසඟ පොඩි පුතෙක්..

බස් නැව­තුම සෙවණ සදා
ඇති එක සුදු ගවුම ඇඳන්
පහන් කණුවෙ මඳ එළි­යෙන්
අකුරු කරයි පුංචි දුවක්

රත්න­පාල වික්‍ර­ම­සිංහ


සමු­ග­නිමි සෙනෙ­හ­සින්

සමු­ග­නිමි මම ඔබෙන්
පිවි­සෙන්න මගෙ ලොවට
ගිලන් වී ඇත මෙමා..

ඔබේ විදි­මත් කමින්
ඉගිළ යමි ඈත­ටම
ඉගිළ යමි කඩි­න­මින්
ලිහි­ණී­යකු විලා­සෙන්
ඔබේ තුරු­ලට එන්න..

දයා­බර මිහි­ලිය
ලැබ ගන්න ඔබෙ පහස
සැන­සෙන්න ඔබෙ උකු‍ෙළ
අප­රි­මිත සෙනෙ­හ­සින්


ඒ. කේ. ඩබ්ලිව් පෙරේරා


සුවඳ මල

පොඩි දුවේ
දෑස විදහා
අර බලා­පන්
පොලී­තින් කන්ද..

මදුරු කීට­යන්
පීන පීනා නටන
පල් වූ වතුර කඩිති
කුණු පිරුණු ලන්ද...

කළු පාට වාහන දුම්
බෝල එක­පිට එක
රඟ­මින් වසා ගෙන
දුක්බර නිල් අහස..

නාසය වසා­ගෙන
අඩි ඉක්මන් කර වරෙන්
‍පාළු කඩ විදීවල
මත් බඹර රළ

ප්ලාස්ටික් මල් යාය මැද
හංගා­ගත් මගෙ සුවඳ මල
සම­නල පැටි­යෙ­කුට
නෙළා දෙමි විග­හට


රුව­න්මලී දීපිකා


කළ­ගුණ සැල­කුම

කෙත් වතු වවා මේ ලක සරු­සාර කළ
ගත සිත දෙකම සවි­මත් කොට දිගා කළ
මතු පර­පු­රට නැණ ගුණ දම් මුදා හළ
අපි හිස නමමු එම වැඩි­හිටි දෙපා මුල


පිය­සේන පති­රාජ


නුඹ

වික­සිත වන්නට පෙරම
මිලින කර­න්නට
බලා සිටින ලොවක
සැබ­වින්ම නුඹේ ඉදිරි පිය­වර
බිය­ක­රුය..

මේ විෂම ලොව තුළ
හැකිවේ ද නුඹට නිද­හසේ
ඇවිද යන්නට
නිද­හසේ..

වෙහෙස විය යුතුව ඇත
අප අද දවසේ
නුඹට..,

නිද­හසේ ඇවිද යන්නට
නිද­හසේ සිනා­සෙ­න්නට
මඟක් සඳ­න්නට


අනුෂ්කා දිල්රුක්ෂි



නෙත සිත

රාත්‍රිය සුන්ද­රය
මන­රම්ය චම­ත්කා­රය
පෙනේ නෙතට
රාත්‍රිය අඳු­රුය

මූස­ලය දිගය
දැනේ නිදි නොඑනා
ඇසට නොව සිතට

ජයන්තා රුක්මණි සිරි­ව­ර්ධන
(‘සම­නල මර­ණය’ කාව්‍ය සංග්‍රහයෙනි)


 ?

ජීවි­තය නෙක වර්ණ පෑ
කවි­යක්ම වීය අපගේ
සොඳුරු ළමා විය
අද කිමද මේ
අප­හැ­දිලි අඳු­රක්ව
පරි­ණත වී ඇති
ලොවට පෙනෙන

ලතා ගුරු­සිංහ


බාධ­කය මඟ හැර

මුලු විශ්ව­යම ඝෝෂා­වකි
මගෙ හුදෙක­ලාව අතර මැද
ඒ අත­රට කුමට ඔබෙ රුව
මඟ­හැර යන්නට
බැහැ ඔබෙ දෙනෙත

විශ්වය තුළ තනි තිතක්ව
පාව යමි හැම විටම
ඒ හු‍ෙද­ක­ලාව මට සැපය
ඒ අත­රට මේ ඔබේ රුව ඇයි ද

විශ්වයේ අන­න්තය
සොය­න්නට දරමි වෙහෙස
ඒ අත­රට ඔබෙ දෙනෙත
බාධ­ක­යක් වී මගේ ගම­නට

සර­දම් එපා හැම විටම
පියඹා යන්න වහා
රැගෙන ඔබේ මත­කය

පාව යන්නෙමි එවිට
විශ්වය පුරා තනි තිතක්ව
සොයා ගන්න විශ්වයේ
අන­න්තය තිබෙන තැන


එම්. කේ. හේරත්


පන්සල් සේල්

බෝප­ත්වල
සිලි සිලි හඬ පරදා
පිං පෙට්ටියෙ
සිලි සිලි හඬ මට ඇහුණා

තැන්නේ ඤාණා­නන්ද හිමි


සඳ සාවි
රාත්‍රි­යට නුඹ යන තැන
සඳ ආවාට
නුඹ පසු­පස සඳ එන බව,
සිත සිතු­වාට
සඳ කෙදි­න­ක­වත් පසු­පස
නුඹ නොගි­යාට
රන් තැටි­යකි පුන්සඳ
එහි සිටි හාවාට


ඩිලු­ක්ෂන් පුෂ්ප­රාජ්


මතක සැම­රුම්


පී. බී. අල්විස් පෙරේරා කවියා මහ­ජන එක්සත් පෙර­මුණ පක්ෂ­යෙන් දඹ­දෙ­ණිය ආස­න­යට තරග වැදුණේය. ඔහු‍ගේ ප්‍රති­වා­දියා වූයේ ආර්. ඩී. සේනා­නා­ය­ක­යන්ය. මේ සිද්ධිය අලළා ප්‍රකට නිවේ­ද­ක­යකු ගීත රච­ක­යකු මෙන්ම කවි­යකු වූ කරු­ණා­රත්න අබේ­සේ­කර සූරීන් මේ කවි පෙළ පී.බී. අල්විස් පෙරේරා කවියා වෙත ලියා යවා ඇත්තේය. ඒ 1960 වස­රේ­දීය. මෙි කවි පෙළ අපට හමු­වුයේ පී.බී. අල්විස් පෙරේරා කිවි­ඳුන්ගේ දිය­ණිය චිත්‍රා අයි. පෙරේරා මහ­ත්මිය සුර­කින සිය පියාගේ ලිපි ලේඛන සහිත මතක සට­හන් ඇතු­ළත් ලිපි ගොනු­ව­කිනි.

පී බී
සැළ­ලි­හි­ණි­යකු වැනි කිවි­ඳුනි සහෝ­දර
මේ කවි ලී‍ෙව ගති හින්දයි හිතා­දර
උව­මක් කියමි දුර හැර හිත අනා­දර
සට­නක් වගෙයි චූූලෝ­දර මහෝ­දර

පිළි­ග­න්නට එපා හිත­වත් අයගෙ බැනුම්
සොහො­යුරු කිවිඳ ඔබ පිළි­බඳ කුමන වැනුම්
රට දන්නවා ඔබගේ රඟ මනින මිනුම්
අත ළඟ පෙනේ ඔබගේ රන් කණුව දිනුම්

දාහක් වුණත් දෑතට ගෙන තනි තනිය
බිම පෙර­ළන්න හැකි ඔබ බන්දු­ලය
අඩ පණ කොට දමා නැග එන බළ ඇණිය
ඔබ ජය වී වපු­ර­වන කෙත දඹ­දණෙිය

කවි­යට හිත යොදා සරු­වට වැඩුණු ‍ ‍ෙමාළේ
කළු ගල් කඩන කුළු ගෙඩි­යකි ඉහළ පෙළේ
ඔබ ඉදි­රි­යට ගිය කළ ඇතු­ග­ලද සැලේ
සොහො­යුර පෙන්වනු මැන කවි­යෙ­කු‍ෙග බලේ

අපගේ කලා ලොව ගන­ඳුර මකා­පන්
සිංහල සිරිත විරි­තට පණ පොවා­පන්
රෙද්දයි බැනි­ය­මයි පෙර­මුණ තියා­පන්
මැති සබ­යෙ­හිද හිටි­වන කවි කියා­පන්

දිනු­වොත් හේම අංගං­ගල අපගෙ ඇතු
පැන­යක් පැන නඟී විස­ඳන පිණිස මතු
පාර­ලි­මේ­න්තුව තුළ ඔය බරට නතු
පුටු­වක් අමු­තු­වෙන් මිනි­හට හැදිය යුතු

මොනවා කවි­යෙ­කුට ඔය වැඩ බැරි මන්ද
මිනි­සුන් දඹ­දෙ­ණියෙ බීරිද නැහැ අන්ද
මහ­ජන උද­ව්වෙන් ජය­ගනු පුළු­වන්ද
කොළ­ඹින් කී දහක් ඕන ද හොර ඡන්ද


කරු­ණා­රත්න අබේ­සේ­කර
 

දයා­බර කවි කිවි­ඳි­යනි, අපේ පැරණි කවි­යන් පිළි­බඳ මෙවැනි සොඳුරු මත­ක­යන් ඔබ සතුව ඇත්නම් ඒවා අපට එවන්න.


ඉසවි
කවි කල්පනා, සත්ම­ඬල,
සිළු­මිණ කර්තෘ මණ්ඩ­ලය,
ලේක්හ­වුස්, ‍කොළඹ 10. 

Comments