ඌවේ පවුල් 110000කට පානීය ජලය | Page 2 | සිළුමිණ

ඌවේ පවුල් 110000කට පානීය ජලය

 ඌවේ ලොකුම පානීය ජල ව්‍යාපෘතිය වන බදුල්ල - හාලිඇල දෙමෝදර ඒකාබද්ධ පානීය ජල යෝජනා ක්‍රමය මඟින් බදුල්ල හාලිඇල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල පවුල් 110,000කට සෙත සලසන බව ජලසම්පාදන හා ජලාපවහන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි. ‍‍

මේ ව්‍යාපෘතිය පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත්විය. රුපියල් කෝටි 1180ක වියදමින් ඉදිකළ මේ ජල ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි වසම් 42 ක ජනතාවට සෙත සැලසෙන බවද ඇමැතිවරයා පවසයි. දිනකට ජලය ඝන මීටර් 15000ක් පිරිසුදු කරන පිරිපහදු මධ්‍යස්ථානයක් හා විශාල ජල ටැංකි 8 ක් සමන්විත මේ ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා දෙන්නේ බදුලු ඔය හරස්කර දෙමෝදර ඉදිකළ මීටර් 17ක උසින් යුත් කොන්ක්‍රීට් වේල්ලක් සහිත ජලාශයක් මඟිනි.

ජලය බදුල්ල හාලිඇල හා දෙමෝදර ප්‍රදේශවල බෙදා හැරීම පිණිස කිලෝමීටර් 46 දිග වානේ නළ මාර්ග ද තවත් කිලෝ මීටර් 111ක් දිග තවත් නළ මාර්ගයක් ද ඉදි කර තිබේ.

මේ ජල ව්‍යාපෘතිය මඟින් පොදුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විඳි පානීය ජල ගැටලුවට දිගුකාලීන විසඳුම් ලැබෙනු ඇතැයි ද ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි. 

Comments