නව මැතිවරණ ක්‍රමයට එරෙහි තර්ක පරාජිත දේශපාලන න්‍යාය පත්‍රයට උඩගෙඩි දීමක් | සිළුමිණ

නව මැතිවරණ ක්‍රමයට එරෙහි තර්ක පරාජිත දේශපාලන න්‍යාය පත්‍රයට උඩගෙඩි දීමක්

 පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කළා. සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනය හා සම්බන්ධ වගන්ති වෙනුවට වෙනත් කරුණු ආදේශ කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව දන්වා එම පෙත්සම ගොනු කර තිබෙනවා. එම නිසා පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පැවැති මැතිවරණ පනත යටතේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියම කරන ලෙසද හිටපු අගවිනිසුරුවරයා ඉල්ලා තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී පළාත් සභා මැතිවරණ පවත්වා නැතැයිද මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී මැතිවරණ පැවැත්වීමට අපොහොසත් වීමෙන් ජනතාවගේ සර්ව ජන ඡන්ද බල අයිතිය උල්ලංඝනය වී ඇතැයිද සරත් සිල්වා මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධව අදහස් දක්වා සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මෙහෙයුම් කමිටුවේ සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසන්නේ සබරගමුව, උතුරු මැද හා නැඟෙනහිර පළාත් සභා මේ වන විට විසුරුවා හැර ඇති බවත් 20වන සංශෝධනයට අදාළ නඩු තීන්දුව හා සම්බන්ධ කටයුතු නිසාත් එකම දිනයක පළාත් සභා ඡන්දය පැවැත්වීමට කාලයක් ගත වන බවත්ය. මේ වන විට පළාත් සභා සීමා නිර්ණයන් සිදු කිරීමට බාර දී ඇති බවත් සියලු පළාත් සභාවන්හි ඡන්දය එකම දිනයක පැවැත්වීමට නම් අදාළ කටයුතු සිදු කර අවසන් කළ යුතු බවත් ඒ මහතා පවසනවා.

පළාත් සභා 3ක පමණක් මේ වන විට ධුර කාලය අවසන් වී ඇති අතර එම පළාත් සභාවන්හි මැතිවරණ පවත්වන්නේ නම් පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු වනවා. හිටපු අගවිනිසුරුවරයා පවසන පරිදි එම පළාත් සභා තුනේ මැතිවරණය පවත්වා පසුව නව ක්‍රමය යටතේ ඉතිරි පළාත් සභා 6 මැතිවරණය පසුව සිදු කළ යුතුයි. නව ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්විමට කටයුතු සිදු කරන්නේ මහජන සුබසිද්ධිය තකා මෙන්ම සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සහිතවයි‍. කොට්ඨාස ක්‍රමය මෙන්ම සමානුපාතික ක්‍රමය අතර ක්‍රමයක් ලෙසින් සභිකයන් තෝරා පත් කර ගැනීමේදී මනාප පොරයට නොයා ජනතා තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමයි එමගින් සිදුවන්නෙ.

එහෙත් සරත් එන්. සිල්වා මහතා ‍ප්‍රකාශ කරන්නේ තමන් මහජන සුබසිද්ධිය පිණිස මේ නඩුව ගොනු කරන බවයි. මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මඟින් ඉදිරිපත් කරන ලද, මෙහෙයුම් කමිටුවක් මඟින් සකස් කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සියලු දෙනාගේම අදහස් යෝජනා සහිතව ඉදිරිපත් කරන ලද මේ පනත හරහා මහජන සුබසිද්ධිය සිදු වනවානම් ඊට එරෙහිව එන චෝදනා මහජන සුබ සිද්ධිය පිණිස හේතු වන්නේ කෙසේද යන්න ගැටලුවක් බවට පත් වනවා.

කාන්තා නියෝජනය 25%ක් දක්වා අනිවාර්ය කෙරෙන යෝජනා සහිතව මහජන සුබ සිද්ධිය පිණිස ඉදිරිපත් කරන ලස මේ පනත හරහා සැබෑ ජනතා නියෝජනයක් සිදු වනවා. එය පැහැදිලිවම දැක දැකත් සරත් එන්. ද සිල්වා මේ සිදු කරනු ලබන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක ‍‍ කොටසක් බවයි පෙනී යන්නේ. දේශපාලනයක නිරත නොවන බව‍ට පෙන්නුම් කළත් ඔහුගේ කාර්යයන් අනුව පෙන්නුම් වන්නේ ඔහු විසින් දේශපාලනයක් වක්‍රකාරයෙන් සිදු කරනු ලබන බවයි.

විශේෂයෙන්ම 2015 ජනවාරි මස 8 වැනිදායින් පසුව බලයෙන් පරාජයට පත් වු බල‍ලෝභී කිහිප දෙනකු වටා එක් රොක් වී ඔවුන් යළි කරළියට ගෙන ඒමේ ක්‍රියාදාමයක් හිටපු අගවිනිසුරුවරයා විසින් අරඹා ඇත්දැයි සිතෙනවා.

20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පසුගියදා පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භයේදීම දන්වා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් මෙලෙස ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවත් මේ වන විට පසක්ව තිබෙනවා. එසේ අධිකරණමය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු කරනු ලැබීම නීතියට මෙන්ම මහජන මතයට ගරු කිරීමක් මෙන්ම මහජන සුබසාධනයට කටයුතු කිරීමක්.

එහෙත් හිටපු අගවිනිසුරුවරයා ‍පවසන්නේ මැතිවරණය පැරැණි ක්‍රමයටම පවත්වා යළිත් මනාප පොරය ඇති කරමින් ජනතාව ගහ මරා ගන්නා සංස්කෘතියක් ඇති කිරීම මහජන සුබ සිද්ධියක් බවයි. ඒ අනුව විසුරුවා ඇති සබරගමුව, උතුරු මැද හා නැඟෙනහිර පළාත් සභාවන්හි මිශ්‍ර ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට නම් තවත් වසර 5ක් බලා සිටිය යුතු වනවා. එය මහජන සුබ සිද්ධියට හේතු වන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සියලු දේශපාලන පක්ෂවල සාමාජිකයන් 26 දෙනකු සිටියා‍. අවස්ථා 73කදි රැස් වුණා. එයම පැහැදිලි මහජන මතය ඉස්මතු කිරීමක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ලක්ෂණයක් බව කිව යුතු වනවා.

මේ වන විට විසුරුවා හැර ඇති පළාත් සභාවන්ගේ බලය ආණ්ඩුකාරවරුන්ට පවරා තිබෙනවා. එම නිසා පරිපාලනයේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් යම් අර්බුදයක් ඇති කර රජය අපහසුතාවට පත් කිරීම හෝ බලය ගිලිහුණු පිරිස් බලයට ගෙන ඒම හිටපු අගවිනිසුරුවරයාගේ අභිමතය වි ඇති බවයි පෙනී යන්නේ. එය මහජන සුබසිද්ධිය තකා කරනු ලබන්නක්ද යන්න මහජනතාව සිතා බැලිය යුතු වනවා.

සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.